'Sometimes life has a cruel sense of humour, giving you the thing you always wanted at the worst possible moment.'- Lisa Kleypas

November 30, 2022

පූජාව

Translation of the poem 'The Offering' by Laura Davies Foley

විල් තෙර ඇති වනය
ශිශිරයේ අඳුරට
සූදානම් වෙමිනි

රැහැයියන්, මීවන, වගුරෙහි තණ ගස්
මින් යමක් මියෙන්නට තිබුණා නම්
මේ වෙද්දී යන්නට ගොසිනි

පිටියෙහි පුළුල් ඉඩ
පසෙන් පමණක් වැසී ඇත

ඒත් මේ බලන්න,
තනි ඕක් පතක්
හම් පසුම්බියක් ලෙසින්
දුඹුරු පැහැයෙන් දිදුලමින්

මාවත මැද, උඩුකුරුව හිඳ
එය ඉසියුම්ව දෙන දේ බලන්න
එහි විවර අත්ල මත
ගැඹුරු, නොනිමි අහස් බඳුනක්

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
දිනමිණ වසත් සුළඟ 30.11.2022 

Digital painting with oil brush tools




1 comment: