January 17, 2022

Three things to be happy about


I came across this note a few days ago

“Each night, try to think of three new things you’re happy about.

The word ‘new’ is important. If you let yourself repeat items, you might default to some variation of ‘family, friends, and health’ every day.

But if you have to come up with three novel, specific reasons to be happy or grateful, your brain will naturally start making mental notes of things you can include in your list throughout the day."

- Natalie Sudman

What a simple way to count blessings in life. Pause, and look around. If you start finding happiness, happiness will start finding you!
💜



January 11, 2022

The Little Tree


අලුත් ගෙදරට ඇවිත් අස් පස් කරද්දී පොත් අහුරපු පෙට්ටි ඇතුළේ පරණ මතක සටහන් හම්බවෙනවා. ඒ වෙලාවට අස් කරන එක පැත්තක දාලා ඒ මතක එක්ක මම අවුරුදු ගානක් ආපස්සට යනවා. මේක තෙවී පුංචිම කාලේ ලීව පොතක්. ලිව්වා කිව්වාට ඒ පුතා ඉස්කෝලේ යන්නවත්, අකුරු ලියන්න ඉගෙන ගන්නවත් කලින්. ඒ නිසා මේක එයා චිත්‍ර ඇඳලා, කතාව මට කියලා, මම ලව්වා ඒ කතාව ලියවපු පොතක් කියන එක තමයි ඒකට හරිම නිර්වචනය. ඒ කාලේ එයාට ඔහොම පොත් ලියන පිස්සුවක් තිබුණා කියලා මට මතක් වුණේ මේක දැක්කාමයි. මේ පොතේ පිටු හතරයි. එයාටම හිතුන පුංචිම පුංචි කතාවක්. 2012 දී පුතාට අවුරුදු පහයි. :) 





January 06, 2022

කාලය


Translation of the poem 'Time does not bring Relief ' by Edna St. Vincent Millay

ගෙවීයද්දී කාලය
ලැබේ යැයි සිත සැනසුම
මුසාවකි ඒ ඔවදන

ඇදහැලෙන මෝසම මැද
ඔහු නැතිව වැළපේ සිත
උදම් රළ වියැකෙන විට
ඔහු යදී උමතු ව ගත

පැරණි හිම කැටි දියවේ
බෑවුමක, දුර කඳු මත
ගෙවුණු සෘතුවක තුරු පත්
දැවී අළු වෙයි මඟතොට
එහෙත් තවමත් බරැතිව
නොමැකී හදේ පෙර ලෙස
ගෙවුණු වසරක ප්‍රේමය

සිය දහස් තැන් ඇත තව
ඔහුගේ මතකය උතුරන
යනු බැරිව පය පැකිලෙන

ඔහු නොගිය යම් තැනකට
මහත් සතුටින් එළඹෙමි
“ඔහු ගැන මතක නැත මෙහි!”
සිත සහනයෙන් මුමුණමි
එහෙත් සසැලී නවතිමි
පැරදුණු සිතින් ලතවෙමි
අමතක කරනු රිසියෙන්
ඔහු ගැන සිතා ඇත යළි

කිසිදා නොසිටි තැනකට
සිතුවිල්ලක් ව ඔහු ආ හැටි!

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 
දිනමිණ වසත් සුළඟ- 05.01.2022

Photo- Unsplash




January 04, 2022

Undoing

 


"this
will take time.
undoing you from my blood”
― Nayyirah Waheed, Salt
 
උරහිසක තැවරුණු
උණු කඳුළු බිඳුවක තෙත
ගැඹුරු නිදි පතුලේ වුව
ඇදුම් දෙන දින තව ඇත
 
ලේ නහර මැද දුවමින්
නුඹේ මතක ඇවිලෙන සඳ
කල්පයක් ගතවුණු බව
අදහනු නොහැකි දින ඇත

ඉතින්
නුඹෙන් මා නික්මෙන්නට
තවත් කල් ගතවෙනු ඇත

-line drawing by hand


January 01, 2022

ඝාන්ඨාරය සහ සලබයා - ලන්ඩන් කවි, ජනවාරි 2022


Translation of the poem ‘Japan’ by Billy Collins
අද මා කාලය ගත කරන්නේ
ප්රිායතම හයිකුවක
වචන කිහිපය
නැවත නැවතත් කියවමිනි
 
එය සර්ව සම්පූර්ණ කුඩා මිදි ඵලයක්
යළි යළිත් රස බැලීමක් වැනි ය

හයිකුව මුමුණමින් මම ගේ පුරා ඇවිදිමි
සෑම කුටියකම හිස් අවකාශය වෙත
එහි අකුරු ඉහිරේ

පියානෝවේ විසල් නිහඬ බව
ළඟ හිඳ හයිකුව කියමි
සයුරක සිතුවමක් ඉදිරිපස හිඳ කියමි
හිස් රාක්කයක් මත
ඇඟිලි තුඩින් එහි තාලය අල්ලමි

එය කියන මගේම හඬට මම සවන් දෙමි
සවන් නොදීම මුමුණමි
නොකියා ම සවන් දෙමි

බල්ලා හිස ඔසවා මා දෙස බැලූ විට
ගෙබිම දණ ගසා
උගේ දිගු සුදු කන් දෙක වෙත
වෙන වෙනම එය කොඳුරමි

මේ
බරැති ඝාන්ඨාරය ත්
ඒ මත නිදා සිටි සලබයා ත්
ගැන කවියයි

එය කියන සෑම මොහොතක ම
දැනේ මට
යකඩ ඝාන්ඨාරය මතුපිට
සලබයා ගේ ඉහිලිය නොහැකි බර

හයිකුව කවුළුව වෙත මුමුණන විට
ඝාන්ඨාරය ලෝකය යි
මා ඒ මත ඉසිඹුලන සලබයා යි

කැඩපත වෙත කියද්දී එය
මා බරැති ඝාන්ඨාරය යි
දුහුල් තටු ඇති සලබයා ජීවිතය යි

පසුව,
අඳුරේ මා එය ඔබට පවසද්දී
ඝාන්ඨාරය ඔබ යි
එහි හඬ උපදවා ඔබ රැව් නංවන්නේ මා යි
පද පෙළින් ඉගිල ගිය සලබයා
අසව්වක් සේ
නිදි ඇඳට ඉහළින් පියාසලයි

පර්වර්තනය- හෙල්මලී ගුණතිලක
ලන්ඩන් කවි- ජනවාරි 2022 කලාපය.