February 24, 2016

give us dreams


Not being overly devoted to one religion makes it easier for me to accept the beauty of any. Needless to say Leunig adds a touch of wisdom and wit to anything. Even a prayer.

Thanks Leunig, Needed this on a Wednesday afternoon.

from -Leunig.com.au





February 14, 2016

Time doesn't bring relief | Edna St. Vincent Millay

ගෙවීයද්දී කාලය
ලැබේ යැයි සිත සැනසුම
මුසාවකි ඒ ඔවදන

ඇදහැලෙන මෝසම මැද...
ඔහු නැතිව වැළපේ සිත
උදම් රළ වියැකෙන විට
ඔහු යදී උමතු ව ගත


පැරණි හිම කැටි දියවේ
බෑවුමක, දුර කඳු මත
ගෙවුණු සෘතුවක තුරු පත්
දැවී අළු වෙයි මඟතොට
එහෙත් තවමත් බරැතිව
නොමැකී හදේ පෙර ලෙස
ගෙවුණු වසරක ප්‍රේමය

සිය දහස් තැන් ඇත තව
ඔහුගේ මතකය උතුරන
යනු බැරිව පය පැකිලෙන

ඔහු නොගිය යම් තැනකට
මහත් සතුටින් එළඹෙමි
“ඔහු ගැන මතක නැත මෙහි!”
සිත සහනයෙන් මුමුණමි
එහෙත් සසැලී නවතිමි
පැරදුණු සිතින් ලතවෙමි
අමතක කරනු රිසියෙන්
ඔහු ගැන සිතා ඇත යළි

කිසිදා නොසිටි තැනකට
සිතුවිල්ලක් ව ඔහු ආ හැටි!

-Edna St. Vincent Millay.
................................................................

Time does not bring relief; you all have lied
Who told me time would ease me of my pain!
I miss him in the weeping of the rain;
I want him at the shrinking of the tide;
The old snows melt from every mountain-side,
And last year’s leaves are smoke in every lane;
But last year’s bitter loving must remain
Heaped on my heart, and my old thoughts abide!
There are a hundred places where I fear
To go,—so with his memory they brim!
And entering with relief some quiet place
Where never fell his foot or shone his face
I say, “There is no memory of him here!”
And so stand stricken, so remembering him!

-Edna St. Vincent Millay.

February 08, 2016

පුංචි අත්හැරීම්



මට පහුගිය සතියේ අවස්ථා දෙකකදී මිතුරියන් දෙන්නෙක් මුණ ගැහුණා. දෙන්නාම පළවෙනි වතාවට තමන්ගේ දරුවන් දිවා සුරැකුම් වල තියලා වැඩට ආව අය. එක පුතෙකුගේ වයස අවුරුදු තුනක්. අනෙක් දූට මාස දහයක්.

"පළවෙනි දවසේ ඇඬුවා ද?" මම දෙන්නාගෙන්ම ඇසුවා.

"සෙල්ලම් කාර් එකක් දැකලා පුතා දුවලා ගියා. ඇඬුවේ නැහැ!" එක මිතුරියක් කිව්වා. 

"කෙල්ල මගේ බෙල්ල බදාගෙන ඇඬුවා" අනෙත් මිතුරිය කිව්වා.


"මම ඇහුවේ ඔයා ඇඬුවා ද කියලා" මම හිනාවෙලා ඇහුවා.

මිතුරියෝ දෙන්නාම මොහොතකට ගල් ගැහුණා. ඊටපස්සේ දෙන්නම 'ඔව්' කියලා ඔලුව වැනුවා.

උපදින්න කළින් මාස ගානක් ඉඳලාම, ඉපදුන දවසේ ඉඳලාම ළඟම හිටිය පුංචි ජීවිතයක් වෙන කෙනෙකුගේ අතට දීලා පුංචි කාලෙකට හරි ඉවතට යන එක අමාරු වැඩක්. තමන් නැති අතරේ දරුවා කරදරයක් නැතිව හොඳින් ඉඳීවි කියලා දැනගත්තත් ඒක අමාරු වැඩක්.

පුතාව මුලින්ම දිවා සුරැකුමට දාද්දි එයාට අවුරුදු එකහමාරයි. පලවෙනි දවසේ පුතා හොඳට ම ඇඬුවා. මගේ අතින් බිම තියන්න නොදී ම ඇඬුවා. පුතා නියමිත කාමරයට බාර දීලා එලියට එද්දී මාත් හොඳට ම අඬනවා. එතැන හිටියා බොහොම කාරුණික පාලිකාවක්. මේ වගේ කඳුළු ඒගොල්ලන්ගේ ජීවිතේ කොටසක් වෙන්න ඇති. ඈ මුලින්ම මට වචනයක් වත් නොකියා ටිෂූ පෙට්ටියක් දුන්නා. ඊටපස්සේ ඇගේ කාර්යාලය පිටිපස්සේ පුංචි මේසෙක වාඩි කෙරෙව්වා. 

"ඔයාට වැඩට යන්න දුවන්න තියෙනවද?" ඈ මුලින්ම මගෙන් ඇහුවා.

"නැහැ, මම වැඩ පටන් ගන්නේ ලබන සතියේ. අද ආවේ රිහසල් එකකට" කඳුළු අතරින් මට කියාගන්න පුළුවන් වුණා.

"එහෙනම් ඔයාට තේ එකක් හදන්නද?" ඈ බොහොම කරුණාවෙන් ඇහුවා

"නැහැ, එපා, ස්තූතියි! මම යන්නම්, ඔයාගේ වෙලාව නාස්ති කළා ඇති!" මම යන්න ලෑස්ති වෙමින් කිව්වා. 

"නැහැ, මේකත් මගේ රස්සාවේ කොටසක් තමයි" ඈ හිනාවෙලා කිව්වා. "ළමයි වැඩිහරියක් විනාඩි දහයක් ඇතුලත නැළවෙනවා කිව්වොත් ඔයා දැන් විස්වාස කරන එකක් නැහැ.ඔයා ගෙදර යනවනම් ගිහිල්ලා නිස්කාංසුවේ ඉන්න බලන්න.. උයන්න.. ගෙවල් අස් කරන්න ලෑස්ති වෙන්න එපා. තේ එකක් හදාගන්න. ටිකක් වාඩි වෙලා ඉන්න. ඕනේ නම් තව ටිකක් අඬන්න. දැන් අටයි නේ වෙලාව. ඔයා මට දහයමාරට කෝල් එකක් දෙන්න. ඒ වෙද්දී මම ඔයාගේ පොඩ්ඩා ගැන හොයලා තියන්නම්. දහයමාර වෙද්දීත් ඔය දෙන්නාගෙන් එක්කෙනෙක් අඬනවා නම් ඔයා ඇවිත් පුතාව අරගෙන යන්න. මොකද කියන්නේ? හා ද?" ඈ ඇහුවා.

මම 'හා' කිව්වා. කොහොමත් මගේ නිවාඩු ඉවර නිසා මේ දේ වෙන්න නියමිතව තිබුණු බවත් වෙන පිලියමක් නැති බවත් මම දැනගෙන හිටියා. ඉතින් එදා මම පුතාව තියලා ගෙදර ගියා. ඒ යද්දී 'අම්මා, අම්මා!' කියලා පුතා අඬනවා වගේ මඟ දිගටම ඇහුනා. ගෙදර ගිහින් තව ටිකක් අඬලා කල්පනා කරද්දී බින්දුවක් බැමි බුරුල් කරන්න කාලේ ඇවිත් කියලා මටම තේරුම් ගියා. ඒත් පාලු ගෙදර උහුලන්න බැරි නිස්සද්ද බවක් දැනුණා. විනාඩි පහෙන් පහට පුතා මොනවා කරනවා ඇතිද කියලා හීල්ලුනා. අණ ලැබුණ විදිහටම මම නියමිත වෙලාවට දිවා සුරැකුමට කතා කළා. මගේ කඳුළු නම් ඒ වෙද්දී වේලිලා තිබුණේ. ඒත් පපුවේ බර එහෙමම තිබුණා.

"ඔයාගේ පුතා  හරියටම මේ වෙලාවේ රතු පාට ප්ලාස්ටික් ට්‍රක් එකකට වැලි පටවනවා වැලිගොඩේ ඉඳන්!" මගේ ඇමතුම ගත්තු පාලිකාව හිනාවෙලා කිව්වා. "මතක ඇතිව ගෙදර ගෙනාවාම නාවලා ගන්න!"

"ඕක තමයි මම ඔයාට කිව්වේ!" කියලා ඈ කිව්වේ නැහැ. "ඔයා කීව දේ හරි!" කියලා මමත් කීවේ නැහැ. පුතාට මං නැතිව පාලු උනේ නැති එක ගැන පුංචි දුකක් හිතට නොදැනුනා නෙමෙයි. ඒත් අම්මලාගේ -දරුවන්ගේ කඳුළු ගැන දන්න අය ඉන්න තැනකට පුතාව බාරදෙන්න ලැබුණු එක ගැන මට සතුටක් දැනුණා. දැන් පුතා ඉස්කෝලෙත් යනවා. කාලේ ගත වුණේ විදුලි වේගෙන්.

"බය වෙන්න එපා, බොහොම ඉක්මනට කාලේ ගතවෙනවා!" මම මගේ මිතුරියෝ දෙන්නාටම කිව්වා. "ළමයි හරි ඉක්මනට ලොකුවෙනවා!"

ඒ දෙන්නාම හිනාවෙලා ඒ කතාව පිළිගත්තත් අත්ඇරීමේ බර ඒ හිත් දෙකේම පැහැදිලිව තිබුණා. ඒ තුවාලත් කාලය සුව කරයි කියලා මම හිත හදා ගත්තා.
pic- kizie.com




February 04, 2016

Jealous | Labrinth


ඊර්ෂ්‍යා කරමි වැස්සට
නුඹේ ගත මත ඉහිරෙන
හිමිවූ නිසා වරමක්
මා දෑත නම් නොලැබුව
ඊර්ෂ්‍යා කරමි වැස්සට

ඊර්ෂ්‍යා කරමි සුළඟට
නුඹේ සළුපිළි විසිරන
සෙවනැල්ලටත් වැඩියෙන්
නුඹේ ළඟටම ලං වුණ
ඊර්ෂ්‍යා කරමි සුළඟට

නුඹේ වරදක් නැති බව
සමාවක් අනවැසි බව
යන්න යද්දී නුඹ
මුළු හදින් මම කීවෙමි
ලොව ඇති සියලු සම්පත
නුඹට හිමිවනු පැතුවෙමි
එහෙත් හඬමින් දවසක
බිඳුණු හදවත අරගෙන
නුඹ යළි ඒවි සිතුවෙමි


නමුත් අදහනු බැහැ
මා නැතිව සතුටින් නුඹ
කෙසේ නම් පවසම් මම
ඊර්ෂ්‍යායි ඒ සතුටට


-----------------------------

I'm jealous of the rain
That falls upon your skin
It's closer than my hands have been
I'm jealous of the rain

I'm jealous of the wind
That ripples through your clothes
It's closer than your shadow
Oh, I'm jealous of the wind

'Cause I wished you the best of
All this world could give
And I told you when you left me
There's nothing to forgive
But I always thought you'd come back,

tell me all you found was
Heartbreak and misery

It's hard for me to say, 
I'm jealous of the way
You're happy without me

Video link- Jealous

The song "Jealous" by British musician Labrinth, a.k.a. Timothy McKenzie, was released on 23 November 2014 as a second single for his album "Take Me To The Truth" (2015). The artist co-wrote the song with Josh Kear and Natalie Hemby and produced it himself.

Thanks Thisara for the translation suggestion!