Showing posts with label රේඩියෝ කෙටි කතා. Show all posts
Showing posts with label රේඩියෝ කෙටි කතා. Show all posts

July 07, 2023

'අපේක්ෂා' - රේඩියෝ කෙටිකතාවක් ලෙස

මගේ කෙටිකතාවක් මගේ ප්‍රියතම කලා ශිල්පිනියකගේ හඬින් අහන්න ලැබුණු මොහොත! මේ මගේ සහස් පියවර කෙටි කතා පොතේ 'අපේක්ෂා' කෙටිකතාව, නිරංජලා සරෝජිනී මහත්මියගේ හඬින්. 

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ 'කෙටිකතා' වැඩසටහනට මේ කෙටිකතාව තෝරාගැනීම ගැන වැඩසටහන් නිෂ්පාදිකා ඉනෝකා බොතේජු මහත්මිය ඇතුළු නිෂ්පාදන කණ්ඩායමටත්, මේ ආදරණීය හඬ වෙනුවෙන් නිරංජලා සරෝජිනී මහත්මියටත් මගේ ආදර ස්තූතිය! ❤


May 31, 2023

'කළු-සුදු' රේඩියෝ කෙටිකතාවක් ලෙස

ජ'පුර විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්ත කාලය ගැන සොඳුරු මතක සටහන් ගොන්නක්ම මට තියෙනවා. බෝඩිම් වල නැවතිලා, හරියට කෑමක් බීමක් නැතිව, පාඩම් කරමින් ලැබුණු අමිහිරි අත්දැකීම් ඒ සොඳුරු මතක නිසා අමතක කරලා දාන්න පුළුවන්. මගේ ලියවිලි කීපයකටම ජ' පුරේ අත්දැකීම් මුහු කරලා තියෙනවා. සිරිදාස අයියාත් නයිස් නම් බල්ලා ත් ඉන්න 'කළු සුදු' කතාව ඉන් එකක්. ඒ කතාව මගේ 'සහස් පියවර' කෙටිකතා පොතෙත් පළවූණා. ඒත් දැන් ඒ කතාවට අලුතින් හුස්ම පිඹලා රේඩියෝ නාට්‍යයක් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, ස්වදේශීය සේවයේ ගුවන් සරසවිය වැඩසටහනට. මේ වෙනුවෙන් මගේ කෙටිකතා තෝරාගන්න ඉනෝකා බොතේජු මහත්මිය ඇතුළු වැඩසටහනේ නිෂ්පාදන කණ්ඩායමට මගේ හද පිරි ස්තූතිය. ඉනෝකාගේ හඬින් මේ කතාව අහන එක අපූරුම අත්දැකීමක්.


April 27, 2023

'කෝපි' කෙටිකතාවේ රේඩියෝ හඬ මුසුව

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ගුවන් සරසවිය වැඩසටහනට මගේ 'සහස් පියවර' කෙටි කතා පොතේ 'කෝපි' කෙටිකතාව ගුවන් විදුලි නාට්‍යයක් ලෙස හඬ ගැන්වුණේ මේ විදිහටයි. 

මීට අපූරු ලෙස හඬ මුසු කළ ප්‍රසන්න චන්දන බණ්ඩාර සහෘදයාටත් ඉනෝකා බොතේජු මහත්මිය ඇතුළු ඇතුළු නිෂ්පාදන කණ්ඩායමටත් මගේ ස්තූතිය!



April 01, 2023

'හෙණ' කෙටිකතාවේ රේඩියෝ හඬ මුසුව

 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ 'කෙටිකතා ' වැඩසටහනට මගේ සහස් පියවර කෙටිකතා පොතේ 'හෙණ' කෙටිකතාව තෝරාගැනීම සතුටු ආරංචියක්. ඒ අපූරු හඬ මුසුවෙන් මගේ කෙටි කතාවට අලුත් මානයක් එකතු වෙලා. 

මේ වෙනුවෙන් මගේ ස්තූතිය ස්වදේශීය සේවයේ වැඩසටහන් නිෂ්පාදිකා ඉනෝකා බොතේජු මහත්මියට.