July 31, 2018

දියණියට

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

For My Daughter | David Ignatow

When I die choose a star
and name it after me
that you may know
I have not abandoned
or forgotten you.
You were such a star to me,
following you through birth
and childhood, my hand
in your hand.

When I die
choose a star and name it
after me so that I may shine
down on you, until you join
me in darkness and silence
together.

දිනමිණ වසත් සුළඟ- 31.07.2018

July 27, 2018

විද්‍යා ප්‍රබන්ධ නොස්ටැල්ජියාවක සටහන්

මෑතක සිට ගමන් බිමන් යන අතරතුර වාහනයේදී මගේ කණ පිරෙන්නට විද්‍යා ප්‍රබන්ධ කතා ගැන අසන්නට ලැබීමේ ප්‍රවනතාවයක් ඇත. ඒ, ඒ පොත් ශානරය ළඟදී සොයාගත් මගේ එකොළොස් හැවිරිදි පුත්‍රයාගෙනි. මෑත කාලයේදී නම් විද්‍යා ප්‍රබන්ධ කියවීමට මගේ විශාල නැඹුරුවක් ඇති නොවුනත් පුතුගේ කතා අසද්දී මා ද මෙවැනිම කුතුහලයකින් ඒවා කියවූ කාලයක් සිහි විය.

මට ද කුඩා කාලයේ පටන් පොත් කියවීමේ මහත් පිපාසයක් තිබිණි. ඒ ඒ  කාලවලදී තිබුණු විශාලතම ගැටලුව නම් කියවන්නට දෑ සොයාගැනීම ය. මෙසේ කියවන්නට 'කුමක් හෝ පොතක්' සොයමින් සිටි මට වයස දොළහ-දහතුන කාලයේදී අහඹු ලෙස පොත් ඉල්ලමක් හමුවිය.


එකල තාත්තා ලංකාවේ සිටියේ නැත. අම්මාත් අක්කලාත් මාත් මසකට වරක් වත් ආච්චි බලන්නට තාත්තාගේ මහගෙදර යන්නට පුරුදු වී සිටියෙමු. එහි සිටියේ ආච්චීත්, එවකට අවිවාහකව පසු වූ නැන්දලා දෙදෙනාත් බාල ම බාප්පාත් පමණි. බොහෝ විට අප එහි පැය තුන හතරක් ගතකළ බැවින් මේවා කලබල ගමන් නොවිණි. මෙවන් ගමනකදී මා බාප්පාගේ කාමරයේ පොත් අල්මාරිය අවුස්සා පොත් පෙරළා බලන්නට වූයේ සුපුරුදු ලෙස කියවන්නට යමක් සොයමිනි. ආච්චි කියන්නාක් මෙන් 'රටේම තිබෙන ගමන්' ඇති බාප්පා නිතර ගෙදර නොසිටීම මට පහසුවක් විය. ඒ පොත් අල්මාරියේ තිබී 'Amazing Stories ' නම් පැරණි සඟරා මිටියක් මට හමුවිණි. පෙරලා බලද්දී ඒවා ඒ වෙද්දීත් වසර තිහක් පමණ පැරණි ඇමෙරිකානු සඟරා බවත් ඒවායේ තිබුණේ විද්‍යා ප්‍රබන්ධ බවත් මට වැටහිණි. පොත් අල්මාරිය අසලම බිම හිඳගෙන පලවෙනි සඟරාව කියවූ මා එදා ගෙදර යද්දී තවත් සඟරා දෙකතුනක් ගෙන ගියේ ඒ කතා කෙරෙහි සිත ඇලුණු නිසා ය. අවසර ගන්නට බාප්පා ගෙදර නොසිටි නිසාත්, ආපසු එහි එන දිනක ඒවා නැවත ගෙන එන්නට සිතා සිටි නිසාත් එසේ ගෙනයාම වරදක් ලෙස මට නොහැඟිනි. පොත් පිපාසාව සියල්ලට වඩා බලවත් විය. ගෙදරදී නිවිහැනහිල්ලේ කියවූ පසු මේ Amazing Stories සඟරා වෙත ඇබ්බැහි වන්නට මට වැඩි කලක් ගත වූයේ නැත. ඒ වෙද්දී මා විද්‍යා ප්‍රබන්ධ කියවා තිබුණේ නැති අතර අඟහරු ජීවින් ගැන, සිතිවිලි කියවිය හැකි රොබෝවරුන් ගැන, මායා ග්‍රහලෝක ගැන ලියැවී තිබුණු මේ කතා මාහට ඉතා රසවත් විය. ඒවායේ තිබුනේ දුර්වර්ණ වූ රේඛා චිත්‍ර සහිත පිටු වූ නමුත් කතා එක හුස්මට කියවන්නට ඒ බව බාධාවක් නොවීය. මා මෙලෙස කිහිප වතාවක්ම බාප්පාගේ සඟරා එකතුවෙන් සඟරා ගෙදර ගෙනා අතර, කලින් වතාවේ ගෙනා සඟරා යළිත් ගෙන ගොස් අල්මාරියේ තිබුණු තැනම තැබීමට අමතක කළේ නැත. මීට අවසර ගන්නට ගියා නම් කවුරුන් හෝ එපා කියනු  ඇතැයි යන ළමා සිතිවිල්ල මසිතෙහි වූ නිසා ඒ ගැන නිහඬවම ඉන්නට මා උනන්දු විය.


 
 
පැරණි Amazing Stories සඟරා


එහෙත් දිනක් අප මහගෙදරට ගොස් සිටි විටෙක බාප්පා මා පසෙකට අඬ ගැසුවේය. මේ නම් පොත් අල්මාරිය ඇවිස්සීම ගැන බැනුමක් යැයි මට ක්ෂණික බියක් දැනිණි.

'ඔයා පුතේ ඔය අල්මාරියේ තියෙන ඕන පොතක්, සඟරාවක් ගෙදර අරගෙන ගිහින් තියාගෙන කියවන්න. ඒවා ඔයගොල්ලන්ගේ තාත්තාම කාලයක් තිස්සේ එකතු කරපු පොත්පත්. ඒ නිසා සැරෙන් සැරේ ආයෙත් ගෙනත් තියන්න  ඕන නැහැ. ඔයා ළඟ තමයි ඕවා තියෙන්න ඕන!' යයි කියූ බාප්පා මගේ හිසද  අතගා යන්නට ගියේ ය. එය අසා මට මහත් සතුටක් මෙන්ම ලජ්ජාවක්ද දැනිණි. මා වරින්වර සිය කාමරයේ ඇති පොත් අල්මාරිය අවුස්සන බවත් එහි පොත් ගෙදර ගෙනගොස් යලිත් ගෙනවිත් තබන බවත් බාප්පා මුල සිටම දැනගෙන සිටින්නට ඇත. ඒ කාර්යය මා ඔහුට දැනුම් දී කළ යුතුව තිබිණි. එහෙත් ඉන් තරහා නොගත් ඔහු මට රිසි සේ ඒවා අයිති කරගන්නට අවසර දෙන්නට තරම් කාරුණික විය. එතෙක් මා කියවා තිබුණේ තාත්තාම කාලයක් තිස්සේ එකතු කරන ලද සඟරා මිටියකි! අවසරය ලැබුණු දිනම, Amazing Stories මිටියම ගෙදර ගෙන ආ මම කාලයක් යනතුරු නැවත නැවත කියවමින් ඒවා රස වින්දෙමි. අදටත් ඒවායේ තිබූ බොහෝ කතා පැහැදිලිව මතකයේ රැඳී ඇත.

මගේ විද්‍යා ප්‍රබන්ධ මතක ගැන පුතුට කියා ඔහුට ඒ සඟරාවක පින්තූරයක් පෙන්වීමට අන්තර්ජාලයේ සොයද්දී තවත් අපූරු දෙයක් මට හමු විනි. එනම් Amazing Stories සඟරා වල පැරණි කලාප රාශියක් දැන් අන්තර්ජාලය හරහාම කියවිය හැකි බවයි. වසර අසූවකටත් වඩා පැරණි කලාප පවා එහි තිබුණු අතර මා කියවූ 1950-60 දශකවල කලාප දැක මට දැනුණේ පැරණි මිතුරෙක් දැකීමේ ප්‍රීතියයි. මේවායේ ඇති විද්‍යා ප්‍රබන්ධ කතාවල සුවිශේෂත්වය නම් කෙතරම් පැරණි වූවත් ඒවා කියවද්දී යල්පැනගිය බවක් නොහැඟීමයි. සමහරවිට මේ timeless බව ඒවා අනාගතය වෙත හැරුණු නෙතින් ලියවුනු නිසා විය හැක. යලිත් මුණගැසීමේ ප්‍රීතිය නිමිත්තෙන් මින් කතා කිහිපයක්ම නැවතත් කියවූ මා හට දැනුණේ වසර තිහක් තරම් එපිට අතීතයකට නොස්ටැල්ජියාවකි.

ඔබත් විද්‍යා ප්‍රබන්ධ රසිකයෙක් නම්, ඒ ප්‍රබන්ධ කතා පැරණි වූවත් ඒ බව ඔබේ රසවින්දනයට බාධාවක් නොවේ නම් පැරණි Amazing Stories සඟරා වෙත ඔබට මෙතැනින් පිවිසිය හැක.
 
නොඑසේ නම් ඔබ විද්‍යා ප්‍රබන්ධ රසිකයෙක් නොවුණත් හිරිගඩු පිපෙන වර්ගයේ එක් කෙටිකතාවක් හෝ කියවීමට මනාපයක් ඇත්නම් Philip K Dick ගේ The Commuter කෙටිකතාව (140 පිටුව) කියවන මෙන් ඔබට ඇරයුම් කරමි. ( Amazing Stories, Aug-Sept 1953. Volume 27, Number 6, pp 140-151)

https://archive.org/details/Amazing_Stories_v27n06_1953.08-09_images_



July 24, 2018

ඔක්තෝම්බරයේ අග


Late in October |Linda Pastan

Late in October, I watch
it all unravel–the whole
autumn leafery
succumbing to rain.
At the moment
of their most intense beauty,
reds and yellows bleed
into each other
like dried paints on a palette–
those ghosts of pictures
never painted.

Perhaps beauty
is the mother of death,
not the other way around.
Perhaps the rain itself
is an answer: knives
of crystal, cleansing
and killing as it falls.
I turn from the window;
winter is coming next.
White will have
its own perfections.
 



දිනමිණ වසත් සුළඟ 24.07.2018


 


July 22, 2018

Little Fires Everywhere | Celeste Ng





Author:   Celeste Ng
Genre:   Fiction
Publisher:   A Perigee Book/Penguin Group
Originally published:   12 September 2017

Little Fires Everywhere is the second book by American writer Celeste Ng and has won many awards in a short period of time.

This story delves in the lives of an affluent family living in a progressive suburb. Their lives are changed by the single mother and daughter who arrive in their suburb and become their tenants. Celeste paints a clear and intricate picture about each individual in the story, highlighting their character traits and weaknesses. The story questions our beliefs on right and wrong, and whether just love, in the end is enough. 

The many sub stories wound through the main plot are planned and laid out very well, describing the conflicting and contrasting human nature. I specially liked the author's description of the artist, Amy's work- though surely imaginary, were very vivid to the reader. Not a quick read- at 338 pages, but I felt it was worth the time spent. The fact that it is currently being made into a TV mini series must mean that its worth has been recognised widely. 

Awards won:
- Instant New York Times Bestseller
- Amazon's Best Novel Of 2017
- Winner of The Goodreads Readers' Choice Award 2017, Fiction
- Named A Best Book Of The Year By Npr • Amazon • Barnes & Noble • Entertainment Weekly • Guardian • Buzzfeed • Esquire • Washington Post 

July 17, 2018

සැමී

'සැමීඊ ඊ ඊ .......!!'

'සැමීඊ ඊ ඊ ඊ ඊ ....!!'

එහා ගෙදර ලූක් කෑගහනවා..සැමී ඉන්නේ සාලේ සෝපාවේ වාඩිවෙලා. මෙතැනට ලූක්ගේ ගෙදර පේන්නේවත් නැහැ. ඒත් කනේ තිබ්බා වගේ එයාගේ සද්දේ ඇහෙනවා. ලූක් ව නොපෙනුනත් එයා මේ කෑගහන විදිහත් සැමී දන්නවා. ගෙදර ඉස්සරහා තියෙන ජනේලේට නැඟලා කූරු වල එල්ලිලායි ඔය කෑගහන්නේ. සැමී ඒක ටක්කෙටම කියන්න දන්නේ වෙනදාට ඔය ජනේලෙට නැඟලා ලූක් එක්ක පාරේ යන අයට කෑගහන්න සැමීත් යන නිසා.

'සැමා...ඩීඊ ඊ ඊ..!!'

ඒ පාර ලූක් නම වෙනස් කරලා කෑගහනවා. සැමීට හිනාත් එක්ක. ඒත් අමාරුවෙන් හිනා නොවී ඉන්නවා. එයා ලූක් එක්ක තරහා වෙන්න තීරණය කරලා ඉවරයි. ඒනිසා දැන් මොනවා කියලා කතා කළත් වැඩක් නැහැ. සැමී තමන්ට සැමී කියලා කතාකරන එකට අකමැති නැහැ. 
මොන්ටිසෝරියේ කට්ටිය කියන්නෙත් එහෙමනේ. අනික ලූකස් කියන නම ලූක් කියලා කොට කරන්න පුළුවන් නම් තමන්ගේ නම සැමී කියලා කිව්වාට කමකුත් නැහැ. ඒත් සැමීට කේන්ති ලූක්ට තමන්ගේ ඇත්ත නම හරියට කියන්න බැරි එකට.

'ස..මා..ධි!' සැමී ඊයේ ලූක් ට කියලා දුන්නේ නමේ අන්තිම අකුර බර කරලා- අප්පච්චි කියන්නා වගේ.

'සැ..මා..ඩී!' ලූක් කිව්වේ සෑහෙන්න මහන්සිවෙලා, අඩියකුත් හප්පලා.

ලූක් ට තාම අවුරුදු තුනයි නිසා එයාට සමහර වචන කියවෙන්නේ නැහැ කියලා සැමී දන්නවා. එයා වචන ලිස්ස ලිස්ස 'අයි වව් යූ' කියලා සැමී ව බදාගනිද්දී ටිකක් ආදරේත් හිතෙනවා. ඒත් තමන්ගේ නම හරියට කියන්න දන්නේ නැති එක නම් සැමී සලකන්නේ තමන්ට කරන මදිකමක් හැටියට. අනික ලූක් නැතත් සැමී ට දැන් අලුත් යාලුවෙක් ඉන්නවානේ.

'අන්න යාලුවා අඬගහනවා.. යන්නේ නැද්ද?' අම්මා සාලෙට ඔලුව දාලා සැමීගෙන් අහනවා.

'නැහැ මම එයා එක්ක තරහයි!' සැමී කෙටියෙන් කියනවා. අම්මලාට වැඩක් නැහැනේ ඕවායේ හේතු විස්තර.

'එතකොට මීටපස්සේ සෙල්ලම් කරන්නේ?' අම්මා අහනවා.

ලූක් එයාගේ ආච්චිගේ ගෙදර නවතින්න ගිය සතියම සැමී එක්ක සෙල්ලම් කරන්න උනේ අම්මාට. ඒනිසා වෙන්න ඇති අම්මා ඒ ගැන වද වෙන්නේ.

'මට දැන් අලුත් යාලුවෙක් ඉන්නවා' සැමී උජාරුවට කියනවා. 'එයා ලූක් වගේ ගඳ ළමයෙක් නෙමෙයි!' සැමී දන්න ලොකුම අපහාසය තමයි කවුරුහරි ගඳයි කියන එක. ඒක අම්මාත් දන්නවා.

'ආ? හැබෑට?' අම්මා අත්දෙක පිහිදාමින් සාලෙට එනවා. 'කෝ ඉතින්?' 

'මේ ඉන්නේ!' සැමී සොපාවේ එයාගේ එහාපැත්ත පෙන්නනවා.'මේ තමයි නීනා. එයා ගර්ල් කෙනෙක්' සැමී අම්මාට විතරක් ඇහෙන්න රහසින් කියනවා. 

අම්මා සැමීගේ එහාපැත්තේ සෝපාවේ තියෙන ඉඩ දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්නවා. අම්මාගේ මූණේ තියෙන්නේ ටිකක් කරදර පෙනුමක් .

‘එයා ටිකක් ලැජ්ජයි... නීනා.. මේ මගේ අම්මා, එයාට හෙලෝ කියන්න’ සැමී නීනා ට කියනවා. ‘එයා පුටුවේ පාටමයි, ඒ නිසා එයාව වැඩිය පේන්නේ නැහැ!’ අම්මාගේ කරදර මූණ වෙනස් නොවුණු නිසා සැමී අම්මාට පැහැදිලි කරනවා.

‘ආ!’ අම්මා හිනාවෙනවා. ‘කොහොමද නීනා? එහෙනම් සැමී එක්ක සෙල්ලම් කරන්නකෝ. මම ඉක්මනට එන්නම්!’ කියලා යනවා.

ගිහින් ගිය පයින්ම අප්පච්චිව එක්කගෙන එනවා. අප්පච්චි වැඩට යන්න ලෑස්ති වෙන ගමන්. එයා නම් අම්මා වගේ කරදර මූණු නැතිව කෙළින්ම ඇවිත් ‘කොහොමද නීනා.. මම සැමී ගේ අප්පච්චි!’කියලා කියනවා. ඒත් එහෙම කියද්දී අප්පච්චි බලාගෙන ඉන්නේ වැරදි පුටුව දිහා. ‘ඔතන නෙමෙයි.. නීනා මෙතැන!’සැමී කෑගහනවා. ‘ආ.. සොරි සොරි’ කියලා අප්පච්චි හිනාවෙනවා. අම්මාත් හිනාවෙනවා.

සැමී උදේ වරුවම නීනා එක්ක සෙල්ලම් කරනවා. එයාගේ ඔක්කොම සෙල්ලම් බඩු පෙන්නනවා. ඒවායේ විස්තර කියලා දෙනවා. එහා ගෙදර ‘ගඳ ලූක්’ ගැන කිව්වාම නීනාත් හිනාවෙනවා. සැමී ජනේලෙන් එබිලා බලනවා ලූක් කෝ කියලා. ලූක් එයාගේ මිදුල හාරලා පාරක් හදලා ඒක දිගේ කාර් යවනවා ඈතට පේනවා. ඒකට එකතුවෙන්න යන්නමත් හිතිලා පස්සේ සැමීට මතක්වෙනවා තරහයිනේ කියලා. දවල්ට කද්දී නීනාට පිඟානක් තියන්න අම්මාට අමතක වෙලා. සැමී ඉක්මනට ගිහින් පිඟානක් ගෙනැත් තියනවා.

‘අද අපි දෙන්නා කන්නේ කහ පාට ජාති විතරයි!’ සැමී අම්මාට කියනවා. අම්මා අල හොදි දාලා අනලා බත් කහ පාට කරලා දෙනවා.

‘නීනා නම් මේ කෑම කන්න කැමතිත් නැහැ..’සැමී අම්මාට මතක් කරලා දෙනවා. ‘එයාගේ ගෙදර තුන්වේලම කන්නේ ලොලිපොප්!’

‘ඒකට කමක් නැහැ, දැනට දෙන්නාත් එක්ක බත් කන්නකෝ!’ අම්මා කියනවා.

හවස් වෙද්දී සැමීගේ කට ත් රිදෙනවා. ඇයි අනේ ඉතින් ඔක්කොම විස්තර කියන්න ඕන එයා නේ. නීනා අහගෙන ඉන්නවා විතරයි. ජනේලෙන් පේනවා ලූක් එයාගේ මිදුලේ තියෙන ටැප් එක ඇරලා ඒකට අත තියලා එයාගේ බල්ලා ඩ්‍රැකී ට වතුර විදිනවා. ඩ්‍රැකීත් බුර බුර ලූක් වටේ දුවනවා. ඒක නම් ජොලි වැඩක් කියලා සැමී ට හිතෙනවා.

‘අම්මා මම ලූක් එක්ක සෙල්ලම් කරන්න යනවා!’කියලා කෑගහගෙන සැමී ඒ පැත්තට දුවනවා.

‘එතකොට නීනා?’ අම්මා කුස්සියේ ඉඳන් අහනවා සැමීට ඈතින් ඇහෙනවා.

‘එයා ගඳයි!’ සැමී දුවන ගමන් ම කෑගහලා කියනවා 


දිනමිණ-  වසත් සුළඟ 17.07.2018




July 11, 2018

ප්‍රේමයයි වෛරයයි අතරේ..


'මම නම් කඩේ තරම මනින්නේ පරිප්පු හොද්දෙන්!' ක්‍රිස්ටීන් කි​යන්නේ සද්දෙට හිනාවෙලා. එහෙම කිව්වේ අපි මෙහේ තියෙන ලංකාවේ කෑම කඩ ගැන කතා කර කර හිටිය දවසේ. ඒවායින් කොයි කඩේද හොඳම ඉඳිආප්ප තියෙන්නේ, කොයි කඩේද හවසට උණු උණු වඩේ තියෙන්නේ කියලා ක්‍රිස්ටීන් හරියටම දැනගෙන හිටියා. ඒත් එයා දිහා බැලූ බැල්මට ලංකාවේ කඩවල පරිප්පු හොදි ගැන තියා ලංකාව තියෙන්නේ කොහේද කියලා දන්නවාද කියලාවත් හිතන්න බැහැ.  එයාගේ රත්තරන් පාට කොන්ඩේ කොටට කපලා තිබුණා. කොළ පාට ඇස් දෙක නිතරම හිනාවකින් දිලිසුණා. ඒත් විශ්‍රාම ගන්න වයස කිට්ටු වෙලා තිබුණත් ක්‍රිස්ටීන්ගේ කටහඬේ සද්දේ නම් අඩුවෙලා තිබුණේ නැහැ.

ලංකාව ගැන මේ කතා පටන් ගත්තේ අහම්බෙන්. මම මෙතැනට වැඩට ආවේ ළඟදී. ඒනිසා තාම ​ගතවෙන්නේ මම ​​මෙතැන ​වැඩකරන අනිත් අයගේ නම් මතක තියාගන්න​ උත්සාහ කරන​, විස්තර අහගෙන ඉන්න කාලේ. ඒත් මම ආව අලුත දවසක් ක්‍රිස්ටීන්ම මාව හොයාගෙන ඇවිත් කතාකළා. තේ බිබී හිටිය මගේ ළඟට පුටුවක් ඇදගෙන ඇවිත් ​එයා ​වාඩිවු​ණේ ​'ඔයා ශ්‍රී ලන්කන් නේද?' කියලා අහ​ගෙන.

'ඔව්! ඔයා කොහොමද දැනගත්තේ?' මම ඇහුවේ පුදුමෙන්.

'හිනාවෙනුයි කතාවෙනුයි කිව්වේ!' ක්‍රිස්ටීන් කිව්වේ ලොකු හපන්කමක් කළා වගේ. එදා ඉඳන් නොවැරදීම හැම දවසේම තේ වෙලාවට ලංකාව ගැන කතා කරන්න ක්‍රිස්ටීන් මාව හොයාගෙන ආවා.

'ඔයා ලංකාවට ගිහින් තියෙනවාද?' මේ උනන්දුව දැකලා මම ප​ළ​වෙනි දවසේ​ම ඇහුවා. ඒක අහලා ක්‍රිස්ටීන් හයියෙන් හිනාවුණා. 'ගිහින් නම් නැහැ- ඒක දිග කතාවක්!' කියලා විතරයි එයා කිව්වේ. ඊටපස්සේ හැමදාම අපි ලංකාව ගැන විස්තර කතාකළත් ක්‍රිස්ටීන් ඒ 'දිග කතාව' කියන්න නම් උනන්දු වුණේ නැහැ. ලංකාවේ තේ කොළ ජාති ගැන, ක්‍රිකට් ගැන, බුද්ධාගම ගැන, වෙසක් ගැන, යුද්ධේ ගැන..ක්‍රිස්ටීන් මේ හැමදෙයක්ම ගැන හරියටම දැනගෙන හිටියා. ලංකාවට ගිහිල්ලාවත් නැති මෙයා මේ විදිහට බාගෙට ලංකාවේ වුණේ කොහොමද කියලා කොයිතරම් හිතුවත් මට හිතාගන්න බැරිවුණා. දවසක් කුතුහලය උහුලාගන්න බැරිව  'ශ්‍රී ලන්කන් කෙනෙක් ඉන්නවද ඔයාගේ හොඳ යාලුවෙක්?' කියලා මම ඇහුවේ ඒ නිසායි.

"හොඳ යාලුවෙක්?" ක්‍රිස්ටීන් ඒක අහලා සුපුරුදු විදිහට හයියෙන් හිනාවුණා.

 "නෑ නරක යාලුවෙක්! මගේ හස්බන්ඩ් ශ්‍රී ලන්කන්. හස්බන්ඩ් කිව්වාට එක්ස්-හස්බන්ඩ් - අපි දික්කසාද වෙලා දැන් ගොඩාක් කල්.. ඒත් මම ලංකාව දික්කසාද කළේ නැහැ!' ක්‍රිස්ටීන් හිනාවුණේ හරිම විනෝදෙන්. මට පොළොව පලාගෙන යන තරමේ ලැජ්ජාවක් දැනුණා. ක්‍රිස්ටීන්ගේ මහත්තයා ලංකාවේ කෙනෙක් වෙන්න ඇති කියලා මට කලින් නොහිතුණේ කොහොමද?

"අනේ සොරි ක්‍රිස්ටීන්, මම හිතුවේම නැහැ.." මම සමාව ඉල්ලන්න පටන් ගත්තා.
"පිස්සුද? ඔයා සමාව ඉල්ලන්නේ මොකටද..? මමනේ අගේ කර කර ඔයාට ඇත්ත කතාව නොකිව්වේ! ඉස්සර කාසි ත් ඔයා වගේ තමයි.. පොඩි දෙයක් ඇත්නම් කලබල වෙනවා.. ලංකාවේ ගතියක්ද කොහේද!' ක්‍රිස්ටීන් කියාගෙන ගියා.

කාසි කියන්නේ එයාගේ පරණ මහත්තයා වෙන්න ඇති කියලාත් ආයෙත් නම් දික්කසාද වෙච්ච මහත්තුරු ගැන විස්තර නොඅහා ඉන්න​ ඕන කියලාත්​ මම හිතාගත්තා. එහෙම හිතුවට කාසි ගැන මට නිතර විස්තර කිව්වේ​ත්​ ක්‍රිස්ටීන්මයි. 'අපේ කාසි ත් ඉස්සර තේ බොද්දි ලංකාවේ ක්‍රමයට සීනි හැඳි දාහතරක් විතර දානවා..' 'කාසි හරි කැමතියි කිරි ටොෆි හදද්දී ඉතුරුවෙන ​කු​ඩු කන්න!' වගේ මතක එක්ක කාසි නිතරම අපේ කතාවලට ඇවිත් ගියා. ඒ වගේම ​ක්‍රි​ස්ටීන්​ එයා​ගේ පුතාලා දෙන්නාත් නිතරම මතක් ​කළා. 'මගේ කරී බෝයිස් ලා දෙන්නා!' ඒ දෙන්නාව එයා ඇඳින්නුවේ එහෙමයි. 'ඒ දෙන්නාට මගේ පාණ්ඩු පාටත් කාසිගේ චොකලට් පාටත් එකතුවෙලා කැරමල් පාටක් ආවානේ' ක්‍රිස්ටීන් දවසක් කිව්වේ ලොකු රහසක් කියන්නා වගේ. කොල්ලෝ දෙන්නාත් ලංකාවේ කෑම කන්න හරි කැමති බවත් වැඩිමලා හැලප කන්නත් බාලයා තල කැරළි කන්නත් රුසියෝ කියලාත් එයා කිව්වා. ඒ කතාවලින් මගේ හිතේ ඇඳුනේ ඉස්කෝලේ ඇරිලා එන ගමන් ඔය රස කැවිලි කකා එන පුංචි කොල්ලෝ දෙන්නෙක්. ඒ වුණත් ලොකු පුතාට දැන් අවුරුදු තිහක් බවත් දෙන්නාම ඉංජිනේරුවෝ බවත්, වෙන රටවල් දෙකක රස්සාවල් කරන බවත් ක්‍රිස්ටීන් කිව්වේ බොහොම ආඩම්බරෙන්. කාසි ගැන නිතර කතා කළත් ඒ කසාදෙට මොකද වුණේ කියලා එයා කවදාවත් කිව්වේ නැහැ. මම ඇහුවේත් නැහැ. මොකක් නමුත් නොගැලපීමක් වෙන්න ඇති කියලා මම හිතාගත්තා.

මේ විදිහට ක්‍රිස්ටීන් ගේත් මගේත් යාළුකම බොහොම දියුණු වුණා. අපි දෙන්නාගේ වයස් අතරේ ලොකු වෙනසක් තිබුණත් ඒක මේ යාළුකමට බාධාවක් වුණේ නැහැ. ක්‍රිස්ටීන්ගේ ෆ්ලැට් එක ළඟ තියෙන එයාගේ 'පරිප්පු ටෙස්ට්' එක පාස් වුණු ලංකාවේ කඩෙන් ඉඳහිට මටත් එක්ක කඩචෝරු ගේන​ එකත්​, අපේ ගෙදර හදන ලංකාවේ කෑම වලින් කොටසක් එයා එක්ක බෙදාගන්​න එකත් ඉක්මනටම පුරුද්දක් වුණා. ක්‍රිස්ටීන් ආසම කෑම ජාතිය පොල් සම්බෝල. ගෙදර සම්බෝල හදද්දී වැඩිපුර හදාගෙන ගිහින් මම ක්‍රිස්ටීන් ට දුන්නා. එයා ඒවා ෆ්‍රිජ් එකේ දාගෙන තියාගෙන මාස ගාණක් කෑවා. ලංකාවේ ක්‍රමයට රෝස් පාන් හදන බේකරියකුත් එයා හොයාගෙන තිබුණු නිසා නියම 'ශ්‍රී ලන්කන්' විදිහට පොල් සම්බෝල කන්න ලැබෙනවා කියලා ක්‍රිස්ටීන් හිනාවුණා. ලංකාවේ කෑමට අමතරව ක්‍රිස්ටීන් ගේ ඊළඟ කැමැත්ත වුණේ ලංකාවේ සින්දු. සිංහල දෙමල සින්දු දෙජාතියටම එයා එක විදිහට ආදරේ කළා. හරියටම ඒ භාෂා දෙකම බැරිවුණත් මේ කැමැත්ත නිකම් සංසාර පුරුද්දක් වගේ කියලා මට හිතුණේ එයා ලංකාවේ ගායක ගායිකාවෝ එන ප්‍රසංග බලන්න තනියම යනවා කියලා දැනගත්තාම. කාසිට ලස්සනට සින්දු කියන්න පුළුවන්කම තිබුණු බවත් ඒවායේ තේරුම් ඉස්සර කියලා දෙන බවත් එයා මට කිව්වා. 'වික්ටර් ගේ සින්දු.. ම්ම්ම්!!' සින්දු ගැන මතක් කරලා ක්‍රිස්ටීන් කියන්නේ නිකම් මත්වෙලා වගේ.

'හැබැයි සමහර ලංකාවේ සිංදුවල තේරුම් වැරදියි!' මට දවසක් ක්‍රිස්ටීන් කිව්වා.

'හරි කියන්නකෝ බලන්න කොයිවාද කියලා!' මම හිනාවුනේ ලංකාවේ සින්දු ගැන අලුතින්ම දෙයක් ඉගෙනගන්න ලෑස්ති වෙලා.

'අර තියෙන්නේ ලව් ඇන්ඩ් හේට් කෙස් ගහක් කියලා..' ක්‍රිස්ටීන් මතක් කළා.

'ආ ඔව් ඔව්.. ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි? ඇයි ඒක වැරදි? එහෙම වෙනවානේ ඉතින්' මම කිව්වා. ඇත්තම කියනවානම් මම ක්‍රිස්ටීන්ගෙන් බලාපොරොත්තු වුනේ ඒවගේ සින්දුවක් ගැන විග්‍රහයක් නෙමෙයි. නිකම් මේ බොහොම ලාමක සින්දුවක වැරදි තේරුමක්.

'ඔව් ඉතින්..එහෙම වෙනවාත් නම් තමයි..ඒත් මගේ පොතේ නම් එහෙම නැහැ!' කියලා හිනාවුණු ක්‍රිස්ටීන් හෙමින් සැරේ වෙන මාතෘකාවක් පටන් ගත්තා.

හිටිහැටියේම දවසක් ක්‍රිස්ටීන් වැඩට ආවේ නැහැ. හොයලා බලද්දී එයා ඉන්න ෆ්ලැට් එකේ තරප්පු පේළියේ වැටිලා උකුල් ඇටය බිඳිලා කියලා ආරංචියක් ලැබුණා. මට  ඒක අහලා කියාගන්න බැරි තරමේ කම්පාවක් දැනුණා. වැඩියත්ම ක්‍රිස්ටීන් හිටියේ දැඩි සත්කාර ඒකකයේ නිසා පවුලේ අය ඇර වෙන කාටවත් එයාව බලන්න දෙන්නේ නැහැ කියලා ආරංචි වුනහම. ක්‍රිස්ටීන්ගේ හිනාවයි කෙළවරක් නැති කතාවයි මගේ දවසේ වැදගත්ම කොටසක් වෙලා කියලා මට තේරුණේ එයා වැඩට එන්නේ නැති වුණාමයි. උදේ තේ වෙලාව ඕනෑවටත් වඩා දිග බවක් මට දැනුණා.

'ක්‍රිස්ටීන් නැතිව පාලුයි නේද?' රොවේනා තේ එකත් අරගෙන ඇවිත් මගේ ලඟින් වාඩිවුණේ මෙහෙම මම ක්‍රිස්ටීන් ගැන කල්පනා කර කර ඉන්දැද්දී. රොවේනා ක්‍රිස්ටීන් ගේ පරණ යාලුවෙක් බව මම දැනගෙන හිටියා. ඒ දෙන්නාගේ පුතාලා එකට ඉස්කෝලේ ගිය බවක් මට ක්‍රිස්ටීන් කියලා තිබුණා.

'ඔව් අනේ එයාට දැන් කොහොමද කියලා ආරංචියක් ආවාද?' මම ඇහුවා.

'බොස් කතාකරලා ක්‍රිස්ටීන්ගේ ලොකු පුතා එක්ක. ඔපරේෂන් එකක් කරන්න තියෙනවාලු හෙට. ඒක හොඳට කෙරුණොත් වාට්ටුවකට දානවා කිව්වාලු. එහෙම වුණොත් අපි සෙනසුරාදාට බලන්න යමු" රොවේනා කිව්වා.

'ඒක හොඳයි. පුතාලා ඇවිත් නම් ඉතින් හිතට හයියක්නේ. කාසි ත් ඇවිල්ලාද දන්නේ නැහැ නේද?' මම කිව්වා.

'කාසි??" රොවේනා මගේ දිහා බැලුවේ ඔරවලා. "ඒ මිනිහා මොකට එනවාද ක්‍රිස්ටීන් බලන්න? මම ඉන්න වෙලාවක ආවොත් නම් මම දෙකක් කියනවා මිනිහට දුවන්න!' රොවේනා කෑගැහුවේ කේන්තියෙන්.

මෙතැන මොකක් නමුත් පටලැවිල්ලක් වෙලා කියලා මට හිතුණා

'නෑ මම කිව්වේ කාසි- අර ක්‍රිස්ටීන් ගේ එක්ස් හස්බන්ඩ්..' මම කියන්න පටන් ගත්තා.

'ඌ තමයි මාත් කියන්නේ- මතක් කරන්න එපා කෙලෙහි ගුණයක් නැති බල්ලා!' රොවේනා තාම කේන්තියෙන්

'රොවේනා, මට ක්‍රිස්ටීන් දික්කසාද වෙලා කියලා කියලා තිබුණාට කවදාවත් කාසිගේ වැරද්දක් කියලා නැහැ.. හැමදාම පුංචි පුංචි ලස්සන මතක විතරයි කිව්වේ.. ඒ නිසා මම එහෙම ප්‍රශ්නයක් ගැන දැනගෙන හිටියේ නැහැ. මම හිතුවා වෙන් වුනාට ඒ දෙන්නා තාම හිතවත්කමින් ඇති කියලා. ක්‍රිස්ටීන් ගේ කතා ඇහුවාම එහෙමයි හිතෙන්නේ!' මම ඉක්මනට පැහැදිලි කළේ රොවේනා ගේ කේන්තිය නිවන්න.

ඒක අහලා රොවේනාගේ සද්දේ ටිකක් අඩු වුණා. 'ඔව්.. මේ පිස්සු ගෑණි තාම කාසිට ආදරෙයි.. ඒකයි මෙච්චර දේවල් වෙලාත් කිසිම දොසක් කියන්නේ නැත්තේ." එයා තේ බොන ගමන් ඈත බලාගෙන කල්පනා කරන්න ගත්තා.

'ඉතින් මොකද ඇත්තටම වුණේ?' මම රොවේනාගෙන් ඇහුවා. මේ තරම් දැනගත්තු එකේ ඉතුරු ටිකත් දැනගත්තාට කමක් නැහැ කියලා මට හිතුනා.

'කාසියි ක්‍රිස්ටීන් යි මුලදී බොහොම හොඳට හිටියා. ක්‍රිස්ටීන් පුදුම ආදරයක් තිබුණේ කාසි ට. කාසිට විතරක් නෙමෙයි එයාගේ පවුලේ අයට, නෑදැයින්ට. කාසිගේ අම්මයි ක්‍රිස්ටීන් යි යාළුවො දෙන්නෙක් වගේ. දෙන්නාත් එක්ක එකතුවෙලා නිතරම ලංකාවේ කෑම ජාති හදනවා ඉස්සර. කොල්ලෝ දෙන්නවත් හැදුවේ ලංකාවේ තාලෙට. කාලයක් කාසි මොකක්දෝ උපාධියක් කළා. ඒ කාලේ අවුරුදු ගානක්ම ක්‍රිස්ටීන් තමයි සල්ලි හම්බකරලා ඔක්කොම වියදම් බලාගත්තේ. බැලූ බැල්මට ආදරේ පිරුණු පවුලක් ඒක. ඔහොම ඉඳලා එක දවසක් කාසි හදිස්සියේම අතුරුදහන් වුණා. ක්‍රිස්ටීන් පිස්සුවෙන් වගේ හැමතැනටම කතා කර කර එයාව හෙව්වා. කිසිම ඔත්තුවක් හොයාගන්න බැරිවුනු තැන පොලිසියටත් කිව්වා. මමයි එදා එයා එක්ක පොලිසියට ගියේ!' රොවේනා දිග හුස්මක් පිට කළා.

'පොලිසිය තමයි අන්තිමට විස්තර හොයාගත්තේ. කාසි කාලයක් තිස්සේ ප්ලෑන් කරලායි ඒ යන්න ගිහින් තිබුණේ. දෙන්නාගේ හවුල් බැංකු ගිණුම් බින්දුවටම හිස් කරලා සල්ලි අරන් තිබුණා. ඒ මදිවට බොරු ලියවිලි දීලා ක්‍රිස්ටීන් ගේ අර්ථ සාධක සල්ලි වලිනුත් ගන්න පුළුවන් ඔක්කොම අරගෙන. අතුරුදන් වෙලා ටික දවසකින් ක්‍රිස්ටීන් ට කාසිගේ ලෝයර්ගෙන් දික්කසාදය ඉල්ලලා ලියමනක් ලැබුණා. කාසිට කාලයක් තිස්සේ වෙන පවුලක් ඉඳලා. අන්තිමට එයා ක්‍රිස්ටීන් අතඇරලා ඒ පවුල තෝරාගෙන. මේ බව දැනගෙන ක්‍රිස්ටීන් පුදුම විදිහට කඩාගෙන වැටුණා. ක්‍රිස්ටීන් හිටිය ගෙදර, වාහන ඔක්කොම තිබිලා තියෙන්න කාසිගේ නමට. අපි කොච්චර කිව්වත් තමන්ට හිමි දේ ඉල්ලන්න කියලා ක්‍රිස්ටීන් කිසි දෙයක් ඉල්ලුවේ නැහැ. සෑහෙන දවසක් අඬලා අඬලා අන්තිමට එයා කිව්වා පුතාලා දෙන්නා ඇර කාසිට ඕන හැම දේම ගන්න ඉඩ දෙනවා කියලා. යන්න ඕන කෙනෙක් බලෙන් තියාගන්න එක එයා ආදරේ කරන විදිහ නෙමෙයි කියලාත් කිව්වා. ඉතින් අන්තිමට ක්‍රිස්ටීන් ට ඒ ගෙදරින් එලියට බහින්න වුණා. එතකොට පුතාල දෙන්නා පුංචියි. මහා යුද්ධයක් කරලා ඒ දෙන්නගේ වියදම් ඔක්කොම  බලාගෙන ලොකු මහත් කලේ ක්‍රිස්ටීන් තනියම. කාසි නඩත්තු දෙන්න හැදුවත් ඒවා කිසිදෙයක් ක්‍රිස්ටීන් ගත්තෙත් නැහැ. මෙච්චර දෙයක් කරලාත් කිසි දවසක් දොස් කිව්වෙත් නැහැ. අපි කාසිට බනිද්දීත් එයා හිනාවෙලා හැමදාම කිව්වේ 'මම මොකටද කේන්ති අරගෙන ලස්සන මතක ටික නාස්ති කරගන්නේ?' කියලා. ඉතින් ඒ නිසා කාසිට නම් කවදාවත් ක්‍රිස්ටීන් ගේ මූණ බලන්න බැහැ. හැබැයි කාසි අසනීප වෙලා කියලා ආරංචි වුණොත් ක්‍රිස්ටීන් නම් කිසිම කහටක් නැතිව බලන්න යයි!" රොවේනා එක හුස්මට කිව්වා. එයාගේ කටහඩේ තාම කේන්තිය තැවරිලා තිබුණා.

ඒ කතාව අහගෙන ඉඳලා මට හැම දෙයක්ම පැහැදිලි වුණා. මේතරම් කල් අහලා තිබුණු ක්‍රිස්ටීන් ගේ කතාවේ හිඩැස් ටික ඔක්කොම පිරවුණා. 'ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස!' මම මටම කියාගත්තා.
'මොකක්ද?' රොවේනා එයාගේ මතක අතරින් මිදිලා මගෙන් ඇහුවේ තිගැස්සිලා වගේ.
'නැහැ මුකුත් නැහැ.. අපි සෙනසුරාදාට යමු ක්‍රිස්ටීන් බලන්න.. මම ලංකාවේ කෑම ටිකක් හදාගෙන එන්නම් එයාට දෙන්න' මම හෙමින් සැරේ කිව්වා.


photo-pixabay

July 06, 2018

සිත්තර දවස්!

මා චිත්‍ර නොඇඳි කාලයක් මට මතක නැත. කිසිදිනක ඒ ගැන විශේෂ කුසලතාවයක් නොතිබුණත් චිත්‍ර ඇඳීම මා නිරතුරුවම සිදුකළ බවක් නම් මට හොඳ හැටි මතක ය.  මා කුඩාකල අප නිවසේ මට ඒ සඳහා ඕනෑවටත් වඩා අමුද්‍රව්‍ය තිබිණි. එක් පැත්තක් ලියූ කඩදාසි තාත්තාගේ කන්තෝරු කාමරයෙන් මට ලැබුණේ තොග වශයෙනි. කවරයේ 'ක්ෂේත්‍ර අධ්‍යයන සටහන්' යැයි සඳහන් පැරණි සටහන් පොතක් ද තාත්තාගෙන් මා හට ලැබී තිබිණි. එකල එහි කවරයේ සඳහන් වැකිය කියවා ගැනීමට තරම් මෝරා නොසිටියද, එහි තාත්තාගේ අකුරු අතර හිස්  ඉඩ වල චිත්‍ර අඳින්නට නම් මම බොහෝ උනන්දු වීමි.  අක්කලාගේ පැස්ටල් පෙට්ටි හා පාට පැන්සල් පෙට්ටි ආදියට මා අයිතිවාසිකම් කීවේ පාසැල් යන්නටත් බොහෝ පෙර සිට ය. හතර අත කඩදාසි වපුරාගෙන සිමෙන්ති පොළොවේ මුණින් අතට දිගෑදී වරු ගණන් චිත්‍ර  අඳිමින් කාලය ගතකළ මතකයන් බොහොමයක් මා සතුව ඇත. 'අඳින්න චිත්‍රයක් කියන්න!' යැයි ඉල්ලා මගේ පවුලේ අයට පෙරැත්ත කිරීම එකල මගේ විනෝදාංශය විය. මෙය ඔවුන්ට මහත් හිසරදයක් වන්නට ඇති බව මට වැටහෙන්නේ දැන් මගේ පුතු ත් එවැනිම ඉල්ලීම් නිරතුරුව මා වෙත ඉදිරිපත් කරද්දී ය. සාමාන්‍යයෙන් නිවසේ දහසකුත් එකක් රාජකාරී වල නියැලෙන වැඩිහිටියෙකුට දවසකට හත් අට වතාවක් 'අඳින්නට දෙයක් කීමට' මතක් කරගනු නොහැක. මට නිරන්තරයෙන් 'පෙරහැරක් අඳින්න!', 'දිග..කෝච්චියක් අඳින්න!' වැනි යෝජනා ඔවුන්ගෙන් ලැබෙන්නට ඇත්තේ එවිට වත් පැයකට දෙකකට හෝ මේ කන්කරච්චලයෙන් මිදෙන්නට හැකි වීම නිසා විය යුතුය.  

චිත්‍ර ඇඳීම සඳහා තිබුණු ආසාව නිසා පාසැලේදීත් මා සෞන්දර්ය විෂය සඳහා බොහෝ බැතියෙන් චිත්‍රම තෝරාගත්තෙමි. එහෙත් ඒ සතුට වැඩිකල් නොපැවතුණේ පාසැලේදී අනිවාර්යයෙන් පාවිච්චි කළ යුතුව තිබුණු දියසායම් මට අප්‍රසන්න වීම නිසා ය. 'අමුවෙන් පාට ගෑම' හෙවත් වතුර මුහු නොකර දිය සායම් ටියුබයෙන්ම පින්සලට සායම් තවරා ගෑමට මා ප්‍රිය කළ අතර එය අපගේ පාසලේ චිත්‍ර ගුරුතුමිය සැලකුවේ ආනන්තරිය පාපකර්මයක් ලෙස ය. මේ නිසා චිත්‍ර කාලජේද ගතවූයේ හිත් අමාරුකම් මැද ය. නිරතුරුව චිත්‍ර ගුරුවරියගේ ඇනුම් බැනුම් ලද නිසා 'මට චිත්‍ර අඳින්න බෑ!' යන සිතුවිල්ල මනසට තදින් කා වැදී තිබුණු මට සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ සඳහා 'ඩී' අකුරක් ලැබීම ඇදහිය නොහැකි කාරණාවක් විය. 


කටු සටහන් චිත්‍ර 

මගේ හැකියාව වැඩියත්ම තිබුණේ කටු සටහන් ඇඳීමට (sketching) බව එකල මා හරියාකාරව වටහාගෙන සිටියේ නැත. විවේක වෙලාවලදී රූපයක් දෙස බලා ඇඳීම, කාටුන් චිත්‍ර ඇඳීම මට මහත් තෘප්තියක් ගෙනදුන් ක්‍රියාකාරකම් විය. කොහෙන්දෝ ලැබුණු Disney Diary නම් පොතක් එකල මා සතුව තිබිණි. එහි මුළු Disney සත්ව සංහතියම විවිධ ඉරියව් වලින් නටමින් ගයමින් ක්‍රීඩා කරමින් සිටියහ. මේ රූප දෙස බලා උන්ව ඒ අයුරින්ම අඳින්නට මට එකල හැකියාව තිබිණි. මේ විනෝදාංශය  තවත් පියවරක් ඉදිරියට තබමින් පාට කොළ කැබලි කොලාජ් ක්‍රමයට අලවා මේවා පාට ගැන්වූ කාලයක් ද තිබිණි. ඇතැම්විට මේ කොළ කැබලි කෙතරම් කුඩා ද යත් මා ඒවා ඇලවීමට යොදාගත්තේ ඉඳිකටු තුඩකි. එකල මා මිතුරියන්ට යැව්වේ මා අතින් මෙසේ නිමවුණු උපන්දින සුබපැතුම් පත් ය. වරක් මෙලෙස වරුවක් තිස්සේ වෙහෙස වී පාට කොළ අලවා සකසා ගත් Donald Duck සහිත උපන්දින සුබපැතුමක් තැපෑලෙන් මිතුරියකට යැවූ පසු ඈ මට දුරකථන ඇමතුමක් දී  සිනාසෙමින් කීවේ ඒ සුබ පැතුම් පතේ කිසිවක් ලියා නොතිබුණු බවයි. චිත්‍රය ගැන කෙතරම් උනන්දු වී ද යත් එය ඇඳ අවසන් වූ පසු එහි සුබපැතුමක් වත් නම ගම වත් ලියන්නට මට අමතක වී ඇත! මෙවැනි සුබපැතුම් තනන්නේ මා බව දැන සිටි මිතුරිය එය මගෙන් බව අනුමාන කර තිබිණි. මෙවැනි කොලාජ් නිර්මාණය කිරීමේ කලාව මා එකල සෑහෙන  ප්‍රගුණ කළ අතර මට ඒ සඳහා පාට කොළ සොයා දීමට ඥාති මිත්‍රාදීහු ස්වේච්ජාවෙන් ඉදිරිපත් වූහ. මෙලෙස කොලාජ් මාර්ගයෙන්  Pooh, Piglet සහ Eeyore මෙන්ම  Sylvester සහ Tweety ආදී කාටුන් චරිත රැසක් මා අතින් පණ ලැබූහ . එකල මේ නිර්මාණ සඳහා මා හට කෙතරම් විවේකය තිබෙන්නට ඇත්දැයි සිතද්දී දැන් නම් දැනෙන්නේ පුදුමයකි.

මින්පසු එළැඹුණේ චිත්‍ර නොමැති ඉඩෝර කාලයකි. සරසවි යද්දී, රැකියාවට යද්දී, විවාහයෙන් පසු, මවක් වූ පසු මට අලස සුවයෙන් වරු ගණන් ගත කර චිත්‍ර අඳින්නට විවේකයක් නොතිබිණි. ඇතැම් විට තිබුණු විවේකයත් වෙන කටයුතු වෙනුවෙන් වැය විය.චිත්‍රයක් අඳින්නට පැන්සලක් පින්සලක් අතින් නාල්ලා දශකයක් හමාරක් ගත විය. එහෙත් පුතු වයසින් වැඩෙත්ම යළිත් මගේ විවේක කාලය එන්න එන්නම වැඩි වෙද්දී මා යළිත් පරණ විනෝදාංශ වෙත හැරෙන්නට වූයේ නිතැතිනි. මෙවර මගේ චිත්‍ර සඳහා ප්‍රධාන මාධ්‍යය වූයේ ලැප්ටොප් පරිගණකයයි. එහි ස්පර්ශ පුවරුව ඔස්සේ MS Paint භාවිතයෙන් චිත්‍ර අඳින්නට අත්හදා බලන්නට මා යොමු වූයේ කෙලෙසදැයි මට ම මතක නැත. MS Paint සාමාන්‍යයෙන් කිසිවෙක් කිසි සැලකිල්ලක් නොදක්වන program එකක් වූවත් මගේ අවශ්‍යතාවයට එය බෙහෙවින්ම ප්‍රමාණවත් විය. 'ඔය වෙනුවට photoshop පාවිච්චි කරන්න! drawing app එකකින් අඳින්න!' යැයි චිත්‍ර ශිල්පයට ලැදි හිතවතුන්ගෙන් මා හට උපදෙස් ලැබුණද ඒ එක් ක්‍රමයක් වත් මා හට Paint යොදාගෙන ඇඳීම තරම් සිතට සෑහුණේ නැත.


Paint යොදාගෙන ඇඳි චිත්‍ර 


 ඒ කෙසේ වෙතත්, තවමත් පෙර සේම ඇතැම් වේලාවට පැන්සලින් කටු සටහන් අඳින්නටත් තදබල දොළදුක් ඇතිවන අවස්ථා ද නැත්තේ නොවේ. එවන් හදිසි අවස්ථා ආදියෙහි ප්‍රයෝජනයට ගැනීමට මා නිතරම අත පාතක sketch pad එකක් තබාගෙන ඉන්නේ එබැවිනි.

                    

'හදිසි' චිත්‍ර 

දැන් නම් මට චිත්‍ර ඇඳීම ගැන අවවාද උපදෙස් දෙන්නට පොඩි දැනමුත්තෙක් ද හිඳී. 'that background doesn't match'.. ' you need more shading on the left'.. 'you seem to have improved a bit' ආදී දේ කියන ඔහු ව සතුටු කරන්නට ලේසි නැත. ඉතින් තවමත් කම්මැලිකමක් දැනුණු විට, සිත නොසන්සුන් වූ විට කුමක් හෝ අයුරකින් චිත්‍රයක් අඳින්නට හැකියාව තිබීමත් එක්තරා ආකාරයක සතුටකි!


July 03, 2018

ආදර කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුව
























The Department of Love | David Shumate


Hundreds of jilted lovers are lined up along its pink facade.  In bandages and crutches and slings.  Anxious to file a complaint.  They scribble their names.  List the defects of their most recent lovers.  Then spit on the paper to seal the deal.  The guards know most of them by name and take bets on when they’ll return.  There go a few victims now, limping out the back door along the lilac hedge.  They pause between two naked statues.  The yellow-haired woman flips her hair as if to flirt.  The tall baritone lets out a booming laugh. They chat a while. Then she reaches for his wrist and writes her number on his palm. It all seems so promising.  But if we go strictly by percentages, they’ll be back in line on Tuesday.


(David Shumate is an American poet who is famous for his prose poems)

දිනමිණ- වසත් සුළඟ 03.07.2018