Showing posts with label රේඩියෝ කතන්දර. Show all posts
Showing posts with label රේඩියෝ කතන්දර. Show all posts

May 21, 2019

දින නැති දිනපොතෙන් තවත් රේඩියෝ කෙටිකතා දෙකක්


මගේ 'පොසම් හදිසියක්' සහ 'ඉබ්බි' කෙටිකතා දෙක රේඩියෝ කෙටිකතා ලෙස පහත සබැඳියෙන් අහන්නට පුළුවන්. මීට වෙහෙසුන කැනඩාවේ 'සවන' රේඩියෝ කණ්ඩායමට මගේ ස්තූතිය!


April 04, 2019

'සහස් පියවර' ගැන කතාබහ

'සහස් පියවර' කෙටිකතා පොතේ මෙල්බර්න් පියනැඟුම අප්‍රේල් 7 ඉරිදා සිදුවන්නට නියමිතයි. ඒ ගැන පසුගිය දිනවල මෙල්බර්න් නගරයේ සිංහල ප්‍රජා ගුවන් විදුලි සේවා සහ පුවත්පත් වල කතාබහ සහ විචාර සිදුකෙරුණා. මේ මාධ්‍ය මඟින් මා වෙනුවෙන් ඉඩකඩ වෙන්කළ 3MDR Mel Lanka radioහි චරිත දිසානායක, 3zzz radioහි ජගත් ජේ එදිරිසිංහ, SBS Radioහි  දිල්රුක්ෂි විජේසූරිය, සන්නස පුවත්පතේ ලක්ෂ්මන් කොඩිතුවක්කු සහෘදයන්ට මගේ හද පිරි ස්තූතිය!






3zzz Radio




සන්නස පුවත්පත අප්‍රේල් කලාපය (14 පිටුව



March 19, 2019

රේඩියෝ කතන්දර වූ මගේ කතන්දර

කැනඩාවේ මිසිසාගා නගරයේ 'සවන' අන්තර්ජාල රේඩියෝ කණ්ඩායමෙන් මගේ කෙටිකතා කීපයක් රේඩියෝ නාට්‍ය බවට හරවා ප්‍රචාරය කරන්නට ඉල්ලීමක් ලැබුණේ මීට මාස කීපයකට කලින්. ඒ  ඔවුන්ගේ 'දින නැති දිනපොත'  රේඩියෝ නාට්‍ය මාලාව වෙනුවෙනි.  මගේ 'ප්‍රේමයයි වෛරයයි අතරේ' සහ 'වාසගම්' යන කෙටිකතා රේඩියෝ නාට්‍යය බවට හැරවී සවන ගුවන් විදුලියෙන් පසුගිය දෙසැම්බර් මාසයේදී විකාශය වූ අතර එහි යූ ටියුබ් දිගුව පහතින් ඇත. 

මෙවැනි නිර්මාණ කටයුත්තකට  දායක වන්නට ලැබීම මටත් අලුත්ම අත්දැකීමක් වන අතර  මගේ කෙටිකතා සඳහා මෙලෙස නොසිතූ මානයක් ලැබීම මට ඉමහත් සතුටකි. ඊට අවස්ථාව ලබා දුන් වසන්ත ලංකාතිලක, අනුරුද්ධ වැලිගමගේ ඇතුළු සවන රේඩියෝ කණ්ඩායමට මගේ ස්තූතිය පිරිනැමේ.