November 27, 2022

පරිවර්තිත කවි සඳහා තවත් මානයක්

දිනමිණ පුවත්පතේ බදාදා දින පළවෙන 'වසත් සුළඟ' කවි පිටුවේ 'විදෙස් කවිය' වෙනුවෙන් මම කවි පරිවර්තනය කරන්නට පටන්ගෙන දැන් අවුරුදු හයක් විතර වෙනවා. මේකට මම යොමුවෙන්නේ දිනමිණ පුවත්පතේ විශේෂාංග සංස්කාරවරියක් වන කාංචනා අමිලානි මිතුරිය හරහා. අවුරුදු ගාණක් එක දිගට හැම සතියටම පරිවර්තන කවියක් දිනමිණ ට යවන එක අභියෝගයක් වුණේ පරිවර්තනය කාර්යයට වඩා ඊට ගැලපෙන කවි හොයන්න අමාරු නිසා. පුවත්පතේ කවි පිටුව අක්‍රිය කාල වලදී ඇරෙන්න කොහොමහරි හැම සතියෙම වගේ මගේ පරිවර්තිත කවියක් පත්තරේ පළ වුණා.
 
මම මෙහෙම පරිවර්තනය කළ කවි වලින් තෝරාගත් ඒවා, තවත් විදෙස් කවි එක්ක එකතු කරලා සුවිශේෂ කටයුත්තකටත් යොදාගෙන තිබීම මට තවත් සතුට ගෙන දෙන ආරංචියක්. ඒ කැනඩාවේ අනුරුද්ධ වැලිගමගේ සහෘදයා ජනසන්නිවේදන හා ලේඛකත්ව පශ්චාත් ඩිප්ලෝමාව වෙනුවෙන් කළ ව්‍යාපෘතියක්.

කැනඩාවේ සවන අන්තර් ජාල ගුවන් විදුලියේ සවන කවි මිණි ආර වැඩසටහනේ 'කවියෙන් රටින් රටට' කොටස, විදෙස් කවි 50 ක් කවියන්ගේ විස්තරත්, මුල් කවි සහ පරිවර්තන recite කිරීමත් සමඟ නිර්මාණය වුණේ මේ අනුවයි. මේ කවි 50 ට මම පරිවර්තනය කළ කවි රැසක් ඇතුළත් වීම සුවිශේෂයි. පහත බ්ලොග් සටහනින් අනුරුද්ධ ඒ ව්‍යාපෘතිය ගැන විස්තර සඳහන් කරලා තිබෙනවා.
 
බ්ලොග් සටහනේ සඳහන් කරලා තියෙන විදිහට අනුරුද්ධට වගේම මටත් පාසැල් විෂය මාලාවේදී විදෙස් සාහිත්‍යය ඇසුරු කරන්න ඉඩකඩ ලැබුණේ නැහැ. ඒත් පසු කාලීනව හරි මේ වගේ විවිධ ක්‍රම වලින් විදෙස් නිර්මාණ ඒවා රස විඳින්න ලැදි අය එක්ක බෙදාගන්න ඉඩ ලැබීම භාග්‍යයක් හැටියට මම සලකනවා.


6 comments:

  1. හෙල්මලී ඔබේ සටහන මට ගෞරවයක්. මලී හරිම සංවිධානාත්මක වගේම හරිම කැපවීමෙන් පරිවර් තන කවියට සාධාරණයක් ඉටු කල බවට මා සතුව තවත් ඩිජිටල් සාක්ෂියක් තිබෙනවා. ඒ රූපණ අන්තර් ජාල රූපවාහිනියේ වෙබ්ගතව තිබෙන මේ කවි 6 .1. දෙවොලට නොයන්න - Rabindranath Tagore ( Go not to the Temple) 2. මළගම - Rupi Kaur ( Funeral)3. පාපෝච්චාරණය - Charles Bukowski ( Confession)4. වසන්තය - Linda Pastan(Spring)
    5. මේ කවිය ඔබටයි - Jimmy Santiago Baca (I Am Offering This Poem )6. තොටිල්ලේ ගීතය - Sarojini Naidu ( Cradle Song ). ඇගේම වචනවලින් ඈ එම කවි ගැන දුන් අර් තකථන අමයුරු කවි රස 10 වන වැඩසටහනේ සදහන් වුනේ මෙහෙමයි. ඉඩක් ලැබුණු වෙලාවක ඔබටත් මේ දිගුවෙන් ඒ වැඩසටහන රස විදින්න පුළුවන්. https://ahasgawwenehalokaya.blogspot.com/2021/11/10.html . ඔබේ ඉදිරි නිර් මාණ චාරිකාවට සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ, ඒ වැඩසටහනත් මම බොහොම ආසාවෙන් කළේ. එහෙම දේකට සම්බන්ධ වුණු පලවෙනි වතාව වුණත් ඔබේ සහයෝගයෙන් ඒක සාර්ථකව කරගන්න ලැබුණා.

      Delete
  2. ඔබ දෙදෙනා ගේම සාහිත ගමන්මග කවි රැසින් බැබලේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුමුදු

      Delete