November 14, 2022

සින්දු ටිකක්

කලින් සින්දු ගැන ලීව පෝස්ට් නිසා කමෙන්ට්ස් වලින් කලින් නොදැන හිටිය සින්දු ගැන දැනගත්තා. ඒ නිසා ආයෙත් සින්දු කීපයක් සහිත පෝස්ට් එකක් දාන්න හිතුණා. මේක ලියන්නේ මෑත කාලයේ බිහිවුණු මට ආසා හිතුණ සින්දු ගැන. 'මෑත කාලයේ' කිව්වට මේ සින්දු අවුරුදු කීපයක් පරණ වෙන්නත් පුළුවන් හැබැයි. පිටරටක ඉන්න අපිට අලුත් සිංහල සින්දු ඇහෙන්නේ/පේන්නේ තනිකරම අහම්බෙන්. Voice වගේ ලංකාවේ අලුත් ගායක ගායිකාවෝ බිහිවෙන programs එහෙම බලනවත් මම හරි අඩුයි. ඉතින් ඇත්තම කියනවානම් අලුත් සින්දුවක් ඇවිත් ඇඟේ හැප්පෙනකම් දන්නේ නැහැ කියන්න පුළුවන්. අනිත් එක මේ ලැයිස්තුවෙන් ලංකාවේ බිහි වුණු අලුත් සින්දු represent වෙන්නේත් නැහැ. අර විදිහට ඇවිත් ඇඟේ හැප්පිලා මට ආසා හිතුණු ඒවා විතරයි. ඒ තමයි disclaimers.  මෙයින් සමහර සින්දු ගැන මම කළින් බ්ලොග් සටහන් ලියලාත් තියෙනවා. 

මේ ලැයිස්තුව කැමැත්තෙ පිළිවෙලට නෙමෙයි, මතක් වෙන පිළිවෙලට. හැබැයි මුල්ම එක කැමැත්ත වැඩි නිසා මුලින්ම මතක් වුන එක.

  1. දෑත දරා ඇවිදින්- නාදගම කණ්ඩායම (මම පෞද්ගලිකව කැමති රිද්ම වීරවර්ධන තනියම කියන version එකට.
  2. කිසිවෙක් මා හට ගී ගයයි- දයාන් විතාරණ
  3. හීන පේන හැම රෑකම - හර්ෂණ දිසානායක
  4. නෙලා ගැනුමට- සුනීර සුමංග
  5. මඟහරින්නට බැරි ලෙසින්- දිවුල්ගනේ & නිලක්ෂි හැලපිටිය
  6. මටත් තිබුණා ප්‍රේමයක්- චන්දන ලියනාරච්චි
  7. නැති තරම්- රවීන් කණිෂ්ක
  8. නුඹත් හරි පුදුමයි- දිවුල්ගනේ
  9. සිනාසෙන තොල්- නිපුණි නයනතාරා
  10. අන්සතු ඔබ වෙත - තිසර වීරසිංහ
  11. ඈතින් ඇසෙන - දීපිකා ප්‍රියදර්ශනී
  12. කවිය- විදුල රවිශර
  13. නිමාවුණ පෙම් කතාවක සැමරුම් - දිවුල්ගනේ
  14. නොකියම ඉඳී - දීපිකා ප්‍රියදර්ශනී
  15. චන්ද්‍රා පායන්න- සශිකා නිසංසලා
  16. කොහේ හෝ - භාෂී දෙවංග
  17. නින්ද නේන- රවීන් කණිෂ්ක
  18. පිහිතුඩින් ආදරය ලීවේ- සංජීව් ලොන්ලියෙස්
  19. ඔබ සොයා- නිමේෂා තත්සරණි
  20. විරාමයේ- රිද්ම වීරවර්ධන
Digital sketch (පින්තූරේ දැම්මේ පෝස්ට් එකේ පාලුවට)





10 comments:

  1. මේ ටික දැක්කම මම කොච්චර වයස ගිහින්ද කියල තේරුණා. මේ ලිස්ට් එකෙන් දන්නේ එකම එක සිංදුවයි. ඒ සිනාසෙන තොල් ගීතය විතරයි. ඒකත් රසික ගෙ පරිවර්ථනයක් දැකලා ඒක අහලා ආස වුන එකක්.

    ReplyDelete
    Replies
    1. ඉයන්, මමයි කියලත් ලොකු වෙනසක් නැහැ :D
      මෙහෙම හරි දන්නේ මගේ වාහනේ තියෙන සින්දු ටික අහලා එපා උනාම අප්ඩේට් කරන්න අලුත් සින්දු හොයන නිසා.
      අලුත් ගයක ගායිකාවෝ, නළු නිලියෝ එහෙම නම් ඇඟේ හැප්පුනත් අඳුරන්නේ නැත

      Delete
  2. මෙන්න මගෙ ගානෙ:
    නංගියෙ: https://www.youtube.com/watch?v=iQ9G-73cZms
    යකඩ මනමාලී: https://www.youtube.com/watch?v=mnWIeyJQGUg
    තනි අලියා : https://www.youtube.com/watch?v=WQ-H5pu4w4I

    - ශිශිර තාරකා නින්දෙදි, හීනෙන් ඇවිදන් ආපු බස්සෙක් -

    ReplyDelete
    Replies
    1. Thank you බස්සා- අහලා බලන්නම්!

      Delete
  3. මගේ ළිඳේ දිග පළලත් පෙන්නන්න
    ලිව්ව post එකක් වගේ මට දැනුන
    මේකට තුති මලී, නිදහස හොයාගෙන
    අසනෙමි සිංදු එකේ හිටං පටන් ගෙන!

    ReplyDelete
    Replies
    1. you are welcome නිදි!
      අහලා ෆීඩ් බැක් එකක් දෙන්නකෝ

      Delete
  4. මම ආවා 'spoiler' එකක් දලා යන්න. අලුත් සිංදු නෙවෙයි, නමුත් පරන සිංදු දෙකක් හරිම ලස්සනට, දැනෙන විදිහට කියන කෙනෙක්- Devashrie de Silva (and Billy Fernando). මමත් දන්නෙ නම් නෑ එයා ගැන, නමුත් mesmerizing වොයිස්.

    රන් තරු පායන : https://www.youtube.com/watch?v=FFdQVbCbW7g

    චන්ද්‍රා මේ රෑ පායා: https://www.youtube.com/watch?v=uBqpELuKIYc

    ReplyDelete
    Replies
    1. Thank you Lotus!
      ඇත්ත තමයි, සමහර වෙලාවට අලුත් පරපුර පරණ සින්දු කියනවා බලන එක mesmerizing වැඩක්!

      Delete
  5. අලුත් තරු අතර රවීන් කණිෂ්ක ප්‍රතිභාව සහිත ගායකයෙක්.
    එයාගෙ "විසිරී තිබුණා" ගීයත් දිගැසී ගීයත් මා මනසේ ගීයත් අපූරුයි.
    අහලා බලන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Chandima
      රවීන් කණිෂ්ක ට තියෙන්නේ පුදුම විදිහට ෆ්ලෙක්සිබල් කටහඬක්. මාත් කැමති අලුත් ගායකයෙක්.
      දෙවෙනි ඉනිමේ රඟපානවා දැකලා කැපිලා තිබුණු ලකුණු ආයෙත් දුන්නා සින්දුවක් දෙකක් ඇහුවාම :D

      Delete