August 26, 2021

දෑත දරා ඇවිදින් ආදරයෙන්...

 


මට හිතට අල්ලන සින්දු මුණගැහෙන්නේ හරි අඩුවෙන්. මම සිංදුවල ව්‍යාකරණ වැරද්දක් හරි හොයාගෙන ඒවාට අකමැති වෙනවා කියලා මට යාළුවො හිනාවෙනවා. 

දැන් කාලේ අලුතෙන් බිහිවෙන බොහොමයක් කඨෝර සින්දු අතරින් මේ සින්දුවේ මුදු බවට ඒ වචනවල ගීතවත් බවට මම කැමතියි. ලංකාවෙන් පිට ඉන්න නිසා අලුත් ගායක ගායිකාවෝ ගැන නොදන්නා මම රිද්ම වීරවර්ධනව මුලින්ම දැක්කෙත් අදයි. ඒත් ඔහුගේ පෙනුමත් මට හරි හුරුපුරුදුයි වගේ, ගායනයත් ළබැඳියි. 

ඕන තරම් වෙලා අහගෙන ඉන්න පුළුවන්, ආයෙත් අයෙත් අහන්න පුළුවන් සින්දුවක්!

පද - නිසල් ගමගේ 
ගායනය සහ සංගීතය- රිද්ම වීරවර්ධන 

August 18, 2021

දෙවොලට නොයන්න

Translation of the Poem 'Go not to the Temple' by Rabindranath Tagore

https://epaper.dinamina.lk/Home/FullPage

දිනමිණ, වසත් සුළඟ 18. 08. 2021 (14 පිටුව)

August 11, 2021

අත්හැර යෑම්


Translation of the poem Departures by Marianne David






දිනමිණ, වසත් සුළඟ 11. 08. 2021 (14 පිටුව)
https://epaper.dinamina.lk/Home/FullPage

August 07, 2021

මනුස්ස යන්තර | පියසීලි විජේමාන්න

එක හුස්මට කියවගෙන යන්න පුළුවන් රස කෙටිකතා පොතක් කාලෙකට පස්සේ හම්බවුණා. ඒ පියසීලි විජේමාන්නගේ 'මනුස්ස යන්තර.' මේ පොත 2019 රජත පුස්තක සම්මානයට නිර්දේශිත පොතක්.

කෙටිකතා නමයක් ඇති මේ පොතේ කතා බහුතරයකට පදනම් වෙලා තියෙන්නේ දුලබ නිමිති කියන්න පුළුවන්. හුරුපුරුදු තේමා ඇති කතා කීපය වුණත් ලියවිලා තියෙන්නේ අලුත් කෝණයකින් නිසා කියවද්දී දැනෙන්නේ නැවුම් බවක්. මේවා අතරින් 'යතුරු කැරැල්ලක්' සහ 'සුසීගේ රොටි කඩේ' යන කෙටි කතා සුවිශේෂීයි.





මනුස්ස යන්තර (2018)
කතෘ - පියසීලි විජේමාන්න
ගොඩගේ ප්‍රකාශනයක්

August 04, 2021

ගස්

 Translation of the poem 'Trees' by Rudy Francisco



දිනමිණ වසත් සුළඟ 04. 08. 2021

 https://epaper.dinamina.lk/Home/ShareImage?Pictureid=cec9938a