ඕස්ට්‍රේලියාවේ පළ වන සිංහල පුවත්පතක් වන සන්නස පුවත්පතේ 2022 අගෝස්තු කලාපයේ පළ වූ තාත්තා සමඟ පිළිසඳරයි මේ. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පසු වසර කීපයක සිට තාත්තා සෑම මසකම නොවරදවා සන්නස පුවත්පතට ඉතා වටිනා තොරතුරු සහිත ලිපි සපයන්නේ කිසිදු වාසියක් රහිතවයි. ජීවිතයේ විවේකී සැඳෑ සමයේදී ලේඛනය ඇරඹූ තාත්තා පසුගිය පස් වසර ඇතුළත පොත් තුනක් ලියා අවසන් කර ඇත. මට වඩා බෙහෙවින් ක්‍රියාකාරී බ්ලොග්කරුවෙක් වන ඔහු අධ්‍යාපන රසකතා බ්ලොගයේ හිමිකරුයි.