December 01, 2021

පුංචි ගස- ලන්ඩන් කවි


'ලන්ඩන් කවි' නිර්මාණ එකතුවට දායක වන්න ලැබීම මට ඉමහත් සතුටක්. මීට මා සම්බන්ධ කර ගත් අනුර හෑගොඩ සහ ඊට මඟ පෙන්වූ අනුරුද්ධ වැලිගමගේ සහෘදයන්ට මගේ ස්තූතිය.
 
ලන්ඩන් කවි- දෙසැම්බර් කලාපය.
https://tinyurl.com/mrxxtpmt

-පුංචි ගස-
Translation of the poem 'Little Tree' by E. E. Cummins

පුංචි ගස
පුංචි නිහඬ නත්තල් ගස
නුඹ ඉතා කුඩා ය
පෙනුමට කුසුමක් මෙනි

හරිත පැහැ වනය මැද
නුඹව සොයාගත්තේ කවුද?
ඉන් මිදී මෙහි එද්දී
නුඹට කණගාටුවක් දැනුණා ද?
නුඹ මිහිරි සුවඳැති බැවින්
මම නුඹව සනසමි

සිසිලැති බඳ සිපගෙන
නුඹේ මව කරනු ඇති පරිදිම
නුඹව තරයේ වැළඳගනිමි
ඉතින් බිය නොවන්න

බලන්න
වසරක් පුරාවටම
අඳුරු පෙට්ටියක නිදන මේ සැරසිලි
සිහින දකින්නේ
පිටතට පැමිණ දිලිසුමට ඉඩ ලැබීම ගැනයි
මේ ගෝල, රත් හා රන් පැහැති දම්වැල්,
විසිතුරු රැහැන්

ඔබේ කුඩා දෑත් ඔසවන්න
ඒ සියල්ලම ඔබට දෙන්නම්
හැම අතැඟිල්ලකටම මුද්දක් ලැබේවි
ඉතින්
කිසිම අඳුරු, දුක්බර ඉඩක් ඉතිරි නොවේවි
සැරසී නිම වුණු පසු
හැමටම පෙනෙන විලසින්
නුඹ කවුළුව අද්දර හිඳිනු ඇති
හැමකෙනෙක්ම
එදෙස දෑස් දල්වා බලනු ඇති!
නුඹට බොහෝ ආඩම්බර සිතේවි

මාත් නැගණියත් දෑත් අල්ලාගෙන
අපේ අලංකාර ගස දෙස බලා
ගී ගයමින් නටන්නෙමු
“නත්තල නත්තල”

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක





11 comments:

  1. Replies
    1. ස්තූතියි බස්සා!

      Delete
  2. අනුර මගේ පොත් උත්සවේට එන්න ඉඳල එයාට බැරි වුනා , ඒකට කවියක් යන්න ඕනේ , කවිය මරු ඈ , අපේ නත්තල් ගහත් ඔය වගේ , දනේලියට එන්න කාලේ හරි

    ReplyDelete
    Replies
    1. අජිත් ස්තූතියි, යවමු ඊළඟ කලාපයට කවියක්.
      නත්තල් සමරුවේ නැතත් නත්තල් ගහක් හදන සිඟිති ආසාවක් තියෙන කෙනෙක් මම. ඒත් මේ සැරේ නම් ටිකක් කලබලයි. බැරි වෙයි වගේ.

      Delete
  3. අනුර හෑගොඩ ලාල් හෑගොඩගෙ කවුරු හරිද

    ReplyDelete
    Replies
    1. ඥාතියෙක් වෙන්න ඇති. මම නම් හරියටම දන්නේ නැහැ.

      Delete
  4. හෙල්මලී මගේ නම සදහන් කල නිසා මට මේ ටික ලියන්න හිතුනා. මම හෙල්මලී ගේ පරිවර්තන කවි එකක් නෑර කියවන රසිකයෙක්. ඇගේ අවසරයෙන් උපුටා ගත් ඇගේ කවි රැසක් කැනඩාවේ සවන අන්තර්ජාල ගුවන් විදුලියේ ප්‍රචාරය වන කවි මිණි ආර වැඩසටහන තුලින් ඔබට අහන්න පුළුවන්. ඒ හිතවත් කමේ දිගුවක් විදිහට වෙනස්ම කවි 6ක් ඇය ලවා පරිවර්තනය කරගෙන රූපණ අන්තර්ජාල රූපවාහිනියේ පරිවර්තන කවියේ මිහිරියාව නමින් වැඩසටහනක් කලා. ඒ කාර්යයේදී ඇගේ කැපවීම සහ වෙලාවට වැඩ කිරීමේ ගුණය හින්ද ලන්ඩන් කවියේ සංස්කාරක අනුර හෑගොඩ කිවිදුන්ට ඇයව හදුන්වා දුන්නා. ඇගේ දක්ෂතා රැසක් ඉදිරි කලාපවලදී අපට රස විදින්නට හැකි වේවි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ. ලංකාවටත් ඕස්ට්‍රේලියාවටත් සීමා වෙලා තිබුණු මගේ නිර්මාණ ඉන් ඔබ්බට අරගෙන යන්න මඟ පෑදුවේ ඔබ කියලා කිව්වොත් හරි. මුලින්ම මගේ කෙටි කතා රේඩියෝ කතන්දර හැටියට කැනඩාවේ සවන රේඩියෝවේ විකාශය කරන්න ඔබ අවසර ඉල්ලූ තැන ඉඳන් මේ දක්වා අපට එක එක මාන වල නිර්මාණ කරන්න ඉඩ ලැබුණා නේද? ඒවාට දායක වෙන්න ලැබීම මට බොහොමත්ම සතුටක්. මේ තල්ලුවටත් ස්තූතියි.

      Delete
  5. අපූරුයි නෙව. වෙනදා වගේම.. ❤️❤️

    ReplyDelete