මගේ ඩිජිටල් චිත්‍ර ප්‍රදර්ශනයක් තියන්න කියලා ගිය අවුරුද්දේ යෝජනා කළේ මගේ බ්ලොග් මිතුරු මිතුරියෝ තමයි. ඒ නිසා මම ඒ වෙද්දී ඇඳලා තිබුණු චිත්‍ර එකතු කරලා වීඩියෝ එකක් දැම්මා. මේ අවුරුද්දෙත් තව වීඩියෝ එකක් දාන්න හිතුණේ ඊටපස්සේ ඇන්ද චිත්‍ර සෑහෙන්න තියෙන බව තේරුණු නිසා. මෙතැන චිත්‍ර 52ක් තියෙනවා. ගණන් හදලා බැලුවාම මම සතියට එක චිත්‍රයක් විතර ඇඳලා කියලා තේරුණේ තව මීට ඇතුළත් නොකළ ඩිජිටල් චිත්‍ර ටිකකුත් තියෙන නිසා! අතින් අඳින චිත්‍ර නම් sketch books පිරෙද්දී තියෙන ගාණ තේරුණත් ඩිජිටල් චිත්‍ර ටික මෙහෙම එක තැනකට එකතු කරනකම් මේ තරම් තියෙයි කියලා හිතුණේ නැහැ.
මෙහෙම චිත්‍ර අඳින්න වෙලාව කොයින්ද කියන එක මට නිතර අහන්න ලැබෙන ප්‍රශ්නයක්. බහුතරයක් ඩිජිටල් චිත්‍ර මම හරි ඉක්මණින් අඳිනවා. (සියුම් වැඩ කිඩ නැති ඒවා) මම සමහර චිත්‍ර අඳින්නේ තව දෙයක් කරන ගමන්. ඒ කියන්නේ audio book එකක් අහද්දී, නැත්නම් කෝල් එකක් අතරතුර. මට ඒ වැඩ දෙකම පටලවා ගන්නේ නැතිව එක සැරේ කරගන්න පුළුවන්. ඉස්සර ස්ටයිලස් එකෙන් ඇන්දාට ඒ කම්පියුටරේ ඇණ හිටි නිසා මේවා නම් ඔක්කොම වගේ mouse හෝ touch pad එකෙන් ඇන්ද ඒවා.
මම ඩිජිටල් චිත්‍ර ඇඳීම ගැන කිසිම හැදෑරීමක් කරලා නැති බවත්, තනිකරම self taught බවත්, හරියට අඳින්න පටන් අරන් තාම අවුරුද්දක් දෙකක් වගේ බවත් මේ එක්කම කියන්න ඕන. පොදුවේ කොයි මාධ්‍යයෙන් චිත්‍ර ඇන්දත් ඒක මට බොහොමත්ම හිත නිවන වැඩක්. මම ලියන, පරිවර්තනය කරන දේවල් ලස්සන කරන්න ඒවා පාවිච්චි කරන්න පුළුවන් වීම බෝනස් එකක්.
ඉතින් මේ අවුරුද්දේ මගේ ඩිජිටල් චිත්‍ර ප්‍රදර්ශනය රස විඳින ගමන් තමන් කැමතිම චිත්‍ර ගැන කියන්න කියලා මගේ ෆෑන්ස්ලාට ආරාධනා කරනවා!