මට ජපන් anime කාටූන් බලන්න පුරුදු කළේ පුතා. එයා ඉස්සර ඒවා සැහෙන්න බලනවා විතරක් නෙමෙයි දිගට හරහට ඒවායේ heroes ලා ඇන්දාත් එක්ක. එයා නම් ඒ කාලේ බැලුවේ action වැඩි ඒවා. පුතාගෙන් පුරුදු උනාට පස්සේ මම බැලුවේ fantasy වැඩි ඒවා. ඒ අතරින් My Neighbor Totoro, Spirited Away, Howl's Moving Castle වගේ ඒවා විශේෂයි, හැබැයි මගේ ප්‍රියතම කතාව නම් Arietty. ඒක කොයිතරම් වාරයක් බලලා ඇතිද කියලා මටම මතක නැහැ, බලන හැම වාරයක්ම ඒ කතාව හරි නැවුම්.
දැන් පුතාට anime බලන්න වෙලාවක් නැහැ, ඒ වුණාට අම්මා නම් තාම බලනවා!
අද ඇන්දේ Totoro, Chibi Totoro & Soot Sprites
Mixed media painting