Translation of the short story ‘The Doll’s House’ by Katherine Mansfield
බර්නෙල් නිවසේ ටික කලක් නැවතී උන් හේ මහත්මිය ආපිට නගරයට ගිය පසු බර්නෙල් පවුලේ දරුවන්ට සෙල්ලම් කිරීමට ත්‍යාගයක් ලෙස බෝනිකි නිවසක් එවූවාය. මේ නිවස කොයිතරම් විශාලද යත් එය ගෙමිදුලට ගෙනාවේ කරත්තකරු සහ පැට් යන දෙදෙනාම විසින් ඔසවාගෙනය. නිවසින් පිටත, ධාන්‍යාගාරයේ දොර අසල ලී පෙට්ටි දෙකක් මත එය රඳවා තබන ලදී. එය ගිම්හාන කාලය බැවින් එතැන ඊට හානියක් සිදු නොවනු ඇතැයි පොදු මතය විය. නොබෝ දිනකින් එය නිවස තුළට ගැනීමට කාලය එළඹුණු විට, එහි තීන්ත සුවඳ වියැකී තිබෙනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වූහ. ඒ බෝනිකි නිවස සුන්දර හේ මහත්මිය ඉතා කාරුණිකව දුන් ත්‍යාගයක් වූවත් බෙරිල් නැන්දාගේ මතය වූයේ ඉන් නික්මුණු තීන්ත සුවඳ කෙනෙක් අසනීප කරවන්නට තරම් ප්‍රබල බවයි.
මේ බෝනිකි නිවස තද කොළ පැහැති වූ අතර එහි ඇතැම් කොටස් දීප්තිමත් කහ පැහැයකින් යුතු විය. රතු සහ සුදු තීන්ත ආලේපිත සවිමත් දුම් කවුළු දෙකක් එහි වහලට අලවා තිබිණි. නිවසේ කහ පැහැති ඉදිරිපස දොර, පැණිරස කෑමක් සේ දිලිසුණි. ඇත්තම වීදුරු වලින් තැනුණු ජනේල මත අඳින ලද පළල් තීන්ත ඉරි මඟින් ඒවා කොටස් වලට බෙදා තිබුණි. මේ බෝනිකි නිවසට කහ පැහැති තීන්ත ආලේපිත ඉතා කුඩා බරාඳයක් වූ අතර එහි කෙළවරවල වියලුණු තීන්ත කුට්ටි එල්ලෙනු දක්නට තිබිණි. මේ කුඩා නිවසේ කදිම බවට එහි තීන්ත සුවඳ බාධාවක් නොවූ අතර එය එහි නැවුම් බව තවත් වැඩි කළා පමණි.
"කවුරු හරි මේක ඉක්මනට අරින්න!"
බෝනිකි නිවස විවර කිරීම සඳහා එහි පැත්තක තිබුණු අල්ලුව තද වී තිබිණි. පැට් තම පිහි තලයෙන් ඊට වැර යෙදූ විට නිවසේ මුළු ඉදිරිපසම විවර විය. සියලු දෙනා දෙනෙත් විදහාගෙන එකවරම බෝනිකි නිවස තුළට එබී බලන්නට විය. එහි විසිත්ත කාමරයක්, කෑම කාමරයක්, මුළුතැන්ගෙයක් සහ නිදන කාමර දෙකක් විය. අන් හැම සැබෑ නිවසක්මත් මෙලෙසින් මුළුමනින්ම විවර නොවන්නේ ඇයි? සාමාන්‍ය නිවසක පුංචි දොර කවුළුවකින් එබී බලා ඉන් ඔබ්බෙහි ඇති කිසි පෙනුමක් රහිත ඇතුල්වීම් ශාලාවක තොප්පි රඳවනයක් සහ කුඩ දෙකක් දකිනවාට වඩා මේ ක්‍රමය කොයිතරම් කදිමද? නිවසක දොරකට තට්ටු කරද්දී ඒ නිවස ගැන දැනගන්නට ආසා ඇති සියලු දේ මේ ක්‍රමයට එක්වරම දිස් වේ නම්! ඇතැම්විට දෙවියන්වහන්සේ සුර දූතයෙක් සමඟ මහා රාත්‍රියේදී නිවෙස් තුළට එබෙන්නේත් මෙලෙස විය හැක.

"ඕ!.. ඕ" බර්නෙල් පවුලේ දරුවෝ බෝනිකි නිවසේ ඇතුල්පස දැක පුදුමයෙන් කෑ ගැසූහ. මේ සතුට ඔවුන්ට දරාගැනීමට අපහසු වූවා මෙනි. මෙවැනි දෙයක් ඔවුන් මීට පෙර කිසි කලෙක දැක තිබුණේ නැත. බෝනිකි නිවසේ හැම කාමරයකම බිත්ති කඩදාසියෙන් අලංකාර කර තිබුණු අතර ඒවායේ රනින් රාමු කළ කුඩා පින්තූර එල්ලා තිබිණි. මුළුතැන්ගෙය හැර හැම කාමරයකම බිම තිබුණේ රතු පලස් ය. විසිත්ත කාමරයේ රත් පැහැති සැප පුටුද, කෑම කාමරයේ කොළ පැහැති සැප පුටුද දක්නට තිබිණි. මීට අමතරව කුඩා මේස, සැබෑම ඇඳ ඇතිරිලි සහිත ඇඳන්, තොටිල්ලක්, ලිපක් සහ ඉතා කුඩා පිඟන් සහ ජෝගුවක් සහිත අල්මාරියක්ද එහි විය. කේසියා නම් මේවා අතරින් වඩාත්ම ඇලුම් කළේ එහි වූ ලාම්පුවටය. කෑම මේසය මැද කහ පැහැයට හුරු බඳක් සහ සුදු ගෝලයක් සහිත ඉතා අලංකාර ලාම්පුවක් විය. එය දල්වන්නට නොහැකි වූවත් ඉන් දිස් වූයේ එය දල්වන්නට සූදානම් බවකි. එය සෙලවූ විට තෙල් වැනි යමක් ඒ තුළ සෙලවිණි.
බෝනිකි දෙමව්පියන් සාලය මැද ක්ලාන්ත වූවාක් මෙන් දරදඬුව වැතිර සිටි අතර ඔවුන්ගේ කුඩා දරුවෝ උඩු මහලේ නිදා සිටියහ. ඔවුන් බෝනිකි නිවසට ප්‍රමාණයෙන් විශාල වැඩි බවක් සහ ඊට අයිති නැති බවක් පෙනුණි. එහෙත් ලාම්පුව නම් නියමාකාරයෙන්ම නිවසට ගැලපුණි. එය කේසියා වෙත බලා සිනාසී 'මම මෙහෙ ඉන්නේ' යැයි කියන බවක් ඇයට දැනුණි.
පසු දින උදෑසන බර්නෙල් පවුලේ දරුවන්ට පාසැලට යන්නට ඉවසුම් නැතිවිය. සීනුව නාද වන්නට මත්තෙන් තම සගයන්ට බෝනිකි නිවස ගැන පාරම්බාන්නට, පුරසාරම් දොඩන්නට නොඉවසිල්ලෙන් ඔවුහු දැවෙමින් සිටියහ.
"මම වැඩිමල් නිසා මම තමයි විස්තර කියන්නේ" ඉසබෙල් කීවාය. "ඔය දෙන්නට ඕන නම් පස්සේ කතාවට එකතු වෙන්න පුළුවන්. හැබැයි මම තමයි පටන්ගන්නේ."
මීට පිළිතුරු ලෙස කිව හැකි දෙයක් නොවීය. ඉසබෙල් නිතරම ලොකුකම් පෙන්වූවත් ඇය කී දේවල් හැමවිටම නිවැරදි විය. වැඩිමලා වීම නිසා ඇයට ලැබෙන බලපුළුවන්කාරකම් ගැන ලොටීත්, කේසියාත් හොඳාකාරවම දැන සිටියෝය. ඔවුහු කිසිවක් නොකියා පාර අද්දර ඝනව වැඩුණු බටර්කප් මල් ගාල අද්දරින් ගමන් කළහ.
"අනික බෝනිකි ගෙදර බලන්න එන්නේ කවුද කියලා මුලින්ම තෝරන්නේ මමයි. අම්මා කීවා එහෙම කරන්න පුළුවන් කියලා."
බෝනිකි නිවස ගෙමිදුලේ තිබෙන තාක් එය නැරඹීමට පාසැලේ සෙසු දැරියන් කැඳවාගෙන එන්නට වැඩිහිටියන්ගෙන් අවසර ලැබී තිබිණි. වරකට දෙදෙනෙක් බැගින් කැඳවාගෙන එන්නත්, එසේ ආ විට ඔවුන් හවස කෑමට නතර නොවෙන්නත්, නිවස පුරා ඇවිද නොයන්නත් වගබලා ගත යුතු විය. ඔවුන්ට ඉසබෙල් බෝනිකි නිවස ගැන විස්තරයක් කරද්දී, ලොටී සහ කේසියා සතුටු මුහුණින් පසෙකින් සිටිය යුතු වූ අතර අමුත්තන් නිශ්ශබ්දව සවන් දිය යුතුව තිබුණි.
එදා ඔවුන් කෙතරම් වේගයෙන් පාසලට ගමන් කළත් පිරිමි ළමුන්ගේ ක්‍රීඩා පිටියේ වැට පසු කරද්දීම සීනුව නාද වෙන්නට විය. ඉනික්බිති යන්තම් වේලාව තිබුණේ ඉක්මණින් තම තොප්පි ගලවා දමා නම් ලකුණු කිරීම සඳහා පෝලිමට එකතු වීමටය. මේ පසුතැවීම මඟහරවා ගැනීමට ඉසබෙල් බැරෑරුම් පෙනුමක් ආරූඪ කරගෙන තමන් වටා සිටි දැරියන්ට "ඔයගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා, විවේක වෙලාවට කියන්නම්," යැයි රහසින් කීවාය.
විවේක වෙලාවේදී ඉසබෙල් වටා ළමෝ රොක් වූහ. ඇගේ පන්තියේ දැරියෝ ඇයගේ කර වටා අත් දමන්නට, ඇය හා ඇවිදින්නට, ඇය දෙස ගෞරවයෙන් බලා සිටින්නට, ඇයගේ විශේෂ මිතුරියක් වන්නට එකිනෙකා හා රණ්ඩු වූහ. සෙල්ලම් පිට්ටනිය කෙළවරේ ඇති විශාල දේවදාර ගස් සෙවනේ රැස්ව සිටි මේ සභාවේ සිටියේ එකිනෙකා තෙරපා ගනිමින්, සිනාසෙමින් උන් කුඩා දැරියන් රැසකි. මේ සමාගමයෙන් පිටත සිටියේ සෑම දිනකම සෑම දෙයකින්ම පිටමං කරනු ලැබූ කෙල්වි පවුලේ දරුවන් දෙදෙනාය. බර්නෙල් දැරියන්ට කිට්ටු නොවෙන්නට වග බලා ගැනීමට ඔවුහු දැන සිටියහ.
සත්‍යම කරුණ නම් මේ පාසැලට බර්නෙල් පවුලේ දරුවන් එවනු ලැබුවේ වෙනත් විකල්පයක් නොමැති වීම නිසායි. වටපිට හැතැප්ම ගණනකට පාසලකට තිබුණේ මෙය පමණි. මේනිසා පළාතේ සියලුම දරුවෝ ඉගෙනුමට මෙහි ආවෝය. විනිසුරුගේ දියණියන්, දොස්තරගේ දියණියන්, කඩහිමියාගේ දරුවන් සහ කිරි කරුගේ දරුවන් යන හැම දෙනාටම එකට එක්ව ඉගෙනගැනුමට සිදුවී තිබිණි. මීට අමතරව අශීලාචාර පිරිමි ළමුන් රංචුවක්ද මේ පාසැලේ විය. කරුණු මෙසේ වූවත් පන්ති භේදයේ ඉර කොතැනකින් හෝ ඇඳිය යුතුව තිබුණු අතර මේ ඉර අඳිනු ලැබුවේ කෙල්වි පවුල අසලිනි. බර්නෙල් පවුලේ දරුවන් ඇතුළු බොහෝ දරුවන්ට කෙල්වි පවුලේ දරුවන් හා කතාබස් කිරීම තහනම්ව තිබිණි. කෙල්වි දරුවන් බෙහෙවින් කොන් කරනු ලැබූ අතර අනෙත් ළමුන් ඔවුන් අසලින් ගමන් කළේ තමන්ගේ මුහුණු ඉහළට හරවා ඔවුන් දෙස නොබලා ය. ගුරුවරියට පවා ඔවුන් වෙනුවෙන් වෙන් කරන ලද විශේෂ කටහඬක් විය. ලිල් කෙල්වි විසින් පාර අද්දර බොහොම සුලබව දකිනු හැකි මල් නෙලා පොකුරක් සේ සකසා ගුරුවරියට ගෙනත් දෙද්දී එය ඉවසමින් පන්තියේ සෙසු ළමුන් වෙත පෙන්වන්නට විශේෂ සිනාවක්ද ගුරුවරිය සතු විය.
නිවසින් නිවසට ගොස් කුළියට රෙදි සෝදන කඩිසර කාන්තාවක් මේ කෙල්වි දැරියන් දෙදෙනාගේ මව විය. මේ කාරණයම මහත් අවනම්බුවක් වූවා මදිවාට කෙල්වි පවුලේ පියා කොතැනක වීදැයි කිසිකෙනෙක් දැන සිටියේ නැත. ඔහු සිරගතව සිටි බව සැමගේ මතය විය. එබැවින් ඒ දැරියන් සිරකරුවෙක්ගේ සහ රෙදි සෝදන්නියකගේ දරුවන් සේ සැලකිණි. ඔවුන්ගෙන් දිස් වූයේද අපිළිවෙල පෙනුමක් බැවින් ඔවුන් අන් අයගේ දරුවන්ට ආශ්‍රයට නුසුදුසු විය. කෙල්වි පවුලේ මව ඔවුන්ව අන් ළමුන් අතරින් කැපී පෙනෙන ලෙස ඉස්මතු කළේ ඇයිදැයි පැහැදිලි වූයේ නැත. ඇය ඔවුන්ට අඳින්නට දුන්නේ ඇයට විවිධ නිවෙස් වලින් ලැබුණු ඇඳුම් පැළඳුම් වල කොටස් ය. විශේෂ පෙනුමක් රහිත, තරබාරු, මුහුණේ ලප සහිත දැරියක් වූ ලිල් පාසැලට ආවේ බර්නෙල් පවුලේ පරණ මේස රෙද්දකින් මැසූ ගවුමක් ඇඳගෙන ය. ඒ ගවුමේ අත් මසා තිබුණේ ලෝගන් පවුලේ පරණ රතු පැහැති විල්ලුද ජනෙල් රෙදි වලිනි. ඇගේ පුළුල් නළල වැසුණු තොප්පිය වැඩිහිටි කාන්තාවකගේ එකකි. මීට පෙර එහි හිමිකාරිය වූයේ තැපැල් ස්ථානාධිපතිනිය වූ ලෙකී මෙනවියයි. මේ තොප්පියේ පසුපස වාටිය ඔසවා මසා එහි විශාල රත් පැහැ පිහාටුවක් රඳවා තිබුණි. ඇගෙන් දිස් වූයේ කෙතරම් විසුළු පෙනුමක්ද යත් එය දැක සිනා නොවී සිටින්නට අපහසු විය. ඇගේ සොයුරිය වූ එල්සි නිදන ඇඳුමක් වැනි දිගු සුදු ගවුමක් හැඳ සිටි අතර ඇය පැළඳ සිටියේ කුඩා පිරිමි ළමයෙකුට ගැලපෙන බූට් සපත්තු යුවලකි. එල්සි නම් කුමක් ඇන්දත් ඈව අමුතු ලෙසකට පෙනීම සාමාන්‍ය සිද්ධියක් විය. ඉතා කෙසඟ දැරියක් වූ ඇය, ඇගේ කෙටිව කැපූ කොණ්ඩය සහ විශාල දෑස නිසා පුංචි බකමූණෙක්ගේ ලක්ෂණ පෙන්නුම් කළාය. එල්සි සිනාසෙනු කිසි කෙනෙක් දැක තිබුණේ නැති අතර ඇය කතා කළේ නැති තරම් විය. ඇය ජීවිතය ගෙව්වේ ලිල්ගේ සායේ කෙළවරක් තදින් අල්ලාගෙන ඇගේ පසුපස යමිනි. ලිල් යන හැම තැනකම එල්සිද යනු දක්නට හැකි විය. සෙල්ලම් පිටියේද, පාසැලට එන යන ගමනේද ඉදිරියෙන් වේගයෙන් ගමන් කරන ලිල් සහ පසුපසින් සාය අල්ලාගෙන ගමන් කරන එල්සි සාමාන්‍ය දසුනක් විය. එල්සිට යමක් වුවමනා වූ විට, නොඑසේ නම් හති වැටුණු විට ඇය ඒ සායේ කෙළවර මඳක් ඇද්ද අතර එය දැනී ලිල් නොවරදවාම නැවතී ආපිට හැරුණාය. කෙල්වි පවුලේ අයට එකිනෙකා ගැන මනා අවබෝධයක් තිබිණි.

දැන් ඔවුන් ළමුන් කණ්ඩායමේ කෙළවරේ දැවටෙමින් සිටියේ ඔවුන් විසින් මේ කතාවට සවන් දීම කිසි කෙනෙකුට වැළක්විය නොහැකි බව දැන උන් බැවිනි. අනෙත් දැරියන් ඔවුන් දෙස බලා විරිතන්නට වූ විට ලිල් ලැජ්ජා සහගතව මෝඩ සිනහවක් පෑ අතර එල්සි නම් කළේ බලා සිටීම පමණි.
ඉසබෙල්ගේ ආඩම්බරකාරී කටහඬින් දිගටම විස්තර කියනු ඇසිණි. බෝනිකි නිවසේ පලස් ගැන විස්තරයටත්, එහි තිබූ ඇත්තම ඇඳ ඇතිරිලි සහිත ඇඳන් සහ යකඩ දොරක් සහිත ගිනි උදුන ගැන විස්තරයටත් ඉහළින් ප්‍රතිචාර ලැබුණි.
ඇය විස්තරය කියා අවසන් වෙද්දී කේසියා මැද්දට පැන්නාය. "ඉසබෙල් ඔයාට අමතක වුණා ලාම්පුව ගැන කියන්න."
"ආ, ඔව්," ඉසබෙල් කීවාය. "කහ පාට වීදුරු වලින් හැදුව පුංචිම පුංචි ලාම්පුවකුත් තියෙනවා. ඒකෙ තියෙන්නේ සුදු පාට ගෝලයක්. කෑම මේසය උඩයි ඒක තියෙන්නේ. බොරු ලාම්පුවක් කියලා හිතන්නවත් බැහැ."

"ලාම්පුව තමයි එතැනින් ලස්සනම," කේසියා හඬගා කීවාය. ඉසබෙල් ලාම්පුව වෙත දුන් වැදගත්කම ප්‍රමාණවත් නැතැයි ඇයට සිතී තිබිණි. නමුත් කේසියා කී දෙයට කිසි කෙනෙක් සවන් දෙන බවක් පෙනෙන්නට තිබුණේ නැත. බෝනිකි ගෙදර බලන්නට එදින හවස නිවසට පැමිණෙන්නේ කවුදැයි ඉසබෙල් තෝරමින් සිටියාය. ඇය තේරුවේ එමී කෝල් සහ ලෙනා ලෝගන්ව ය. හැම කෙනෙකුටම අවස්ථාවක් ලැබෙන බව දැනගත් විට සෙසු දැරියන් ඉසබෙල් වෙත සුවිශේෂී කරුණාවක් පාන්නට විය. ඔවුහු ඉසබෙල්ගේ ඉඟටිය වටා අත් යවා ඇය හා එතැනින් ඉවතට ඇවිද ගියහ. ඒ හැම කෙනෙක්ටම ඉසබෙල් වෙත කියන්නට රහසක් විය. 'ඉසබෙල් මගේ යාලුවා'. හැමතැනින්ම ඇසෙන්නට විය
කෙල්වි පවුලේ කුඩා දැරියන් දෙදෙනාව හැමදෙනාටම අමතකව ගොස් තිබිණි. තවත් සවන් දෙන්නට විස්තර නොතිබුණු බැවින් ඔවුහු ද එතැනින් ඉවත් වූහ.
දවස් ගතවෙද්දී පාසැල් ළමුන්ගෙන් වැඩි ප්‍රමාණයක් බෝනිකි ගෙදර දැක තිබුණු බැවින් එහි ප්‍රසිද්ධිය පැතිරෙන්නට විය. පාසැලේදී කතා වූ එකම මාතෘකාවත්, හැම දෙනාගේම එකම ආසාවත් එයම විය. "බර්නෙල් පවුලේ බෝනිකි ගෙදර ඔයා දැක්කාද? හරි ලස්සනයි නේද?" "අයියෝ දැක්කේ නැද්ද? එහෙනම් වැඩක් නැහැ" වැනි කියුම් හැමතැනකම ඇසෙන්නට විය.
පාසැලේ දිවා අහාර වෙලාවේ පවා කතා කෙරුණේ බෝනිකි ගෙදර ගැන පමණි. දේවදාර ගස් යට වාඩි වූ දැරියන් බැටළුමස් මැදට දැමූ පාන් පෙති සහ වෙඬරු තැවරූ පළල් කේක් තීරු කමින් සිටින වේලාවල් වලදී නොවරදවාම ඔවුන්ට හැකිතාක් කිට්ටුවෙන් වාඩි වී, ඔවුන් කියනා දේට සවන් දෙමින් කෙල්වි පවුලේ ලිල් සහ ඇයව අල්ලාගෙන උන් එල්සි දක්නට හැකි විය. ඒ දෙදෙනා ජෑම් තැවරූ පාන් පෙති කද්දී ඒවා ඔතා තිබුණු පත්තර පිටුවල රත් පැහැති ජෑම් පැල්ලම් පෙනුණි.
"අම්මා," දිනක් කේසියා ඇසුවාය. "මට කෙල්වි පවුලේ ළමයි දෙන්නට එකම එක සැරයක් එන්න කියන්න බැරිද?"
"පිස්සුද කේසියා? ඒක කොහොමවත්ම කරන්න බැහැ."
"ඇයි ඒ ?"
"යන්න, යන්න, ඔයා හොඳටම දන්නවානේ ඇයි බැරි කියලා."
අන්තිමේදී කෙල්වි දැරියන් හැර හැමකෙනෙක්ම බෝනිකි නිවස දැක තිබිණි.
දිනක් දිවා ආහාර වේලාවේදී අන් දැරියන් සුපුරුදු ලෙස දේවදාර ගස් සෙවනේ වාඩිවී සිටි අතර ඒ වෙද්දී බෝනිකි නිවස ගැන මාතෘකාව මඳක් පැරණිව යමින් තිබුණි. ඒ නිසා නිරතුරුව අන් අයගෙන් වෙන්ව, පත්තර කඩදාසි වල එතූ කෑම කමින් එහෙත් හැමවිටම ඔවුන්ට කිට්ටුවෙන් සිටිමින්, හැමවිටම ඔවුන්ගේ කතාබහට සවන්දෙමින් සිටි කෙල්වි දැරියන් ගැන පිළිකුල් සහගත දෙයක් කියන්නට ඔවුන්ට වුවමනා විය.
"ලිල් කෙල්වි ලොකු වුණාම ගෙදරක වැඩකාරකමට යන්න ඉන්නේ." එමී කෝල් රහසක් ලෙසින් කීවේ එය කටින් කට යන ආකාරයටය.
"අයියෝ, හරිම අප්පිරිය වැඩක්!" ඉසබෙල් බර්නෙල්, එමී වෙත ඇස් නටවමින් පිළිතුරු දුන්නාය.
එමී කෑම කටක් ගිල දමා ඉසබෙල් වෙත බැරෑරුම් ලෙස හිස වැනුවේ තම මව ඇතැම් විට කරනු දැක ඇති ලෙසටය.
"ඒක ඇත්තක්- ඒක ඇත්තක්- ඒක ඇත්තක්" ඈ කීවාය.
ලෙනා ලෝගන්ගේ කුඩා දෑස දිලිසුණි. "මම එයාගෙන් අහන්නද?" ඈ රහසින් ඇසුවාය.

"ඔට්ටුයි බැරිවාට," ජෙසී මේයි ඔච්චම් කළාය.
"පුහ්, මම බය නැහැ," කී ලෙනා, අන් දැරියන් ඉදිරියේ උස් හඬක් නඟමින් පුංචි නැටුමක් නැටුවාය. ඉනික්බිති “බලන්නකෝ, බලන්නකෝ” කී ඇය අතකින් සිනහව මුවා කරගනිමින්, විසුළු ගමනින් කෙල්වි දැරියන් වෙත ගියාය.
ලිල් තම කෑම වෙතින් හිස ඔසවා බලා හනි හනිකට ඉතිරිය ඔතා පසෙකින් තැබුවාය. එල්සි කෑම සැපීම නවතා සිදුවන්නට යන දේ ගැන වුවමනාවෙන් බැලුවාය.
"ඇත්තද ලිල් කෙල්වි ඔයා ලොකු වුණාම වැඩකාරකමකට යනවා කියන්නේ?" ලෙනා උස් හඬින් ඇසුවාය.
මොහොතක් දැඩි නිහඬතාවයක් පැතිරිණි. පිළිතුරු දෙනවා වෙනුවට ලිල් තම මෝඩ, ලජ්ජා සහගත සිනාව පෑවා පමණි. ඇය ඒ ප්‍රශ්නය ගණනකට ගත් බවක් නොපෙනිණි. සෙසු දැරියන් සිනාසෙන්නට පටන් ගත් අතර ලෙනාට සිදුවූයේ මහත් මදිකමකි. මෙය නොඉවසූ ඇය දෑත ඉනට තබාගෙන "ඔව්, උඹේ තාත්තා හිරේනේ ඉන්නේ!" කියා කෝපයෙන් කෑ ගැසුවාය.
නිර්භීතව කරන ලද මේ අපූරු ප්‍රකාශය ගැන උද්දාමයට පත් දැරියෝ, මහත් සතුටින්, එකවර ඉවතට දිව ගියෝය. ඉන් එකියක් දිගු ලණුවක් සොයාගත් අතර දෙදෙනක් එය දෙපසින් අල්ලා කරකවද්දී සෙස්සෝ ඉන් පනින්නට වූහ. මීට පෙර කිසි දවසක ඔවුන් මේ තරම් වේගයෙන් දිවීම, මේ තරම් උසකට පැනීම වැනි නිර්භීත දේ කර තිබුණේ නැත.
ඒ හවස් වරුවේ බර්නෙල් දරුවන් පාසැලෙන් පසු නිවසට කැඳවාගෙන යාමට පැට් අශ්ව කරත්තයෙන් පැමිණියේය. එදා ඔවුන්ගේ නිවසට අමුත්තන් පැමිණ තිබිණි. අමුත්තන් පැමිණීම ප්‍රිය කළ ඉසබෙල් සහ ලොටී තම ඇඳුම් මාරු කිරීමට ඉහළ මාලයට ගියෝය. නමුත් කේසියා හොර රහසේම ගියේ නිවස පිටුපසටයි. අහළ පහළ කිසිවෙක් සිටියේ නැත. කේසියා ගෙමිදුලේ කෙළවරක වූ විශාල සුදු පැහැති ගේට්ටුව මත නැග එය පදිමින් පාර දෙස බලද්දී ඈතින් කුඩා තිත් දෙකක් වැනි යමක් දුටුවාය. ක්‍රමක්‍රමයෙන් විශාල වූ ඒවා තමන් වෙතට එන බවක් ඇයට පෙනුණි. එලෙස එකා පසුපස එමින් සිටියේ කෙල්වි දැරියන් බව නොබෝ වේලාවකින් ඇය දුටුවාය. කේසියා ගේට්ටුව පැදීම නවතා සෙමෙන් එතැනින් ඉවත්ව යන්නට සූදානම් වී මොහොතක් නතර වූවාය. කෙල්වි දැරියන් ලං ලංව එමින් සිටි අතර ඔවුන්ගේ සෙවනැලි ඔවුන් අසලින්, බොහෝ දිගුව, බටර්කප් ගාලේ හිස් රඳවාගෙන ගමන් කරමින් තිබුණි. තීරණයක් ගත් කේසියා නැවතත් ගේට්ටුව මතට නැඟ එය ඔවුන් වෙතට පැද්දාය.
"හෙලෝ" ඈ එතැන පසුකරගෙන යමින් සිටි දැරියන්ට කීවාය.
එය අසා ඔවුන් කෙතරම් පුදුමයට පත්වූයේද යත් ඔවුන්ගේ ගමන එක්වරම නතරවිය. ලිල් ඇගේ මෝඩ සිනහව පෑ අතර එල්සි දෑස් විදාගෙන බලා සිටියා පමණි.
"ඔයාලා කැමති නම් ඇවිත් අපේ බෝනිකි ගෙදර බලන්න පුළුවන්." ගේට්ටුවේ සිට කකුලක් බිම අතුල්ලමින් කේසියා කීවාය. එසේ කියද්දී ලිල්ගේ මුහුණ රත් පැහැ ගැන්වුණු අතර ඇය වහා හිස සෙලවූවාය.
"ඇයි බැරි?" කේසියා විමසුවාය.
තදින් ඉහලට හුස්මක් ගත් ලිල් "ඔයාගේ අම්මා අපේ අම්මාට කියලා තියෙනවා ඔයාලට අපිත් එක්ක කතාකරන්න තහනම් කියලා," කීවාය.
"ආ, එහෙමද?" කේසියා කීවේ කිව හැකි අන් යමක් ඇයට සිතාගනු නොහැකි වූ නිසාය. "ඒකට කමක් නැහැ. ඔයාලාට ඇවිත් අපේ බෝනිකි ගෙදර බලන්න පුළුවන්. එන්නකෝ, කවුරුවත් දකින්නේ නැහැ."
එහෙත් ලිල් තවත් තදින් හිස සෙලවූවා පමණි.

"ඔයාට බලන්න ඕන නැද්ද?" කේසියා විමසුවාය.
හදිසියේම පුංචි සෙලවීමක්, ලිල්ගේ සායෙන් ඇදීමක් දිස් විය. ලිල් හැරී බැලූ විට දුටුවේ විසල් දෑසින් තමන් දෙස ආයාචනාත්මකව බලා සිටින එල්සි ය. ඇයට බෝනිකි ගෙදර බලන්නට යන්නට වුවමනා වී තිබිණි. මොහොතකට ලිල් එල්සි දෙස බැලුවේ අවිනිශ්චිත දෑසිනි. එහෙත් එල්සි නැවත වරක් ලිල්ගේ සාය සෙලවූ විට ඈ ඉදිරියට යන්නට විය. කේසියා මඟ පෙන්වූ අතර ඔවුහු අතරමං බළල් පැටවුන් දෙදෙනෙක් විලසට ඈ පසුපසින් බෝනිකි නිවස තිබුණු ගෙමිදුලට ඇවිද ගියෝය.
"මේ තියෙන්නේ," කේසියා කීවාය.
මඳ නිහැඬියාවක් පැතිරිණි. ලිල් තදින් හුස්ම ගනිමින් සිටි අතර එල්සි ගල් ගැසී සිටියාය.
"ඉන්න මම ඔයාලාට ඒක ඇරලා දෙන්න." කේසියා කරුණාවෙන් කීවාය. ඈ අගුල ගැලවූ අතර ඔවුන් තිදෙනා එය තුළට එබී බලන්නට විය.
"මේ තියෙන්නේ සාලය, මේ කෑම කාමරය ඊළඟට මේ තියෙන්නේ-"
"කේසියා!"
දැරියන් තිදෙනාම මහත් සේ තිගැස්සුණි.
"කේසියා!"
ඒ බෙරිල් නැන්දාගේ කටහඬයි. ඔවුන් හැරී බලද්දී දුටුවේ නිවසේ පසුපස දොරටුව අසල, තම නෙත් අදහාගනු නොහැකිව ඔවුන් දෙස බලා සිටිනා බෙරිල් නැන්දාය.
"මොන එකකට මේ කෙල්වි ළමයි වත්තට වැද්ද ගත්තාද?" ඈ මහත් කෝපයෙන් ඇසුවාය. "ඔයා හොඳටම දන්නවා ඔයාට උන් එක්ක කතාකරන්න තහනම් කියලා. දුවපල්ලා, දුවපල්ලා, වහාම මෙතනින් දුවන්නයි කිව්වේ... මේ පළාතේ එන්නේ එහෙම නැහැ ආයෙමත්!" ඉනික්බිති ගෙමිදුලට බට ඈ කුකුලන් පන්නන ලෙසට ඔවුන්ව පන්නන්ට විය.
"පලයන් යන්න මෙතැනින්!" ඈ ආඩම්බර හඬින් කෑ ගැසුවාය.
කෙල්වි දැරියන්ට දෙවරක් කියන්නට අවශ්‍ය වූයේ නැත. ලැජ්ජාවෙන් මිරිකෙමින්, එකිනෙකා වෙත ඇකිලෙමින් ඔවුන් එතැනින් ඉවත්ව යන්නට විය. ලිල් ඇගේ මව මෙන් කුදු ගැසී ගමන් කළ අතර එල්සි තෝන්තුවෙන් මෙන් ඇවිදිනු පෙනුණි. ඔවුහු කෙසේ හෝ විශාල ගෙමිදුල හරහා ඇවිද ගොස් සුදු පැහැති ගේට්ටුවෙන් රිංගා ගියහ.
"දුෂ්ඨ අකීකරු කෙල්ල!" කේසියාට කෝපයෙන් බැණ වැදුණු බෙරිල් නැන්දා, බෝනිකි නිවසේ දොර මහා හඬින් වසා දැම්මාය.
බෙරිල්ට එදා දහවල ඉතා කරදරකාරී එකක්ව තිබුණි. ඇයට එදා විලී බ්‍රෙන්ට්ගෙන් තර්ජනාත්මක ලිපියක් ලැබුණු අතර එහි සඳහන් වූයේ ඇය ඒ හවස්වරුවේ ඔහු මුණගැහීමට පුල්මන්ස් බුෂ් පෙදෙසට නොආවොත් ඔහු නිවසේ දොරකඩටම විත් ඒ ගැන විමසන බවයි! එහෙත් දැන් අර කෙල්වි මී පැටවුන් දෙදෙනාව බිය ගන්වා, කේසියාට හොඳ බැනුමක් දුන් පසු ඇයට මහත් සැහැල්ලුවක් දැනුණි. ඇයට කලින් දැනුණු බියකරු පීඩනය අතුරුදන්ව ගොස් තිබුණි. ඇය නැවතත් නිවස තුළට ගියේ සිහින් තාලයක් මුමුණමිනි.
බර්නෙල් නිවස නොපෙනී ගිය පසු කෙල්වි දැරියන් මඟ අසල තිබුණු රතු පැහැති පිටාර බෝක්කුවක් මත වාඩි වී හතිලන්නට විය. ලිල්ගේ දෙකොපුල තවමත් රත් පැහැතිව ගිනියම්ව තිබිණි. ඇය පිහාටුව සහිත තම තොප්පිය ගලවා එය දණහිස මත තබා ගත්තාය.
පිදුරු ගොඩගසා තිබුණු තණ පිටියත්, ඉන් ඔබ්බෙහි තිබුණු කුඩා දොළත්, කිරි දොවන වේලාව එළඹෙන තුරු වොට්ල් ගස් ගොමුව යට බලා සිටින ලෝගන් පවුලේ හරක් රංචුවත් දෙස ඔවුහු දෙදෙනා සිහිනයක් දකින දෑසින් බලා සිටියහ. ඔවුන්ට කුමක් සිතෙනවා විය හැකිද? ටික වෙලාවකින් එල්සි අක්කා වෙතට කිට්ටු වූවාය. මේ වෙද්දී ඇයට තමන් වෙත කේන්තියෙන් කඩා පැන්න ගැහැණිය අමතක වී තිබිණි. ඇය ඇඟිල්ලක් විහිදුවා අක්කාගේ තොප්පියේ පිහාටුව පිරිමැද, කළාතුරකින් දක්නට ලැබෙන ඇගේ සිනහව පෑවාය.
"මම ඒ ලාම්පුව දැක්කා," ඈ මුදු හඬින් කීවාය.
ඉනික්බිති දෙදෙනාම යළි නිහඬ විය.
From the book ‘The Dove’s Nest and Other Stories’ (1922) by Katherine Mansfield

photo- Unsplash