November 24, 2015

නුඹ ආ විට
































මුල් කවිය-Maya Angelou

When you come to me, unbidden,
Beckoning me
To long-ago rooms,
Where memories lie.
Offering me, as to a child, an attic,
Gatherings of days too few.
Baubles of stolen kisses.
Trinkets of borrowed loves.
Trunks of secret words,

I CRY.

දිනමිණ 24/11/2015 - වසත් සුළඟ අතිරේකය

http://epaper.dinamina.lk/2015/11/24/pg24_0.jpg




November 22, 2015

දුර යන්න













ඉතින් මේ වැහි ඇල්ල ගෙනයන්න
බොහෝ දුරැති නිම්නයට ඉහිරෙන්න
මල් නොපිපෙනා බිමක,
තවත් ලතැවී කුමට
දේදුන්න වී දුරින් හිනැහෙන්න

නිල නිලන කඳු පෙළක ඇහැරෙන්න
උල්පතක් වී පොළොව සිපගන්න
කඳුළු බිඳු එකතු කර
මුමුණනා දොළක් වී
පතන් බිම් තෙමා කවි වපුරන්න

pic- mountainrain





November 19, 2015

නුඹ ළඟයි මා

එකම සිතිවිල්ලකි මගෙන් මේ
නුඹ ළඟයි තව, නොනිදාම මම
සුළං සහසකි හමා කැළඹෙන
හිම කැටිති මත එළිය, විසිරෙන
සරු කෙතක් මත හිරු එළිය මම...
සරත් කල ඉහිරෙනා වැසි මම

අවදි වෙද්දී නිහඬ උදයක
ගගන සරනා සියොත් කැළ සේ
මියුරු හැඟුමයි හද නඟාලන

තරු එළිය මම රැයේ දිදුලන
නොතැවෙන්න මා නැතැයි කිසිදින
නුඹ ළඟයි මා සෑම අරුණක


-ස්වදේශික ඇමෙරිකානු යාඥාවකි

-----------------------------------
I give you this one thought to keep -
I am with you still - I do not sleep.
I am a thousand winds that blow,
I am the diamond glints on snow,
I am the sunlight on ripened grain,
I am the gentle autumn rain.
When you awaken in the morning's hush,
I am the sweet uplifting rush,
of quiet birds in circled flight.
I am the soft stars that shine at night.
Do not think of me as gone -
I am with you still in each new dawn.

-A Native American prayer




November 16, 2015

සිනහ නිම්නය

දෑසින් කඳුළු උතුරා
නුඹ සිනාසුනු දිනයක
විසිරුණු සිනා කැබලිති
හැමතැනම දුර නිම්නෙක

සරත් කල එළඹෙද්දී
නොවරදා හැම වසරක
රන් පැහැ ව දුර දිලිසේ
ඒ සිනා තුරු හිස් මත










Photo- Blue Ridge Parkway, North Carolina, USA
Captured by Niranjalee Perera




November 14, 2015

පෙම් නොකරන්න, මා වැනි අයට

පෙම් නොකරන්න, මා වැනි අයට
නුඹ රැගෙන යන්නෙමි
හැම කටුගෙට ම, උයනට ම, ප්‍රතිමාවක් ළඟට ම...
සිප ගනිමි නුඹව හැම සොඳුරු තැනක දීම



ලේ රසක් සේ මා
නොදැනී නුඹේ දිව අග
යා නොහැකි වනු ඇත යළි
ඒ කිසිදු තැනක නුඹ හට

සුනු විසුණු කරලමි නුඹ ව
සොඳුරුතම විලසට
යන්න ගිය විට මා
වැටහේවි නුඹ හට
මිනිස් නම් තැබෙන්නේ ඇයිදැයි
කුණාටු වලට

Caitlyn Siehl ගේ කවියක පරිවර්තනයකි
-----------------------------------
Do not fall in love with people like me.

I will take you to museums, and parks, and monuments, and kiss you in every beautiful place, so that you can never go back to them without tasting me like blood in your mouth.

I will destroy you in the most beautiful way possible.
And when I leave you will finally understand, why storms are named after people.

- Caitlyn Siehl




November 12, 2015

ලස්සන!

අධිවේගයක කලබල
යන එන තීරු මැද ඉඩ
පෙනෙන නොපෙනෙන දුරකට
හිස මල් ගැවසි තුරු පෙළ

හඳුනමි කනේරු ම බව
ඒත් හිනැහෙද්දී නුඹේ ලස්සන!




November 10, 2015

කුරුළු කූඩුව










 

"සත්තුන්ට දුක හිතෙනවද අම්මා?"

පුතා අහන්නේ දිග ඇරගත්තු පොත දිහා බලාගෙනමයි. කඳුළු නැහැ වගේ පෙන්නන්න ලොකු උත්සාහයක්. ඒත් දිගටි ඇහිපිය තෙත් වෙලා.

"ඇයි පැටියෝ?" 

මම ඇහුවේ ඇයි කියලා නොදැන නෙමෙයි. උත්තරයක් හදාගන්න කල් ගන්නත් එක්ක.

"නෑ.. නිකම්" 

පුතා කිව්වේ ගානක් නැතිව වගේ. උකුල උඩ තිබුණු පොතේ තවත් පිටුවක් පෙරලුනා. රහසින් වගේ ඇස් දෙක පිටිඅල්ලෙන් පිහිදැමුණා.

"දුක හිතෙනවා ඇති පුතේ. දුක කියන්නේ රිදෙනවා වගේ දෙයක් නේ" 
මම පරෙස්සමෙන් වගේ කිව්වා.

අපි වාඩිවෙලා උන්නු තැනට වීදුරු දොරෙන් එපිට මිදුල හරහා වත්තේ මායිම් වැට පෙනුණා. වෙනදා වගේ අද එතැන මල් පිරුණු මල් වැල නැහැ. මිදුලම එළියයි. ඒත් අඳුරුයි. වැට උඩින් එබිලා මේ පැත්තට ඇවිත් වැට පුරාම පැතිරුණු මල් වැල කපන්න අපේ අසල්වැසියා අවසර ඉල්ලුවේ කීප දවසකට කලින්. එපා කියන්න අයිතියකුත් වුවමනාවකුත් තිබුණේ නැති නිසා මල් වැල ඉවත් වුණා. වෙනදාට දම් පාට මලින් බරවෙලා තිබුණු අතු ඉති වෙනුවට ඊයේ අපි හවස ගෙදර එද්දී එතැන තිබුණේ හිස්තැනක්. ඒ හිස්තැනේ ලස්සන බලන්න ඉස්කෝලේ ඇඳුම පිටින්ම පුතා එතැනට දුවගෙන ගියා. ඒ සැණින් ම ඇහුනු කෑගැහිල්ල නිසා මමත් එතැනට ගියා. මල් වැල තිබුණු තැන බිම කුරුළු කූඩුවක් තිබුණා. හරියට පිහාටු වත් නැති පුංචි පැටවූ තුන්දෙනෙක් පුංචි කටවල් ඇර ඇර කෑම ඉල්ලා ඉල්ලා හිටියා. මල් වැලේ අතු ඉති ගොල්ල මැද්දේ එක එක ජාතියේ කුරුල්ලෝ පදිංචි වෙලා උන්නු බව අපි දැනගෙන හිටියා. හවසට පුතා කුරුල්ලන්ට දෙන පාන් කෑලි හොටෙන් අරගෙන සමහර කුරුල්ලෝ මල් වැල අතරට වැදුනා. තමන් දෙන කෑම වලින් නොපෙනෙන තැනක ඉන්න කුරුළු පැටවුන්ගේත් බඩ පිරෙන බව දැනගෙන පුතා සතුටු වුණා. ඒත් එදා නම් කුරුළු කූඩුවත් කුරුළු පැටවු ටිකත් අත ළඟටම ඇවිත්.

"අනේ අම්මා, අපි මේගොල්ලන්ව කන්න දීලා හදාගමු!" 

බිම තියෙන කුරුළු කූඩුව ළඟ ඇන තියාගෙන පුතා බැගෑපත් වුණා.

"මේගොල්ලෝ ඇස් ඇරලාවත් නැහැනේ පුතේ" මම කිව්වේ ඒ පුංචි පැටවු දිහා පරෙස්සමට බලලයි.

"බිත්තර වලින් එලියට ඇවිත් දවසක් දෙකක් විතර ඇති මං හිතන්නේ, මේ තියෙන්නේ බිත්තර කටුත්" 

තිත් වැටුණු බිත්තර කටු කිහිපයකුත් කූඩුවේ පිහාටු ඇතිරිල්ල යට තිබුණා. අලුත උපන් කුරුළු පැටවු තුන්දෙනෙක්!

"අපි දෙන කෑම කාලා මේගොල්ලෝ මැරෙයි පැටියෝ, තාම උපන් ගමන් නේ" මම කිව්වේ පුතාගේ ආසාව නොදැක නෙමෙයි.

"අපි ආයෙත් මේ කුරුළු කූඩුව උඩකින් තියමු. එතකොට ඒ පැටවුන්ගේ අම්මා තාත්තා ආයෙත් ඒවි, සමහරවිට"

එහෙම කිව්වට මටවත් ඒ ගැන ලොකු විස්වාසයක් තිබුණේ නැහැ. ගහක, වැලක හොඳම තැනක් බලලා හදන කුරුළු කුඩුවක තැන වෙනස් වෙනවාට කුරුල්ලෝ කැමති නැහැ.

පුතාගේ උදවු ඇතිව මම ඒ කුරුළු කූඩුව ළඟ තිබුණු වෙන ගහක අත්තක රැඳෙව්වා. ඒ වෙද්දීත් කුරුළු පැටවු කෑම ඉල්ලමින් හිටියේ. කුරුළු දෙමව්පියන්ට ආයෙත් කුඩුව හොයාගන්න ඉඩ දීලා මම පුතා එක්කගෙන ගෙට ගියා. ඒත් එදා ඇඳිරි වැටෙනකම් පුතා වීදුරු දොර ළඟින් හෙල්ලුනේ නැහැ. කහ හොට කුරුළු ජෝඩුවක් කුරුළු කූඩුව හොය හොයා මල් වැල තිබුණු තැන කැරකෙන හැටි, තාම කුරුළු පැටවු කෑ ගහ ගහා කෑම ඉල්ලන හැටි, කූඩුව තියෙන අළුත් තැන අහලටවත් කුරුළු ජෝඩුව නොයන හැටි නිමක් නැති විස්තර මට වීදුරු දොර ළඟින් ලැබුණා. මේක සතුටින් ඉවර වෙන කතාවක් නොවෙන බව මට ඒ වෙද්දී ඉවෙන් වගේ දැනුණා. 

එදා නිදාගන්න යද්දිත්, පුතාගේ ඔලුවේ තිබුණේ කුරුළු පැටව් ගැන. මොකක්දෝ හේතුවකට රෑ වෙද්දී නම් කුරුළු දෙමවුපියෝ අවතැන් වුණු කුරුළු කුඩුවට එන්න ඇති කියලායි පුතා විස්වාස කළේ. තමන් කළුවරට බය තරමටම ඒ කුරුළු පැටවුනුත් බය ඇති කියලා ඒ පුංචි හිතට හිතෙන්න ඇති. පස්සෙන්දා ඉර එළිය කුරුළු පැටවු ගැන සුබ ආරංචියක් ගෙනේවි කියලා පුතා නිසා මමත් ඉබේම වගේ හිතුවා.

වෙනදාට කීප පාරක් පෙරැත්ත කළත් නැගිටින්න කම්මැලි කරන පුතා පස්සෙන්දා උදේ මටත් කළින් නැගිටලා වීදුරු දොර ළඟ හිටගෙන හිටියා. අළුත් තැන තිබුණු කුරුළු කූඩුවේ ඈතට නම් කිසිම හැලහොල්මනක් පෙනුණේ නැහැ. 

"පුතු, ඔහොම ඉන්න- මම බලලා එන්නම්" මම කිව්වේ පාන්දර පින්නේ පුතා එලියට යනවට අකමැත්තටත් වැඩිය එතැන මොනවා දකින්න තියේවි දැයි දැනුණු බය නිසා.

මම හිතුවා වගේම ඒ වෙද්දී හැමදේම ඉවර වෙලා තිබුණා. පුංචි කුරුළු පැටවු ටික එකට ගුලිවෙලා නිසොල්මන්ව හිටියා. කුඩුවේ පතුලේ පිහාටු ඇතිරිල්ල අවුල් වෙලා තිබුණා. මම කූඩුව එහා මෙහා නොකර පුතා ළඟට ගියේ එයා මගෙන් උත්තරයක් බලාගෙන ඉන්න බව දන්නා නිසා. 

"උන් මැරිලා නේද අම්මා?" මම උත්තර දෙන්න කලින්ම පුතා ඇහුවේ මගේ මූණ කියවලා.

"ඇයි අම්මා උන්ගේ අම්මලා කෑම අරගෙන ආවේ නැත්තේ? කුඩුවේ තැන වෙනස් වුනාට ඒගොල්ලන්ගේ පැටවු ම නේ!" 

අකාලේ මැරුණු කුරුළු පැටවු තුන්දෙනෙක් උදේ පාන්දරම පුතාගේ ඇස් කඳුළුවලින් පුරවලා තිබුණා.

"සත්තු හිතන්නේ අපි හිතන විදිහට නෙමෙයි පුතා" මම පුතාව ළඟට අරගෙන කිව්වා.

"කුරුළු කූඩුවේ තැන වෙනස් වුණු නිසා අළුත් තැනට යන එක අනතුරක් කියලා ඒ ගොල්ලෝ හිතන්න ඇති"

ඒ උත්තරේ පුංචි හිතේ පටලැවිල්ල ලෙහන්න සමත් වුණේ නැති බව මට තේරුනේ වෙනදා තොරතෝංචියක් නැතිව ඇහෙන කියවිල්ල, හිනාව තව දවස් කීපෙකට පුතාගෙන් නොදැකපු නිසා. පුතාගේ ඒ දුක තවත් වැඩිවුණේ වැඩිහිටි කුරුළු ජෝඩුව මල් වැල තිබුණු තැන පියාඹමින්, කෑගහමින් තමන්ගේ පැටවු හොයන්න මහන්සි වුණු නිසා. ඉස්කෝලෙන් පස්සේ, හවසට වීදුරු දොර ළඟ බිම පුංචි කාර් අහුරක් ඉහිරවාගෙන සෙල්ලම් කරද්දීත් පුතා සැරෙන් සැරේ ඒ කුරුළු දෙමවුපියන්ගේ දුක දිහා නිශ්ශබ්දව බලාගෙන හිටියා.
..................................................................
"ටික කාලයක් ගිහිල්ලා දුක දැනෙන එක නවතිනවාද අම්මා?"

පුතා තාමත් දිග ඇරගත්තු පොත දිහා බලාගෙනමයි.

"ඔව් පැටියෝ, ටික කලක් ගිහින් නවතිනවා" 

මම හෙමින් සැරේ පුතාගේ කම්මුලේ බේරුණු කඳුළු ඉරක් අත්ලෙන් මකන ගමන් කිව්වා.

සඳ!

චෙරි ගසක් පාමුල
පොරවා විසිරි මල් රැස
දිය කඩිත්තක් මැද
වෙහෙසවී නිදියයි, සඳ!



November 09, 2015

Magnolia

සීතලේ කඩු තුඩු මත
පොරවා තදින් පෙති රැස
සිහින මැද මැග්නෝලියා
පැතුම් රැසකට ලොබ බැඳ
හිරුරැස් ගලන දින ගැන

--------------------------------
on the razor sharp edges
of a bitterly cold day
with tightly furled petals
the magnolia dreams
of days awash with sunshine
and sweet longings of hope



November 07, 2015

Some Say Love


ලපටි තණ පත් හුස්ම හිර කළ
ගඟකි ප්රේමය, කියති සමහරු
ආත්මයේ ලේ ගැලුම් ඇති කළ
සැතකි ප්රේමය, කියති සමහරු
නොනිමි රිදුමකි කුසගින්න වැනි
දැවුම ප්රේරමය, කියති සමහරු
මලක්මයි එය , නුඹයි ප්රභවය
එයයි ප්රේමය කියන්නෙමි මම

බිඳේ යැයි බිය හදවතක්මයි
කිසි දිනක රැඟුමක් නොදත්තේ
මැකේ යැයි බිය හීනයක්මයි
කිසිදු අවදානම් නොගත්තේ
නොලබනා අය නොවෙද හැමදා
කිසිත් කිසිවිට නොදී ඇත්තේ
මරණයට බිය ප්‍රාණයක්මයි
කිසිදිනක දිවි ගෙවා නැත්තේ

තනිකමින් පිරි රැය ගෙවෙද්දී
මඟ බොහෝ දුර බව දැනෙද්දී
සිතෙනු ඇත ප්රේමයේ හිමිකම
පිණැති, සවි ඇති අයට හිමි බව
එහෙත් අමතක නොකළ මැන ඔබ
සිසිරයේ රුදු හිම කැටිති යට
වැතිර නිදනා බිජුවටක් මය
හිරුගෙ සෙනෙහෙන් ජීවිතය ගෙන
පිපෙන සෙව්වන්දිය වසත් කල !
---------------------------------------

Some say love, it is a river
That drowns the tender reed.
Some say love, it is a razor
That leaves your soul to bleed.
Some say love, it is a hunger,
An endless aching need.
I say love, it is a flower,
And you its only seed.

It's the heart afraid of breaking
That never learns to dance.
It's the dream afraid of waking
That never takes the chance.
It's the one who won't be taken,
Who cannot seem to give,
And the soul afraid of dyin'
That never learns to live.

When the night has been too lonely
And the road has been too long,
And you think that love is only
For the lucky and the strong,
Just remember in the winter
Far beneath the bitter snows
Lies the seed that with the sun's love
In the spring becomes the rose

Audio Link- Some Say Love | LeAnne Rimes

November 06, 2015

පළමු ඇඟළුම

සුදු වූල් පසුබිම
සිඟිති නිල් තරු ඉහිරුණ
මේ පුංචි කමිසය
පුතු නුඹ පළමු ඇඟළුම
සිඹින විට ළං වී
දැනේ මතකෙක උණුහුම
පුංචි අත් මිටි කර
මහමෙරක් ගෙන ආ දින



November 05, 2015

'සතුටින්ද?'

විලෝ අතු අගිස්සක්
එබී නිල් විල් තලට
'සතුටින්ද?' සෙමෙන් මුමුණා අසයි
නිහඬවම දිය රළක් දුර ඇදෙයි

සුළං රැළකට හසුව
ගිලිහි ගිය තුරු පතින්
'රිදුණා ද?' ගසක් රහසේ අසයි
කඳුළු බිඳු තණ පලස මත වැටෙයි

අතරමං සඳ රැසක්
කුමුදකට ලං වෙමින්
'නාඬන්න' කොඳුරමින් සිපගනියි
මුළු රැයම හුස්මකින් සසල වෙයි