May 30, 2017

රෙදි බෝනික්කාගෙන් අපරික්ෂාකාරී දරුවාට





































Rag Doll to the Heedless Child 

I love you
with my linen heart.

you cannot
know how these
rigid, lumpy arms
shudder in your grasp,

or what
tears dam up against
these blue eye-smudges at
your capriciousness.

At night I watch you sleep;
you’ll never know
how I thrust my face
into the stream
of your warm breath;

and how
love-words choke me behind
this sewn-up mouth.

— David Harsent


දිනමිණ -වසත් සුළඟ- 30.05.2017






May 19, 2017

දේදුනු

සේද කෙඳි පින්සල ගසාලන ගමන් අන්ද්‍රක තමන්ගේ නිර්මාණය දිහා හොඳට බැලුවා. 'ම්ම්ම්.. රෝස පාට ටිකක් වැඩිද මන්දා!' තමන්ටම මුමුණා ගත්තා. චිත්‍රය අඳින අන්තිම හරියේදී, ලොකු අඩ කවයකට රත්-තැඹිලි පාට දාන්න හිතුන එක හොඳයි කියලා තේරුණේ ඈත තියා බලද්දියි.

අන්ද්‍රක ගේ රාජකාරිය අහස පාට කරන එක. හරියටම කියනවා නම්  අහස් පසුතල නිර්මාණ ශිල්පී (සන්ධ්‍යා). වරහන ඕන වෙන්නේ උදේ අහස පාට ගන්වන්න වෙන කෙනෙක් ඉන්න නිසා. ඒ මාතුර. එයා අහස් පසුතල නිර්මාණ ශිල්පී (උදෑසන). මේ රස්සා දෙකම එක්කෙනෙකුට සාර්ථකව කරන්න බැරි බවට ඉහළින් නියෝගයක් ඇවිත් තිබුණේ ටික කලකට කළින්. 'විකාර!' ඒ ගැන කතාකරන හැම වේලාවකම අන්ද්‍රක කේන්තියෙන් පිපිරෙනවා. 'හවස වැඩ මුරය උපරිම හත වෙද්දී ඉවරයි- ඉතින් උදේ පහට නැගිටලා මටම ඕක කරන්න බැරිද!' අන්ද්‍රක එහෙම කියන්නේ රාජකාරි දෙකම කරලා වැඩි පඩියක් ගන්න හිතේ කොණක තියෙන ආසාවට වඩා එහෙම වුණොත් අත් වෙන නම්බුව ගැන හිතලායි . අනික මාතුර තාම බොහොම ලාබාල තරුණයෙක් නිසා තමන්ගේ වැඩිහිටිකමට ඒ වගේ සැලකිල්ලක් තියෙන්න ඕන කියලා අන්ද්‍රක ට හිතෙනවා. මාතුර නිර්මාණ අභ්‍යාස මණ්ඩලයෙන් පිටවුණේත් ළඟදී. එකත් එකටම, එකපාරටම මෙහෙම වැදගත් රස්සාවක් හම්බවුණේ ඉහළ තැනක අඳුරුම් කමක් නිසා වෙන්න ඇති.

"මේ අද ඊයේ කොල්ලෝ මොනවා දන්නවද! හරියකට රත්තරන් පාටක් කලවම් කරගන්න පුලුවන්ද?"

අදත් අන්ද්‍රක තීන්ත පෝච්චි රාක්කෙන් අඩුක් කරන ගමන් කේන්තියෙන් ඒ ගැන හිතුවා. මාතුරගේ උදේ අහස හුස්ම හිර කරන තරමේ ලස්සන පාටින් පිරිලා බව අතන මෙතැන ඇහෙන කතා බහ අමතක කරලා දාන්න අන්ද්‍රකට ලේසි වුණේ නැහැ. මාතුර මහන්සි නොබලා උදේ අහසේ පාටින්ම මුහුදත්, උසම කඳු මුදුනුත් පාට කරන ආරංචිය මුලින්ම අන්ද්‍රක ට ගෙනාවේ කුණාටු තාක්ෂණ ශිල්පියෙක්. ඒ පාටවල් හැම එකක්ම එකට මුහුවෙලා උදේ පාන්දරට වටපිට තැවරෙන ලස්සන දැනෙන්නේ ඇස් දෙකට නෙමෙයි හදවතට කියලා මිනිස්සු කියනවාලු. මදිරා ඔඩමක් හිස් කරන අතරතුරේදී, මාතුර වරුවක් තිස්සේ මහන්සිවෙලා මේ විදිහට පාට කරපු අරුණැල්ලක් සුණු විසුණු කළ හපන්කමක් ගැන කුණාටු කාරයා උජාරුවෙන් කියද්දී අන්ද්‍රකට දැනුණේ කුරිරු සතුටක්. කොහොමත් කුණාටු එක්ක ගැවසෙන අය කිසිම අණක් ගුණක් නැති උදවිය බව අන්ද්‍රක දැනගෙන හිටියා. ඒත් එක්කම එයාට සියුම් කලකිරීමකුත් දැනුණා. මාතුර වගේ ආධුනිකයෙකුට ඉරිසියා කරන එකෙන්ම තමන්ගේ තත්ත්වය කොයි තරම් බාල වෙලාද කියලාත් එයා ට හිතුණා.

අන්ද්‍රක හවස අහස පාට කරලා ඉවරවෙලා හැමදාම ඇවිදින්න යන්නේ ඔලුව නිදහස් කරගන්න. හැමෝම හිතන්නේ අහසක් පාට කරනවා කියන්නේ එහෙන් මෙහෙන් තීන්ත හලනවා වගේ දෙයක් කියලා. එක දිගට දවස් දෙකක් එක විදිහේ චිත්‍රයක් නොඅඳින්න, එකම පාට හැමදාම පාවිච්චි නොකරන්න, කුණාටු කණ්ඩායම එක්ක සහයෝගයෙන් වැඩකරලා දවස් බෙදාගන්න කොයිතරම් අමාරුද කියලා තේරෙන්නේ ඒ වැඩේට අත ගැහුව කෙනෙක් විතරයි. ඒ අතින් දවල් අහස බාර කට්ටියට කොයිතරම් වැඩ අඩුද! ඒ අයට තියෙන්නේ වලාකුළු තැන් තැන්වල තියන්න විතරයි. ඒකනේ ඒ වැඩේට ආධුනික කට්ටියක් යොදලා තියෙන්නේත්. අන්ද්‍රක ට ආධුනිකයන් වෙනුවෙන් වෙන් කරන්න වෙලාවක් නැහැ. ආධුනිකයෙක් ඇඟේ හැප්පුනත් කතාකරන්න බලාපොරොත්තුවක්වත් නැහැ. දවල් අහසේ සමහර දාට වළාකුළු වලින් රටා හදලා ලස්සන කරලා තියෙනවා දකිද්දී අන්ද්‍රක හිනාවෙන්නේ උපහාසයෙන්. නිර්මාණ ශිල්පියෙක් වෙන්න පිං කරලා තියෙන්න ඕන බවත්, වළාකුළු එහෙන් මෙහෙන් වපුරන එක නිර්මාණයක් නොවන බවත් අන්ද්‍රක හොඳින් දන්නවා. මේ වගේ ඉර බහින වෙලාවට තැනිතලා මැද්දෙන් ඇවිදින එක අන්ද්‍රක ට බොහොම ප්‍රියජනක දෙයක්. අවුරුද්දේ හැම සෘතුවකම මේ තණබිම් වල එක එක මල් ජාති පිපිලා තියෙනවා. රස්නේම ගිම්හාන කාලෙට පිපෙන කහපාට පුංචි කරාබු මලත් හීතලම වස්සානයට පිපෙන රතුපාට තාරුකා මල් පොකුරත් එක විදිහට මේ නිම්නයට ලස්සන ගේනවා. සෙල්ලමට වගේ එහෙන් මෙහෙන් වක් වෙවී ගලන පුංචි දියපාරවල් උඩින් අඩි තිය තිය යද්දී අන්ද්‍රක ගේ හිතේ දවල් තිස්සේ ඇතිවුණු නොසන්සුන්කම්, හිත් අමාරු නැතිවෙලාම යනවා. ඒ වෙලාවට ලෝකේ වෙන දේවල් වලින් වැඩිහරියකට සමාව දෙන්න පුළුවන් තරමට හිත නිරවුල් වෙනවා. ඊළඟ දවසේ අහසට ගැලපෙන පාට තණබිස්සේ හැංගුණු දම්පාට සයාද්‍රි  මලකින් හරි දොළ පාරේ තද අළු පාට රවුම් ගලකින් හරි හිතේ ඇඳෙනවා. හවස මේ ඇවිදිල්ලෙන් කොයිතරම් හිත සන්සුන් වුණත් උදේම නැගිටලා මාතුරගේ උදේ අහස බලන්න තරම් නම් අන්ද්‍රක ගේ හිත මෙලෙක් වෙන්නේ නැහැ. උදේ ඉර නැඟෙන වෙලාවට ඉබේම වගේ ඇහැරුණත් ඒ වෙලාවට තදින් ඇස් වහගෙන ඉන්න අමාරුවෙන් වුණත් පුළුවන්. ඇඳේ ඒ මේ අත පෙරලෙද්දී කවුළුවෙන් එළිය පෙනෙයි කියලා බයට අන්ද්‍රක තිර දාලා තියෙන්නෙත් ගණ රෙදිවලින්.

මේ වගේ නොයෙක් දේවල් ගැන හිතමින් අඩිපාර දිගේ හෙමින් හෙමින් ගිය අන්ද්‍රක එකපාරට තිගැස්සුණා. වෙනදාට මේ වෙලාවේ මේ තැනිතලාවේ දිගට, දොළ පාර ගඟට වැටෙන ඉසව්වේ, ගඟ අයිනේ එහෙම කවුරුවත් නැහැ. හැමෝම වගේ තමන්ගේ රාජකාරි ඉවරකරලා තම තමන්ගේ කුටිවලට ගිහින්. ඒත් අද තොටමුණ කෙළවර ලා අඳුරේ ගඟට පහත් වුණු රුව මාතුර ගේ බව අන්ද්‍රක ට අඳුනාගන්න වැඩි වෙලාවක් ගත වුණේ නැහැ. 'කතාකරනවාද, නොදැක්කා වගේ යනවාද..' දෙගිඩියාවෙන් පහුවුණු විනාඩි කීපය ඉබේම නිමාවුණේ මාතුරගේ හඬින්.

'අන්ද්‍රක අයියා! ඇවිදින්න ආවාද?' මාතුර කට පුරා හිනාවෙලා ඇහුවේ ලෑලි අට්ටාලය උඩ ඇණ තියාගනිමින්.

'ඔව්, මම.. මේ.." අන්ද්‍රක වැදගත් උත්තරයක් දෙන්න වචන හෙව්වා.

ඒත් එක්කම අන්ද්‍රක ගේ ඔලුවේ තිබුණු මාන්නය නැතිවෙලා ගියේ මාතුර ගේ අතේ තිබුණු දේ දැකලා. මාතුරගේ අතේ දැවටිලා ගංදියේ පාවෙමින් තිබුණේ දිග සේලයක් වගේ දෙයක්. අන්ද්‍රක ගේ ඔලුවට මුලින්ම ආවේ 'මේ යකා දැන් කුලියට සේල හෝදන්නත් පටන්ගෙන ද?' කියලායි. තමන්ටත් නොදැනුවත්වම අන්ද්‍රක ගඟ අයිනටම ඇදිලා ගියා.

මම මේ පොඩි පරීක්ෂණයක්!මාතුර සුපුරුදු හිනාවෙන්ම කිව්වා. තමන්ගේ හිතේ තියෙන කහට ඒ මූණේ නම් නැති බව අන්ද්‍රක ට හිතුණා.

අන්ද්‍රක අයියලා වගේ නෙමෙයි නේ, අපි ඉතින් නිර්මාණ කරන්නේ වරුවක් තිස්සේ කල්පනා කරලා, තැවි තැවී ඉඳලා නේ. ඒ වෙලාවට එක එක අත්හදා බැලීම් කරන්න හිතෙනවා. අයියා නම් හවස අහස අඳිනවා ඇත්තේ ඇස් පියාගෙන වෙන්න ඇති නේද?’

ඒකට උත්තර දෙන්නේ කොහොමද කියලා හිතලා අන්ද්‍රක ටිකක් නොසන්සුන් වුණා. ඔව් මම මේ රස්සාව බොහොම ලේසියෙන් කරන්නේ!කියලා ප්‍රවීණයෙක් හැටියට පෙනී ඉන්නවද, ‘ නෑ මමත් මහන්සිවෙලා සැලසුම් කරනවාකියලා ආධුනිකයෙක් ගේ ලක්ෂණ පෙන්නුම් කරනවාද කියලා අන්ද්‍රක අහස පොලොව ගැටලද්දීයි  දැක්කේ මාතුර තමන්ගෙන් උත්තරයක් බලාපොරොත්තු නොවුණු බව. ඒ වෙනුවට මාතුර පොඩි ළමයෙක් වගේ උනන්දුවෙන් තමන් කරමින් හිටිය දේ අන්ද්‍රක ට පෙන්නන්න සූදානම් වෙනවා.

අයියා දන්නවාද මේ මොනවාද කියලා?’ මාතුර ඇහුවේ තාමත් ඉතිරෙන උද්යෝගයෙන්. ඒ වෙද්දී වතුරේ තිබුණු සේලය ගොඩට අරන් තොටමුණේ ලෑලි උඩ ගොඩගහලා තිබුණා.  දිස්නේ ගහන පාට අහුරක් ඒ සේලය පුරාවට තිබුණා.

දේදුනු!මාතුර රහසින් වගේ කිව්වා. ඊට පස්සේ මහා හයියෙන් හිනාවුණා. මාතුරගේ ගැඹුරු හිනාව ගඟේ දිය රැළි දිගේ හැපී හැපී විසිරිලා ගියා. තමන් අන්තිමට මෙහෙම සතුටින් හිනාවුණේ කවද්ද කියලා සිතුවිල්ලක් අන්ද්‍රක ගේ යටි හිතෙන් ඔලුව උස්සලා ආයෙත් යට ගියා.

දේදුනු?’ අන්ද්‍රක ප්‍රතිරාව දුන්නේ සැකෙන්. කළින් අහලා වත් නැති වචනයක්. හවස පින්නට තෙමිලා මේ කොල්ලාගේ ඔලුව නරක වේගෙන එනවාදෝ කියලත් පොඩි සැකයක් ඇතිවුණා.

දැන් අයියා හිතනවා ඇති දේදුණු කියන්නේ මොනවාද.. මේ කොල්ලාගේ ඔලුව හොඳ නැද්ද.. වගේ දේවල් නේද?’ මාතුර තවත් හිනාවුණා. තමන්ගේ හිත කියෙව්ව එක ගැන අන්ද්‍රක ට පොඩි ලැජ්ජාවක් ඇති වුණත් එයා ඒක වහගන්න ටිකක් රැව්වා.

කියන දෙයක් තේරෙන්න කියන්න කොල්ලෝ! මට පරක්කුත් වෙනවා!මෙතැන වෙන දේ දැනගන්න කිසිම උවමනාවක් නැති විදිහට අන්ද්‍රක කටහඬ උදාසීන කරන්න උත්සාහ කළා.

අයියා දන්නවාද අර මහා වීදියේ තරු විකුණන පරණ කඩේ? අර යාර ගාණට වළාකුළු එහෙමත් විකුණන්න තියෙන්නේ?’

අන්ද්‍රක ඔලුව වනලා ඔව්කියලා ඇඟෙව්වාට එයා ඒ කඩේ ඇතුලට වත් ගිහින් නැහැ. වළාකුළු, තරු වගේ සිල්ලර දේවල් අන්ද්‍රකගේ දින චරියාවට අඩංගු වුණේ නැහැ.

එහෙනම් අයියා දන්නවා ඇති නේ ඒ කඩේ අයිති දීතා ආච්චි ව? අර කුදු ගැහුණු මනුස්සයා?’ මාතුර කියාගෙන ගියා. මම එයාට කඩේ අස්පස් කරන්න උදවු වුණා නේ ළඟදී. කුලියකට නෙමෙයි, මට පවු කියලා හිතුනා ඒ මනුස්සයා හරියකට ඇහැ පේන්නෙත් නැතිව අර තරු පුරවපු කල්දේරම් එක්ක හැප්පෙනවා දැකලා. මට මගේ ආච්චිව මතක් වුණා!

ඉතින්?’ අන්ද්‍රක නොඉවසිල්ලෙන් ඇහුවේ මේ කතාවේ අග මුල  පැටලුම් ඇරගන්න.

ඉතින් කඩේ රාක්කයක් අස්සට වැටිලා, පොඩි වෙලා, ඉරිලා මේ සේල ටික තිබුණා. මොනවාට ගෙනාපු දෙයක්ද කියලා දීතා ආච්චිටවත් මතක නැතිලු. ඒවා කුණු ගොඩට දාන්න හදද්දි මම ඉල්ලා ගත්තා. ඉරිලා ගියාට බලන්න ඒවායේ පාට! තාම දිස්නේ දෙන හැටි! මේවා උස්සගෙන ඇවිත් මගේ ඇඟම පාට පාට වෙලා!මාතුර ආයෙත් උස් හඬින් හිනාවුණේ උන් තැනින් නැඟිටලා වටයක් කැරකෙමින්.

ඒ පාර නම් අන්ද්‍රකටත් හිනා ගියා. මාතුරගේ සුදු කපු කමිසේ හරහට පාට තීරුවක් ඇඳිලා තිබුණා. සේල ටික කරේ දාගෙන ආව පැත්තේ කම්මුලත්, දිග කැරළි කොන්ඩේත්  දිස්නේ දිදී තිබුණා.

දැන් මේවායින් මොනවාද කරන්න හදන්නේ?” අන්ද්‍රක සේල පොදිය ළඟින් බිම ඇණ තියා ගන්නා ගමන් ඇහුවා. මේතරම් කාලෙකට කවදාවත් මාතුර එක්ක මේ විදිහට තමන් කුළුපගව කතාකරලා නැහැ නේද කියලා හීනි පසුතැවිල්ලකුත් දැනුණා.

මම මේ දූවිලි ටික යන්න ඒවා හේදුවා. වේලලා අරන් පොඩි සැරසිල්ලක් හදන්න පුලුවන්ද බලන්න මම හිතාගෙන ඉන්නේ, සැරසිල්ලක් කිව්වේ- අහසට!මාතුර ගේ මූණේ බලාපොරොත්තු පිරිලා. කළුවර වැටිලා තිබුණත් එයාගේ ඇස් වල සතුට දිලිසුණා.

අහසට?” අන්ද්‍රක ට වචන ගොත ගැහුණා. මේතරම් වෙලාවක් හිත යට හැංගිලා උන්නු ඉරිසියාවේ සර්පයා ආයෙත් ඔලුව උස්සගෙන එන බව එයාට දැනුණා. අහසට අලුත් සැරසිලි කරන්න හිතෙන්න ඕන අත්දැකීම් වැඩි තමන් වගේ අය කියන සිතිවිල්ල අන්ද්‍රකගේ හුස්ම හිරකරගෙන උඩට ආවා.

මෙහෙමයි අයියේ, මේක පොඩි අදහසක් විතරයි. මම වගේ පොඩි මිනිහෙක් යෝජනා කරලා මේවා ඉහලින් අනුමත වෙයිද දන්නෙත් නැහැ.. අයියාත් දන්නවානේ සමහර දවස්වලට කාලසටහන් ගැටිලා වැස්සයි අව්වයි එකට තියෙන දවස්. ඒවා සම්පූර්ණයෙන්ම අසාර්ථක දවස් හැටියට නේ වර්ග කරන්න කියලා තියෙන්නේ. මට හිතුණා එහෙම දවසකට ඒ සිද්දවුණු පටලැවිල්ල හැමෝටම අමතක වෙන්න වැස්සයි අව්වයි මැද්දෙන් මේ පාට සේලයක් එල්ලුවොත් මොකද කියලා. හරියට නිකම් දුකයි සතුටයි  අතර මැද අවස්තාවක් වගේ! මිනිස්සුන්ට අර අසාර්ථක දවස වෙනුවට ඒක මතක හිටීවි නේ. හොඳයිද අදහස?” මාතුර අන්ද්‍රක ගේ මූණට එබිලා අහනවා.

තමන්ට බාර වුණු හවස අහස පාට කරන එකට අමතරව මේ වගේ කිසිම සංසිද්ධියක් ගැන තමන් මෙතරම් කල් කල්පනා නොකළේ ඇයි කියලා අන්ද්‍රක තනියම හිතුවා. නීති ගරුක වෙන්න තියෙන තදබල කැමැත්තද , කිසිම විප්ලවකාරී බවක් තමන්ගේ ලේ වල නැති කමද එහෙම නැත්නම් තමන්ගේ පරිකල්පන ශක්තිය බින්දුව නිසාද කියලා තැවුලක් දැනුණා. දැන් මේ කොහේවත් නැති කොල්ලෙක් අලුත් දේවල් හිතලා ඒකට ගෞරවයත් අරගන්නයි හදන්නේ!

මම තාම ඔක්කොම විස්තර හිතුවේ නැහැ. ඕකට වාර්තාවක් ඉදිරිපත් කරන්න වෙයි අනිවාර්යෙන්. මගේ අදහස කිව්වාම දේදුන්න කියලා නම නම් කිව්වේ දීතා ආච්චි. එයා ඔය පරණ මන්තර එහෙම දන්නවානේ. එයින් වචනයක් වෙන්න ඇති. මටත් ඒ නම අල්ලලා ගියා. හිතන්න... දේදුන්නක්!මාතුර තාමත් කියවනවා.
හරි ගියොත් අන්ද්‍රක අයියා මට උදවු කරනවද මේ දේදුනු හදන්න? අයියාගේ චිත්‍ර වල වැඩ පාඩු වෙන්නේ නැත්නම් විතරක්. මම නම් මොන වැඩ තිබුණත් අයියාගේ හවස අහස බලනවා කොහොමහරි.. හැමදාම ඒවායින් මොනවා හරි ඉගෙනගන්නවා. අද හවස තැඹිලි පාට! ෂුහ්! මට නම් මේ කපේදී බැරි වෙයි එහෙම පාටක් හදාගන්න. මේක හරිගියොත් අයියාට චිත්‍ර අඳින්න කම්මැලි හිතුන දවසක හවස අහසට බැරියැ දේදුන්නක් එල්ලන්න. මටත් ආඩම්බරයි එහෙම වුණොත්!මාතුර තාම කියවගෙන යනවා. එයාගේ අවධානය සේල ටිකෙන් වතුර මිරිකන්න යොමු වෙලා තියෙන නිසායි, අවට පැතිරිලා තියෙන අඳුර නිසායි  තමන්ගේ මූණේ ඇඳිලා මැකෙන හැඟීම් ටික නොපෙනුණු එක ගැන අන්ද්‍රක සතුටු වුණා. මාතුර ගේ ගෞරවය විඳින්න තියෙන ආසාවත්, එයා තමන්ට වඩා බබලයි කියලා හිතේ තියෙන කුහක කමත් එකිනෙක පාගාගෙන ඉහළට එන්න උත්සාහ කරනවා එයාට හොඳට දැනුණා. තමන් නිශ්ශබ්දව නොඉඳ යමක් කිව යුතු බව හිතුණත් ගැලපෙන දෙයක් හිතාගන්නට අන්ද්‍රක අසමත් වුණා. හොඳ වෙලාවට මාතුර තනියම වුණත් කතාකරන්න පුළුවන් තරුණකමක හිටියා.

අපි යමුද අයියාකළුවර වැටුණාට පස්සේ මේ අඩි පාරවල් හරියට පේන්නේත් නැහැනේ. අයියාට පුලුවන්ද මට මේ දේදුනු ටික අරන් යන්න උදවු කරන්න? තෙමුනාම මේවා බර වැඩියි!මාතුර රවුමට කැරළි ගැහුව සේල කීපයක් අන්ද්‍රකගේ අතට දෙන ගමන් කිව්වා. තමන්ගේ හිතේ තියෙන ද්වේශය බින්දු මාත්‍රයක්වත් මේ අපූරු තරුණයාගේ හිතේ නැති බව ඒවා අතට ගන්නා ගමන් අන්ද්‍රක නිහඬව හිතුවා.

වංගු පාර දිගේ යද්දී ඈත නගරය පෙනුණේ කණාමැදිරි එළි අහුරක් වගේ. අඳුර කළු පාට ලෝගුවෙන් හැමතැනම එක විදිහට වහගෙන තිබුණා. ඇවිදගෙන යන ගමන් මාතුර එක්ක කතාකරන්න ප්‍රවේසම් මාතෘකාවක් ගැන හිතමින් අන්ද්‍රක ඔලුව අවුල් කරගත්තා. රස්සාව ගැන කතාකරන්න බැරිකමකුත්, වෙන දෙයක් ගැන කතාකරන්න මාතුරගේ පෞද්ගලික විස්තර නොදන්නා කමකුත් එයාගේ දිව ගොළු කළා. 

මාතුර මොනවද ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ?” අන්තිමට නිහඬ බව බිඳිමින් අන්ද්‍රක ඇහුවා. තමන්ගේ කටහඬේ වෙනදාට නැති බොරු ගැඹුරක් තියෙන බවක් වචන පිටවෙද්දීමත් එයාට හිතුණා.
ඉස්සරහට!එහෙම වැඩිය දුර හිතලා නැහැ අන්ද්‍රක අයියා.මාතුර එයාගේ සුපුරුදු සැහැල්ලු හිනාවෙන්ම උත්තර දුන්නා. එහා නිම්නයේ කැලයක ගස් වල කොළ හැම සරත් කාලෙකදිම පාට කරන්න සිත්තරෙක් හොයනවා කියලා මට ආරංචියක් ආවා. හිස් පසුබිම් වල වැඩකරනවාට වඩා ගහකොළ එක්ක වැඩකරන්න මම ආසයි. ඒත් ඉතින් එක සෘතුවක් විතරක් රස්සාවක් කරලා ජීවත්වෙන්න බැහැනේ!ඒ රස්සාවට ගියත් නැතත් මට වැඩිකල් අහස පාට කරන වැඩේ කරන්න බැරි වෙයි, මට ළඟදීම ආපහු ගමට යන්න වෙයි.මාතුර අන්තිම ටික කිව්වේ කනස්සල්ලෙන්.

මේ තමයි මට සතුටක් දැනෙන්න ඕන වේලාව!අන්ද්‍රක තමන්ටම කියාගත්තා. මේකා යන්නම යනවා නම් මට ඉහළට කරුණු කියලා ඒ රස්සාවත් මටම ගන්න පුළුවන්!ඒත් නොහිතුව විදිහට ඒ විදිහේ සතුටක් අන්ද්‍රකට දැනුණේ නැහැ. විවෘත හිනාවක් තියෙන මේ තරුණයා එක්ක ගත කළ කෙටි කාලය අන්ද්‍රකගේ ඇතුලාන්තය මෘදු කරලා තිබුණා.

ඇයි මල්ලි මෙහෙම රස්සාවක් දාලා ගමට යන්න හදන්නේ?” ඒ මෘදු බවින් මිදෙන්නේ නැතිවම අන්ද්‍රකගේ කටින් පිටවුණා.  ඒ එක්කම තමන් නෑදෑ නොවන කෙනෙකුට කවදාවත් මල්ලිනොකිව් බවත් අන්ද්‍රකට මතක් වුණා.

ඒ ළබැඳි බව දැනිලාද කොහේදෝ මාතුර නැවතුණා. අඩිපාර අයිනේ තිබුණු කණ්ඩියකට බර වුණා. මේතරම් වෙලා සතුටින් දිලිසුණු ඒ ඇස් දෙකේ කඳුළු පිරිලා තියෙනවා අන්ද්‍රක ට කළුවරේත් පෙනුණා.
මගේ ආච්චිට සනීප නැහැ අයියා. මට ඉන්නේ ආච්චි විතරයිඊට එහාට විස්තර කරන්න වචන නැතිව මාතුර ගොළු වුණා. එයාගේ අතේ තිබුණු දේදුණු-සේල ටික එයාගේ දෙපා ළඟ තාමත් දිලිසි දිලිසි තිබුණා.
අන්ද්‍රකත් මාතුර ළඟින් නැවතුණා. ජීවිතේත් වැස්ස දවස්, අව්ව දවස් එකතුවෙලා, උදේ අහසින්, හවස අහසින් පාට වෙලා, කුණාටු වලින් කැඩිලා බිඳිලා යන දෙයක් නේද කියලා එයාට හිතුණා. දේදුනු සේලයකින් වත් ඒවගේ බිඳෙන සුළු දෙයක් ලස්සන කරන්න පුළුවන් නම් කොයිතරම් දෙයක්දබැබලිලා මැකිලා ගියත් මතකයක් වත් ඉතිරි කරලා යන දෙයක්!

අපි යමු මල්ලි!කියලා අන්ද්‍රක බිම තිබුණු සේල  පොදිය කරට ගත්තා. මාතුරගේ කරට අත දාගෙන  ආයෙත් අඩි පාරට ආවා.

ඔයා ගිහින් ඔයාගේ උදේ අහසේ ලස්සන බලන්න  ආච්චිව මෙහේ එක්කගෙන එන්න, ඔයා එනකම් මම වැඩ ටික බලාගන්නම්... ඊටපස්සේ අපි එකතුවෙලා දේදුණු හදමු!අන්ද්‍රක හෙමින් සැරේ කිව්වා. මාතුර පුදුම වෙලා අන්ද්‍රක ගේ මූණ බැලුවා. කවදාවත් නැති විදිහට අන්ද්‍රකගේ ඇස් දෙකත් දිලිසෙනවා පෙනුණා. ඒ සතුටකටද කඳුළු නිසාද කියලා මාතුරට හිතාගන්න බැරිවුණා.


දෙන්නා එක්ක ඇවිදගෙන ගිය අඩි පාරේ දිගටම දේදුනු -සේල වලින් ඉහිරුණ පාට තැවරිලා තිබුණා.


May 18, 2017

සතුටුම දින

එකින් එක පෙති අමුණා
පිබිදුණු සෑම මලකම,

එකින් එක මල් පළඳා
හිනැහුණු සෑම ගසකම,

නිසැකවම ලියවී ඇත
මතක සතුටුම දිනවල!



























May 16, 2017

ආදරය පැමිණි විට









































Love arrives exactly when love is supposed to,
and love leaves exactly when love must.
When love arrives, say, “Welcome. Make yourself comfortable.”
If love leaves, ask her to leave the door open behind her.

Turn off the music, listen to the quiet, whisper, “Thank you. Thank you for stopping by.”

-A part of the poem 'When Love Arrives' by Sarah Kay


දිනමිණ, වසත් සුළඟ - 16/05/2017

May 10, 2017

තෑගි

මැයි මාසේ දෙවෙනි ඉරිදා mothers' day සමරන බව කල් ඇතිවම දැනුම් දෙන්නේ පුතාගේ ඉස්කෝලෙන්. ඒ දවසට කළින් මෙහේ අනිත් හැම ඉස්කෝලයකින්ම කරන්නා වගේ, පුතාලාගේ ඉස්කෝලෙන් පුංචි තෑගි කඩයක් දානවා. අම්මලාට දෙන්න ගැලපෙන පුංචි පුංචි තෑගි මේ කඩේ විකුණන්න තියෙනවා. එතැනින් ස්කාෆ් එකක්, මල් පෝච්චියක්, පෑන් රඳවනයක් වගේ දෙයක් ඩොලර් පහකට ගන්න පුළුවන්. මේ සල්ලි වෙන රටක තියෙන පුංචි ඉස්කෝලෙකට ආධාර කරන්න යොදාගන්නවා. ඉතින් පුතාගේ ඉස්කෝලේ ළමයි තමන්ට පුළුවන් විදිහට සල්ලි අරන් ගිහින් අම්මලාට මොනවා හරි තෑගි අරන් mothers' day එකට තෑගි දෙනවා. හැමෝටම වාසියක් වෙන වැඩක්.

පුතා මේ අවුරුද්දේ මට තෑගි  ගන්න ඩොලර් දහයක්ම ගත්තා කියලා මට කල් ඇතිව කිව්වේ බොහොම ආඩම්බරයෙන්. තාත්තාගෙන් ඩොලර් පහක් ලැබුණා කියලාත්, 'මගේ සල්ලි වලින්' ඩොලර් පහක් ගත්තා කියලාත් කිව්වා. 'මගේ සල්ලි' කියන්නේ පුතාගේ උපන්දිනයට එහෙම නෑදෑයින්ගෙන් තෑගි හම්බවෙන සල්ලි. ඒවා බොහොම පරෙස්සමට අරන් තියාගෙන ඉන්න බවත්, ලේසියකට හොල්ලන්නේ නැති බවත් මම දැනගෙන හිටියා.  ඉතින් ඉස්කෝලේ තෑගි කඩේ තිබුණේ ගිය සඳුදා. mothers' day ලබන ඉරිදා. සඳුදා ඉස්කෝලේ ඇරිලා ආව වෙලාවේ ඉඳන් පුතාගේ හිතේ කරදරයක් බව මූණෙන් පෙනුණා.

"ඇයි පැටියෝ, අද තෑගි ගත්තද?" මම ඇහුවා
"ඔව්." තනි උත්තරයක්
"සල්ලි මදි වුණාද?"
"නෑ" ආයෙත් තනි උත්තරයක්
"එහෙනම්?"
"මුකුත් නැහැ"

එහෙම කියලාත් පුතා මගේ පස්සෙන්ම එනවා. මම පිඟන් සෝදන තැන, රෙදි වනන තැන මගේ ළඟ හිටගෙන ඉන්නවා.  එහෙම කරන්නේ හිතේ කියාගන්න බැරි ප්‍රශ්නයක් තියෙද්දී කියලා මම අත්දැකීමෙන් දන්නවා. තේ එකක් හදාගෙන ඇවිත් වාඩිවෙලා මම පුතාව ළඟට අඬගහ ගත්තා.

"දැන් මට ලබන ඉරිදා වෙනකම් මගේ තෑග්ග හම්බවෙන්නේ නැද්ද?" මම හිනාවෙලා ඇහුවේ පුතාගේ හිතේ තියෙන අවුල හොයාගන්න මඟක් පාදා ගන්න. මිනිහාගේ මූණේ පුංචි හිනාවක් ඇඳුනා.

"දැන් දෙන්නත් පුළුවන්.. එක්කෝ අම්මාට දැන් දෙන්නද? මට ඉරිදා වෙනකම් ඉවසගෙන ඉන්න බැරි වෙයි කොහොමත්!" පුතා කිව්වා.

" එහෙනම් ගේන්නකෝ බලන්න"

"පුංචි ප්‍රශ්නයක් තියෙනවා හැබැයි." තෑග්ග ගේන්න යන්න ගිහින් පුතා නැවතුණා. "මම අම්මාට තෑගි  දෙකක් ගන්න හිතාගෙන හිටියේ. එකයි ගන්න ලැබුණේ. කමක් නැද්ද?" ආයෙත් අර කරදර මූණ.

"ඒකට මොකද? ඔයානේ මගේ ලොකුම තෑග්ග!" මම පුතාව ළඟට ඇදලා ගත්තා.

"අම්මා! ඉන්නකෝ පොඩ්ඩක් කතාව අහන්න!"
"ඔන්න අපේ පන්තියේ ළමයි තෑගි ගන්න යන්න පේළියක් හැදුනා. විලියම් දන්නවනේ- අර ළඟදී ඉස්කෝලෙට ආවේ- එයා පේළියෙන් අයින් වුණා. ටීචර් ඇහුවා ඇයි කියලා. එයා බිම බලාගෙන කිව්වා සල්ලි ගෙනාවේ නැහැ කියලා. ටීචර් සැරට කිව්වා සල්ලි ගෙනාවේ නැතිවුනාට කරන්න දෙයක් නැහැ- ඔයාව මට පන්තියේ තනියම තියලා යන්න බැහැ- ඔයාත් පේළියට එකතු වෙන්න කියලා. මෙච්චර කළින් දැනුම් දීලාත් සල්ලි ගේන්න බැරිවුනාද කියලාත් කිව්වා. විලියම්ගේ ඇස් දෙකේ කඳුළු පිරුණා. එයා ඒවා නොපෙනෙන්න ආයෙත් බිම බලාගත්තා. මම ඉතින් පේළියේ මගේ ළඟට එයාව අඬගහ ගත්තා. තෑගි  කඩේට යන අතරේදී මම විලියම් ගෙන් ඇහුවා සල්ලි අමතක වුණා ද කියලා. එයා ඔලුව වනලා නැහැ කිව්වා. පස්සේ හෙමින් සැරේ කිව්වා එයාගේ අම්මා කිව්වා කියලා මේ ටිකේ වියදම් වැඩියි, ඒ නිසා සල්ලි දෙන්න විදිහක් නැහැ කියලා. මට දුක හිතුනා අම්මා... මම මගේ ඩොලර් දහයෙන් පහක් එයාට දුන්නා. කමක් නැහැ නේද? එතකොට මම තෑගි  දෙකක් ගන්නවා වෙනුවට එයාට එකයි, මට එකයි. එහෙම හොඳයි නේද?" පුතා එක හුස්මට කියාගෙන ගියා.

මගේ ඇස් දෙකට කඳුළු පිරුණා. මේ පුංචි කොල්ලා ඇතුළේ ලොකු මිනිහෙක් ඉන්නවා කියලා මට හිතුණා.

"ඒ වගේ දේවල් කරන්න හිතෙන එක තමයි ඔයා මට දෙන ලොකුම තෑග්ග!"මම පුතාගේ ඔලුව අතගාලා කිව්වේ කඳුළු හංගාගෙන. කඳුළු දැක්කා නම් ඒ මට තෑගි  දෙකක් නොලැබුණු එකට දුකට කියලා පුතාට හිතෙන්නත් බැරි නැහැ! 

පුතා මට ගෙනත් තිබුණේ සුවඳ කවපු ඉටිපන්දමක් එක්ක ඉටිපන්දම් රඳවනයක්. අපි දෙන්නා එකතු වෙලා ඒ ඉටිපන්දම පත්තු කළා. ටික වෙලාවකින් මුළු ගෙදරම සුවඳ වුණා. පන්තියේදී පුතාලා අම්මලාට දෙන්න bookmarks හදලා තිබුණා. පුතා හදපු bookmark එකේ එයාම තෝරගත්තු quote එකක් තිබුණා.

 "what is done in love is done well.” – Vincent van Gogh


May 08, 2017

දුර සිට

ඉතින් එළැඹි ඇත
අතොරක් නැතිවම
වැස්ස ඉහිරෙන කාලය


කවුළුවෙන් එපිටත
රත්-තැඹිලි පත් රැස දැක
බිඳක් සිත සනසනු හැක
අළු පැහැ අහස මඟ හැර


අත ඇඟිලි දවටා
තේ බඳුන උණුහුම මත
උදුනට තවත් ලං වෙමි
දුරු වේද හද සීතල?


බොහෝ දුර ඈතක
හිරු රැස් දිලෙන නගරෙක
අහස ළඟ උඩු මහලක
නුඹ බොහෝ කරදරයෙන්
අකුරු වැකි සටහන් මැද


එවනු හැක
එක් සීත අත්ලතක්
හිසරදය නිවුමට


Autumn colours in Camberwell, Melbourne

May 03, 2017

What Lies Between Us | Nayomi Munaweera


Is it possible to write about abuse, trauma and tragedy in a lyrical, enchanting way? Is it possible to hint an unforgivable crime at the start of a book yet transport you to a place where you see the reasons behind it all towards the end? The answers are yes. At least in the latest novel by Nayomi Munaweera -‘What Lies Between Us’.

Nayomi structures the story well- beginning at the end and taking the reader on a full circle journey through the childhood of the narrator in Sri Lanka and teenage and adult years in the US. Reading a book based on Sri Lanka is close to heart, of course, but when things are described in such detail and beauty, it is very enjoyable. The childhood of Ganga- who is the main character in the story- is described so vividly and with love that one feels a pull at one’s own roots which are obviously still firmly in Sri Lankan soil. The gardens in the story with their multitudes of flowering trees, the pond and the flowering water lilies, the sparkling water from the deep well, the river that swells to a monster at monsoon times, watching the procession of the elephants en route to the Kandy Perahera all strike a familiar chord in Sri Lankan readers  worldwide.


"In the monsoon months, the gardens are a different place, the ground sodden, the pond swollen. The sky lights up in the midst of dark stormy days as if a mighty photographer is taking picturesof our little piece of earth. It isn't unusal to come upon a flash of silver and gold, a koi flapping on the wet grass, swept out of the pond by the onslaught of the rain" p. 14

Also described well in this book is the displacement and isolation that comes hand in hand with immigration. Ganga faces this in her teenage years when she migrates to the United States. The eagerness to fit in and to let go of what was familiar in order to adjust to new surroundings is again relatable. 


"On the island we were fixed in place at birth. we knew where we fit. You were this person's older sister, that person's second cousin on the father's side, that one's oldest cousin. Names would tell you everything about a person's placement in the complex familial and community matrix. the naming described you from birth to burning. 

But in America, there are no such namings; it is possible to slip and slide there. It is possible to get lost in the nameless multitudes. There are no ropes binding one, holding one to the earth." p. 98

On the surface it is the story of a young girl’s struggle and triumph in carving out a life for herself in a foreign land. However, throughout the story there are threads of cruelty and abuse, blending so finely into the tapestry of the story that it is difficult to tell them apart. Time and again, the reader glimpses the murky depths -the unfathomable deeds below the pristine and calm surface of life.

Nayomi writes about psychological isolation brilliantly in this story – one can feel the suffocating loneliness that rises up from the words. Refusal to acknowledge what is blatantly obvious is a common cultural factor in Sri Lankan relationships in particular and a part of  human nature in general. However one often overlooks the devastation that results from such ignorance- the mental rifts that never heal. Throughout Ganga’s life in this book she suffers because of the silence she experiences in the face of major trauma but then resorts to that option herself, in her adulthood.  This novel is a perfect example of how stifling memories and unfavourable experiences can cause things to blow out of proportion later on and cause irreparable damage to lives. Also, this book highlights the lack of support for mental issues in the society. How sometimes there is no help from anyone, anywhere- not even from the nearest and dearest.


"Even on perfect days, there is something under my skin. Some beast that moves below the surface. I can keep it at bay, mostly. But every now and then, it awakes and unfurls in jerky movements. It is the minotaur in the maze of my body. It wakes up and wants to be seen, wants to show its broken face that is also mine. It asks for sympathy and perhaps love". p. 250

Overall, What Lies between Us is a moving story that is full of emotion narrated in a soft but gripping manner. After a marathon reading session and finishing the book in a matter of hours I felt a deep sadness for Ganga but also elation at the chance to read such a unique book. Hats off to Nayomi Munaweera- may we be blessed to read more literary gems from you!

NAYOMI MUNAWEERA was born in Sri Lanka and grew up in Nigeria. She migrated to the United States in her early teens, and now lives in Oakland, CA. 'Island of a Thousand Mirrors' (2014) was her debut novel and it was nominated for Man Asian Literary Prize and won the Commonwealth Regional Prize for Asia in 2013. It was long listed for the International DUBLIN Literary Award and short listed for the DSC Prize for South Asian Literature. ‘What Lies Between us’ is Nayomi’s second book and was released in February, 2016. It has made it to the BBC’s list of ten best books of February and Buzzfeed’s 27 most exciting books of 2016.