දිනමිණ පුවත්පතේ බදාදා දින පළවෙන 'වසත් සුළඟ' කවි පිටුවේ 'විදෙස් කවිය' වෙනුවෙන් මම කවි පරිවර්තනය කරන්නට පටන්ගෙන දැන් අවුරුදු හයක් විතර වෙනවා. මේකට මම යොමුවෙන්නේ දිනමිණ පුවත්පතේ විශේෂාංග සංස්කාරවරියක් වන කාංචනා අමිලානි මිතුරිය හරහා. අවුරුදු ගාණක් එක දිගට හැම සතියටම පරිවර්තන කවියක් දිනමිණ ට යවන එක අභියෝගයක් වුණේ පරිවර්තනය කාර්යයට වඩා ඊට ගැලපෙන කවි හොයන්න අමාරු නිසා. පුවත්පතේ කවි පිටුව අක්‍රිය කාල වලදී ඇරෙන්න කොහොමහරි හැම සතියෙම වගේ මගේ පරිවර්තිත කවියක් පත්තරේ පළ වුණා.
මම මෙහෙම පරිවර්තනය කළ කවි වලින් තෝරාගත් ඒවා, තවත් විදෙස් කවි එක්ක එකතු කරලා සුවිශේෂ කටයුත්තකටත් යොදාගෙන තිබීම මට තවත් සතුට ගෙන දෙන ආරංචියක්. ඒ කැනඩාවේ අනුරුද්ධ වැලිගමගේ සහෘදයා ජනසන්නිවේදන හා ලේඛකත්ව පශ්චාත් ඩිප්ලෝමාව වෙනුවෙන් කළ ව්‍යාපෘතියක්.
කැනඩාවේ සවන අන්තර් ජාල ගුවන් විදුලියේ සවන කවි මිණි ආර වැඩසටහනේ 'කවියෙන් රටින් රටට' කොටස, විදෙස් කවි 50 ක් කවියන්ගේ විස්තරත්, මුල් කවි සහ පරිවර්තන recite කිරීමත් සමඟ නිර්මාණය වුණේ මේ අනුවයි. මේ කවි 50 ට මම පරිවර්තනය කළ කවි රැසක් ඇතුළත් වීම සුවිශේෂයි. පහත බ්ලොග් සටහනින් අනුරුද්ධ ඒ ව්‍යාපෘතිය ගැන විස්තර සඳහන් කරලා තිබෙනවා.