November 02, 2022

සුවිශේෂී ජීවිත


ඔබේ දරුවන්ට
සුවිශේෂී ජීවිත දිනන්න වෙහෙසීමට
උනන්දු නොකරන්න
මෙවැනි වෙහෙසීම්
අගය කළ යුතු බව පෙනුනද
ඒවා මෝඩකම් පමණි
 
ඒ වෙනුවට
සාමාන්‍ය ජීවිතයේ අපූර්ව බවත් ආශ්චර්යයත්
සොයා ගැනීමට ඔවුන්ට සහාය වන්න
ඇපල් ගෙඩියක්, පෙයාර්ස් ගෙඩියක්, තක්කාලි ගෙඩියක්
රස බැලීමේ ප්‍රීතිය පෙන්වන්න
මිනිසුන් සහ සුරතල් සතුන් මියගිය විට
හඬන හැටි කියාදෙන්න
අතක් ස්පර්ශ කළ විට දැනෙන
නොතිත් හර්ෂය පෙන්වන්න
 
ඔවුන් වෙනුවෙන් සාමාන්‍ය දේ
ජීවමාන කරවන්න
එවිට ඔවුන්ට සුවිශේෂී දේවල්
ඉබේම පහල වනවා ඇත
 
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Do not ask your children' by William Martin
දිනමිණ වසත් සුළඟ 02.11.2022

sketch- ink on paper

10 comments:

  1. 'සුවිශේෂී ජීවිත දිනන්න වෙහෙසීමට' මෙතන වචනයක් වැඩියි වගේද, මලී. අන්තිම වචන දෙකම ඕනෙද, 'දිනන්න' විතරක් තිබුනම මදිද ('to strive for extraordinary lives').

    (එක පාරට හිතුනෙ එහෙම හැබැයි ආයිත් කියවද්දි නම් ප්‍රශ්නයක් නෑ කියලා හිතුනා. strive කියන වචනෙ ඇතුලෙ achievement සහ effort දෙකම තියන නිසයි ඔයා එහෙම දාන්න ඇත්තෙ).

    ReplyDelete
    Replies
    1. Lotus- ඔයා හරි. මම මේ ගැන ටිකක් කල්පනා කළා. දිනන්න කිව්වොත් එන්නේ the act of achieving නේ not the effort leading up to it. strive වගේ වචනයකට තනි සිංහල වචනයක් නැහැ වගේ නේද? අනික ඉංග්‍රීසියෙදිත් හැම තිස්සෙම strive යෙදෙන්නේ positive දිනුමක් එක්ක මිසක් නිකම් මහන්සි වීමට ඒක යෙදෙන්නේ නැහැ නේද කියලාත් මට හිතුණා.

      Thank you for picking up these and for the feedback. Makes me 'strive' for better translations always :)

      Delete
    2. ඔව් strive වචනය තුල 'ආයාසය' කියන අදහස තියෙනවා නේද. මම strive හා thrive පටලවගන්නත් ඇති. තැන්ක් යූ මලී.

      Delete
  2. මට මතක් වුණේ 1965 දී ළඳක මහිම ෆිල්ම් එකට චිත්‍රානන්ද අබේසේකරයන් ලියූ ගීයක්,
    ආලෝකය දැක යන්න
    බාධක බිඳ ජය ගන්න
    එඩිතරකම පෙන්වන්න
    ඉවසීමේ සැනසෙන්න
    හිනැහී ජීවය සරු කර ගන්න
    https://www.youtube.com/watch?v=QCANtIrk_Cw

    ReplyDelete
    Replies
    1. ඒක නම් ලස්සනයි💖🔥🥰

      Delete
    2. මේක අහලා තිබුණේ නැහැ. ස්තූතියි නිදි!

      Delete
  3. මේ දෙකම ඉගැන්නුවොත් හොඳයි කියලයි මට නම් හිතුනෙ🤔

    චිත්‍රෙ ලස්සනයි💖👌

    ReplyDelete
    Replies
    1. දෙකම ඕනෙ කියලයි මමත් හිතන්නෙ. උඩින් 'නිදි' දාලා තියෙන සින්දුවෙනුත් ඒක කියවෙන්නෙ මම හිතන්නෙ.

      Delete
    2. නවීන්, Lotus මම සුවිශේෂී කියපු නිසා කවියා ලීව දේ ගැන වැරදි තේරුමක් ආවාද මන්දා. කවියේ තිබුණේ extraordinary කියලා. ඒකෙ තේරුම හැටිය තියෙන්නේ very unusual or remarkable.කියලා. ලබාගන්න දුෂ්කර දේවල් කියලා වෙන්නැති කවියා අදහස් කළේ. unusual කෙසේ වෙතත් remarkable දේවල් ලබාගන්න උත්සාහ කරන්න ළමයින්ට මඟ පෙන්නන එක හොඳයි තමයි.

      Delete
    3. කවියෙන් කියන්නෙ සුවිශේෂි බව ගන්න අනවශ්‍ය ලෙස උත්සාහ කරන්න එපා කියන එක වෙන්න පුලුවන්. strive කියන වචනයෙ struggle, fight යන අදහස් තියෙනවානේ. මලී යොදාගත්ත වචන හොඳයි.

      කොහොම වුනත් ජීවිතේ purpose, ambitions තියාගැනීම හා (අනවශ්‍ය ලෙස) උත්සාහ කිරීම අතර delicate balance එකක් තියෙන්නෙ.

      Delete