මුලින්ම මගේ ෆෑන් ක්ලබ් එකට පොඩි පණිවිඩයක්- මගේ නිවාඩු කාලේ අදින් ඉවරයි, ඒ නිසා තව කාලෙකට තනිකර චිත්‍ර පෝස්ට් නැහැ, මේ අන්තිම එක. ඉස්සරහට පරිවර්තන බලාපොරොත්තු වෙන්න!
All things Japanese වලට කැමති පුත්‍රයෙක් මට ඉන්නවා. ඉස්කෝලේ භාෂාවක් තෝරාගන්න අවස්ථාවක් ලැබුනාම එයාටම ඕනමයි කියලා Japanese තෝරාගෙන ඒකට දිගටම ඉහල ලකුණු ගත්තා පහුගිය ටිකේ. කිසිම අභාෂයක් නැතිව එහෙම ආසාවක් ඇතිවුණේ කොහොමද කියලා මට හිතාගන්නත් බැහැ. සමහරවිට එයා බලන ජපන් anime චිත්‍රපටි නිසාද දන්නේ නැහැ. පුතා ජපන් වචන පාඩම් කරද්දී ඉස්සර කාලෙක ඉගෙන ගත්ත වචන එක දෙක මටත් ආයෙත් මතක් වෙනවා.
කොහොම හරි, කවදා හරි ජපානේ ක්යෝටෝවලට යන්නත් ෆුජි කන්ද බලන්න යන්නත් මිනිහා මාව පොරොන්දු කරගෙන ඉන්නේ.
මේ All things Japanese වලට ආසා අයට මගෙන් තෑග්ගක්. බොහොම කෙටි වෙලාවකින් ඇන්දේ. පුතාත් අනුමත කරා හොඳ උත්සාහයක් කියලා :D