April 29, 2016

පාට


























picture drawn with MS Paint

පොපී මල් අහුරක්
කවුළුවක් අද්දර
පුංචි දේදුන්නක්
මෝසම් වසින දවසක






April 28, 2016

ඇයි අඳුරු මේ තරම්, ඔබේ කවි?


ඉතින් අඳුරු නැති ද සඳත්, බොහෝ විට?
අකුරු පැල්ලම් රහිත කඩදාසි හිස් නැති ද?

මැවූ විට එළිය, දෙවියන්
පිටුවහල් නොකළේය අඳුර

මැවුවේය ඔහු
කලුවර ලී සහ කපුටන්
ඔබේ වම් කොපුලේ උපන්ලපයත්

ඔබ අදහස් කළේ
'ඇයි ඔබ නිතරම දුකෙන්' කියා ද?

අසන්න සඳෙන්
අසන්න සඳ දැක ඇති දේ ගැන



Why Are Your Poems so Dark? | By Linda Pastan
--------------------------------------
Isn't the moon dark too,
most of the time?

And doesn't the white page
seem unfinished
without the dark stain
of alphabets?

When God demanded light,
he didn't banish darkness.

Instead he invented
ebony and crows
and that small mole
on your left cheekbone.

Or did you mean to ask
"Why are you sad so often?"

Ask the moon.
Ask what it has witnessed.




April 26, 2016

නුඹ, හැමතැන!






























රත් පැහැ පත්‍ර ගිලිහෙන
හේසල් ගහක හෙවනක
කෙලෙසද තබා මැකුණේ
මතකයක රළු කෙළවර?

පින්සල් පහර නොපෙනෙන
තනි නිල් පැහැති අහසක
කෙලෙසද දුරින් ලීවේ
නොකියූ කවක පද වැල?

ගිලිහුණු පසුත් අත්වැල
උපදින සෑම දවසක
කෙලෙසද මුදු ව මැවුණේ
හද බැඳි සෑම දසුනක?

Photo- Autumn in Olinda, VIC




April 19, 2016

හඬා බිඳකට, යන්න දෙනු මට






























When I come to the end of the road
And the sun has set for me
I want no rites in a gloom-filled room.
Why cry for a soul set free?

Miss me a little–but not too long
And not with your head bowed low.
Remember the love that we once shared,
Miss me–but let me go.

For this is a journey that we all must take
And each must go alone.
It's all a part of the Master's plan,
A step on the road to home.

When you are lonely and sick of heart
Go to the friends we know
And bury your sorrows in doing good deeds.
Miss Me–But Let me Go!

-Edgar A. Guest


දිනමිණ- වසත් සුළඟ 19/04/2016 








April 17, 2016

අළුත් ඇඳුමක්



කන්ද උඩ මේපල් ගහ
උඩඟු වී බොහොමත්
රන් පාට දිලිසෙන
අළුත් ඇඳුමක පිහිටෙන්

සිසිරය අත ළඟ බව
අමතක ම වී ගොස්

April 15, 2016

Three Questions | Lang Leav

'කෙබඳු වීද ඔහුට ප්‍රේම කිරීම?' විමසුවා ස්තුතිවන්ත බව
'මියැදී සිට සැණකින් යළි පණ ලැබීමක් සේ විය' පැවසුවෙමි

'කෙබඳු වී ද ඔහුගෙන් ප්‍රේමය ලැබීම?' විමසුවා සතුට
'නිරන්තර අඳුරෙන් මිදීමක් සේ විය' පැවසුවෙමි
'ජීවිතකාලයක නිහඬ බව බිඳීමක් සේ විය'

'කෙබඳු වී ද ඔහුව අහිමි වීම?' විමසුවා ශෝකය
දිගු නිහැඬියාවකින් පසු පැවසුවෙමි,
'ජීවිතය පුරා ලද සියලු සමුගැනීම් එකවර සිදුවුණා සේ විය'

--------------------------------

'What was it like to love him?' Asked Gratitude.
'It was like being exhumed, I answered, 'and brought to life in a flash of brilliance.'

'What was it like to be loved in return?' Asked Joy.
'It was like being seen after a perpetual darkness,' I replied.
'To be heard after a lifetime of silence.'

'What was it like to lose him?' Asked Sorrow.
There was a long pause before I responded:
'It was like hearing every goodbye ever said to me—said all at once.'

- Lang Leav




April 07, 2016

ශාරදයේ කවි

පාට මියගිය හීන 
අතුරලා එක පෙළට
මතක හිඟ නිම්නයට
පාලමක් තනන්නද?
හදවතෙන් ගලා ගිය
රුහිරු ඉහිරුණු බිමක
රත් පැහැති පතක් වී
ගසක් මුල නිදන්නද?
එළඹෙනා සිසිරයේ 
දිරා යන හදවතක
මැකී යන කවක් ගෙන
බිම් මලක ලියන්නද?



pic- stpaulslifestyle




April 05, 2016

පෙම් නොකරන්න මා වැනි අයට


Do not fall in love with people like me.
I will take you to museums, and parks, and monuments, 
and kiss you in every beautiful place, 
so that you can never go back to them without tasting me like blood in your mouth.

I will destroy you in the most beautiful way possible. 
And when I leave, you will finally understand, 
why storms are named after people.
- Caitlyn Siehl