Showing posts with label SBS Radio. Show all posts
Showing posts with label SBS Radio. Show all posts

October 14, 2024

ජාත්‍යන්තර පාසල් පුස්තකාල මාසය ගැන SBS රේඩියෝ සමඟ කතාබහක්

ඔක්තෝම්බර් මාසය ජාත්‍යන්තර පාසල් පුස්තකාල මාසයයි. හැමදේම ඩිජිටල්කරණය වූ යුගයක පාසල් පුස්තකාලත්, පොදුවේ අනෙත් පුස්තකාලත් අභාවයට යමින් ද? ඩිජිටල් තාක්ෂණය එක්කම හැදී වැඩෙන දරුවන් පොත පතින් ඈත් වෙමින් ද? මේ ගැන ඕස්ට්‍රේලියාවේ SBS ගුවන් විදුලියේ සිංහල සේවය එක්ක කතාබහ කරන්න මට ඉඩකඩ ලැබුණා.  


January 31, 2024

'කැන්ගරු දේසේ සිංහල පොත්' සමඟ 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව'

මගේ දෙවෙනි කෙටිකතා පොත - 'සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව' ගැන ඕස්ට්‍රේලියාවේ SBS ගුවන්විදුලි සේවාවේ 'කැන්ගරු දේසේ සිංහල පොත්' වැඩසටහනට කළ කතාබහයි මේ. 

මේ සඳහා මට ආරාධනය කළ SBS සේවාවේ සිංහල අංශයේ ප්‍රධානී දිල්රුක්ෂි විජේසූරිය මහත්මියටත්, පොතේ කොටස් කියවීමෙන් වැඩසටහන රසවත් කළ පූජනී ගුණසේකර සොයුරියටත් මගේ ආදර ස්තූතිය හිමි වෙනවා. 




February 07, 2022

කුඩා දරුවන් සහ පොත් කියවීම ගැන SBS ගුවන් විදුලි සාකච්ඡාව

පාසල් වයසට පෙර සිටම දරුවන් තුළ පොත් වලට ආදරය කිරීමේ පුරුද්ද ඇතිකරගැනීම ගැන ඕස්ට්‍රේලියාවේ SBS ගුවන්විදුලි සේවයේ මා සමඟ කළ කතාබහක් මේ. මීට මට ආරාධනා කළ SBS ගුවන්විදුලි සේවයේ වැඩසටහන් නිෂ්පාදිකා අතිනි අමරසිරි මහත්මිය ඇතුළු සිංහල වැඩසටහන් නිෂ්පාදන කණ්ඩායමට මගේ ස්තූතිය.


SBS Radio  07/ 02/2022