'but music only exists because the pauses exist, and sentences only exist because the blank spaces exist'- Paulo Coelho

November 01, 2022

මළගම



ප්‍රියය
මා නික්ම ගිය දිනක
මල්මාලාවෙන් සරසන්න දොර පියස
මංගල්‍යයකට මෙන්

නිවෙස් වලින් පිටතට
කැඳවාගෙන විත් මිනිසුන්
නටන්න මාවත් දිගට

මනාලියක් සේ පේවී
මරණය පැමිණි විට
මගේ දීප්තිමත්ම ඇඳුම් අන්දවා
මා පිටත් කර යවන්න

අපේ අමුත්තන්ට
හිම කිරම සහ රෝස පෙති දී
සංග්‍රහ කරන්න

සොඳුර
හඬන්නට කාරණා නැත
ජීවිත කාලයක්ම බලා උන්නෙමි
මේතරම් සුන්දරත්වයක්
මගේ හුස්ම පැහැර ගන්නා තුරු

පැමිණියෙමි
ජීවත් වූයෙමි
ජීවිතය නම් මේ තරඟය
දිනා ගත්තෙමි
එනිසාම මා නික්ම ගිය දිනක
සැමරිය යුතුය
මා මරණය

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the poem ‘Funeral’ by Rupi Kaur


Photo by Vaibhav Nagare from Unsplash

Rupi Kaur ඉන්දියානු සම්භවයක් ඇති කැනේඩියානු කිවිඳියකි. කෙටි, බරැති කවි ලියන ඈ මෙතෙක් පළ කළ කවි පොත් හැම එකක්ම රසිකයන් අතර අතිශයින් ජනප්‍රිය වී තිබෙනවා. කවියට අමතරව රේඛා චිත්‍ර ඇඳීමටත් දක්ෂ Rupi ඇගේ පොත් ඇගේම චිත්‍රවලින් හැඩගන්වා තිබීම විශේෂත්වයක්.

ලන්ඩන් කවි, නොවැම්බර් කලාපය https://londonkavi.com/#10245

3 comments:

  1. කෝ කමෙන්ට්ස්!!

    "ජීවිතය නම් මේ තරඟය දිනා ගත්තෙමි" ඒක හරි. පොඩි පොඩි තරඟම මිලියන ගානක් දිනනවනෙ. මුලින් පරාදයි කියලා හිතපු දේත් දීර්ග කාලීනව බැලුවොත් දිනලා.

    කවිය කියවන්න ඇවිල්ලා මම ෆොටෝ එකේ වලලු දිහා බලාගෙන හිටියා, කැමති පාට ටිකක්.

    ReplyDelete
    Replies
    1. කෝ කමෙන්ට්ස්!!? :D

      අපේ බ්ලොග් රසික ප්‍රජාව හරි කම්මැලි වෙලා. එක්කෝ බලලා ලෙස්සලා යනවා. එක්කෝ hibernating! මම ඉතින් publish වෙච්ච කවි, කතා යුතුකමට මෙතැන ගෙනත් අලවනවා, නැත්නම් මටම උනත් පස්සේ හොයාගන්න නැති නිසා. ඒත් ඉතින් කමෙන්ට් තිබ්බා නම් තමයි බෝනස් :)

      මේ පරිවර්තනය fb එකේ දැම්මාම එතැන කමෙන්ට්ස් වගයක් තිබුණා ජීවිතය නෙමෙයිද සැමරිය යුත්තේ, අනුන් තමන්ගේ මරණය සමරනකම් නොඉඳ කියලා. මට හිතෙන්නේ ජීවිතය සැමරුවොත් (a life well lived) මරණයත් ඉබේම සැමරෙනවා කියලා. Lotus කිව්වා වගේ ජීවිතේ පොඩි පොඩි තරඟ දිනලා කියලා තේරෙන්නේ මැදි වියට ඇවිත් හැරිලා බැලුවාම තමයි.

      මාත් ආසාම පාට - Mostly the turquoise. අත යන්නෙම ඒ පාටට! හැබැයි මම වළලු fan කෙනෙක් නම් නෙමෙයි :)

      Delete
    2. "මට හිතෙන්නේ ජීවිතය සැමරුවොත් (a life well lived) මරණයත් ඉබේම සැමරෙනවා කියලා". මාත් හිතන්නෙ ඒකමයි.

      කවියේ 'මගේ දීප්තිමත්ම ඇඳුම් අන්දවා මා පිටත් කර යවන්න, 'අපේ අමුත්තන්ට හිම කිරම සහ රෝස පෙති දී සංග්‍රහ කරන්න' වගේ යෙදුම් වලින් කියන්නෙ කවුරුත් දුක් වෙන්න එපා, මම යන්නෙ සතුටින් -ඔබත් සතුටින් ඉන්න කියන එකනෙ. එහෙම කියන්න හැමෝටම බැහැනෙ.

      මම bracelet ෆෑන් කෙනෙක්.

      Delete