මේ මගේ තාත්තාගේ තාත්තා. අපි කිව්වේ වරකාගොඩ සීයා කියලා. සීයා හරි උසයි. පුංචි කොණ්ඩයක් බැඳලා, සරම ඇඳලා මහත හම් පටියක් බැඳලායි හැමතිස්සෙම හිටියේ. අවුරුදු අනූ හයක් බොහොම නීරෝගීව හිටිය සීයා කිසිම දවසක කණ්නාඩි පාවිච්චි කළේ නැහැ. මහගෙදර ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ ඉඳන් කිසිම අමාරුවක් නැතිව සිළුමිණ පත්තරේ දැන්වීම් පිටුවල පුංචි අකුරු කියවන සීයා මට දැනුත් පේනවා වගේ. අපි අවුරුදු දාසයෙන් දාහතෙන් කණ්නාඩි දාද්දි සීයා අපිට ඔච්චමට හිනාවුණා. සීයා මට හැමදාම කිව්වේ 'මාලි' කියලා. "නෑ සීයේ, මට කියන්නේ මලී කියලානේ!" කිව්වාට කවදාවත් කණකට වත් ගත්තේ නැහැ.
ඉස්සර සීයා කෙසෙල් කැනක් කැපුවාම, වත්තේ මැන්ගුස් ඉදුනාම සීයාගේ දරුවෝ දහදෙනාගේම ගෙවල් වලට ඒවා ගිහින් දෙනවා. ඒ දේවල් බරට බරේ උස්සගෙන යන්නේ බස් එකේ. එහෙම යද්දී ඒ හැම ගෙදරකම ඉන්න පුංචි ළමයින්ට අකුරු බිස්කට් කඩදාසි උරයකුත් ගෙනියනවා. කොයි තරම් දරුවන්ගේ ගෙවල් වල ගියත්, කිසිම දවසක රැයක් නවතින්න තියා කෑම වේලක් කන්නවත් ඒ ගෙවල් වල තාවර වෙන්න සීයා කැමති වුණේ නැහැ. කොහොම හරි, කීයට හරි ගෙදරම ගියා.
සීයා බොහොම මහන්සි වෙලා සීයාගේ දරුවන්ට උගන්නලා තියෙන බව, යහමඟ පෙන්නලා තියෙන බව අපිට තේරෙන්නේ අපිත් වැඩිහිටියෝ උනාට පස්සෙයි. ඒ මහන්සිය නිසා සීයාගේ ඒ දරුවෝ දහදෙනාටම බොහොම යහපත් ජීවිත ලැබුණා. සීයා මුණුබුරු මිණිබිරියෝ රංචුවක්ම දකින්න, ඒ හැමෝගෙන්ම ආදරේ ලබන්නත් වාසනාවන්ත වුණා.
සීයා අසනීප වෙලා ඉස්පිරිතාලේ ඉන්දැද්දී පවුලේ දූ දරුවෝ, දරුවන්ගේත් දරුවෝ සෑහෙන්න පිරිසක් සීයාගේ ළඟ හිටියා. අපි ඇඳ වටේ උන්නු බව සීයාත් දැනගෙන හිටියා. අන්තිමට උඩට ගත්තු හුස්ම පල්ලෙහාට නොදාම සීයා යන්න ගිය හැටි මගේ හිතේ බොහොම පැහැදිලිව ඇඳිලා තියෙන රිදෙන මතක වලින් එකක්. මේ දෙසැම්බර් මාසෙට සීයා ගිහින් අවුරුදු විසිපහක්. අවුරුදු විසිපහක් ගියත් සමහර අය ඉතිරි කරලා යන සලකුණු මැකිලා යන්නේ නැති බවට සීයා හොඳ සාක්කියක්.
සීයා හිටියා නම්, මේ කාලේ සීයාගේ මිණිබිරියන්ගේ දරුවෝ අවුරුදු හතෙන් අටෙන් කණ්නාඩි දාන හැටි දැකලා හොඳටම හිනාවෙයි!