January 29, 2019

චෙරි චොකලට් රස ජීවිත- සටහන යේෂා ෆර්නෑන්ඩු, යං අතිරේකය

යේෂා ව මම දැනගෙන හිටියේ නැහැ. පොත එළිදක්වපු දවසේ පිරිමි කෙනෙක් 'යේෂා ට කියලා මේ පොතේ අත්සන් කරලා දෙනවාද?' කියලා ඇහුවා. මම හිතුවා ඒ ඇහුව කෙනාගේ  නම කියලා. පිරිමි කෙනෙක් යේෂා වෙන්න බැරි නිසා මම යෙෂ් කියලා අත්සන් කරලා දුන්නා.  නම වරද්දලා දුන්නත් යේෂා ගෙන් මේ අද ලැබුණු තෑග්ග! මේ හෘදයංගම විචාරයට  ස්තූතියි යේෂා! කලින් හඳුනාගෙන නොහිටි නිසා මේක තවත් අගෙයි! 

සටහන- යේෂා ෆර්නෑන්ඩු
මව්බිම 29.01.2019 යං අතිරේකය  

January 22, 2019

ස්තූතියි ඔබ සැමට!




සහස් පියවර -කෙටිම කෙටි කතා පොත එළිදක්වන උත්සවය ඉතාමත් සාර්ථක කරගන්නට උපකාරී වුණු හැමදෙනාටම මගෙන් පිදෙන ස්තූතියයි මේ. 


  • මේ කතා පොතක් හැටියට ගොනු වෙන්නට කළින් ඉඳන්ම ඒවා සමාජ මාධ්‍ය ජාලා සහ පුවත්පත් ආදියෙහි කියවා ප්‍රතිචාර දුන්, හොඳ නරක කී සැමට 
  • පොතට ගැලපෙන කතා තෝරන්නට උපකාරී කළ, කවර නිර්මාණය සහ ප්‍රවර්ධන නිර්මාණ හැම එකක්ම ඉතා ලස්සනට කර දුන් සැමට.
  • මා විදේශයක සිට භාරදුන් ප්‍රකාශන කාර්යය ඉතාම උනන්දුවෙන් සහ කාර්යක්ෂමව සිදුකර දුන් නිලන්ත ගමගේ ප්‍රමුඛ සයුර ප්‍රකාශන ආයතනයට 
  • පොත් එළිදැක්වීමේ උත්සවය සාර්ථක ලෙස සංවිධානය කරගන්නට උපදෙස් දෙමින්, නිරතුරුව මා ළඟ උන්, මා කළ යුතු වැඩ කටයුතුත් පවරාගෙන කරමින් මට ඉතාමත් සුවිශේෂී සහයෝගයක් දුන් මිතුරු කැළට සහ නෑදෑ හිතවතුන්ට 
  • පොත සහ පොත එළිදැක්වීමේ උත්සවය පිළිබඳව පූර්ව ප්‍රචාරක කටයුතු කර දුන් මාධ්‍ය 
  • ආයතන වලට සහ ඒ ආයතන හා මා සම්බන්ධ කර දුන් සැමට.
  • ජනවාරි 18 දා උත්සවයට සහභාගී වී එය ආලෝකවත් කරන්නට දායක වූ හැමදෙනාට   
  • දේශන පැවැත්වීමට මගේ ආරාධනාව භාරගෙන පැමිණ, ඉතා හරවත් දේශන කළ සුදර්ශන සමරවීර සහ සහන් කසීර වික්‍රමසිංහ සහ සභාව මෙහෙයවූ විදුර ඩයස් අභයගුණවර්ධන සහෘදයන් ට 
  • උත්සවය දා පොත් අලෙවි කටයුතු, සංග්‍රහ සහ සැරසිලි ආදියට සහාය දුන් සැමට 
  • මා වෙසෙන මෙල්බර්න් සිට මෙන්ම මේ ආරංචිය දැක ලෝකයේ සතර කොණ සිට නිරතුරුව පණිවිඩ එවමින්, සුභපැතුම් සහ දිරිගැන්වීම් එවූ ලබැඳියන් ට   

මේ හැමදෙනාට මගේ ආදරයත් ස්තුතියත් පිරිනැමේ. මේ සිහිනය සැබෑ වූයේ ඔබ සැම නිසා යි. ඉතින් ඔබත් ඒ සතුටේ නිසැක කොටස්කරුවන් ය

(එක් නමක් හෝ අතපසු වෙනු ඇතැයි බියෙන් මේ ගමනට මා හා එක් වූ බොහෝ දෙනාගේ නම්  වෙන වෙනම සඳහන් නොකළ බව ලියා තබමි)

පොත මිළදී ගත හැකි තැන ගැන අසා එවූ සැමට එය සරසවි පොත් හල් වලින් සහ kbooks.lk වෙතින් ලබාගත හැකි බව දන්වමි 


January 16, 2019

සහස් පියවර කෙටි කතා එකතුව ජනගත වීම


සහස් පියවර කෙටි කතා එකතුව ජනගත කිරීම 2019 ජනවාරි 18 දා හවස් 3ට මහවැලි කේන්ද්‍රයේදී. 



දිනමිණ 16.01.2019

January 11, 2019

සහස් පියවර පොත එළි දැක්වීමට ආරාධනා!

පොතක් ලියන්න ආසාව මතක ඇති කාලෙක ඉඳන් හිතේ තිබුණත්, ඒක හැබෑ නොවන හීන ගොඩටයි මේ වෙනකම්ම අයිති වුණේ. ඒත් දැන් ඒ හීනේ හැබෑවෙන දවස ඇවිත්.

 මගේ පළවෙනිම කෙටිකතා පොත, 'සහස් පියවර' එළි දක්වන්නේ 2019 ජනවාරි 18 සිකුරාදා, මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී හවස 3 ට. 

පිටරටක ඉඳන් නිවාඩුවකට ගිහින් ලංකාවේදී පොතක් එළිදක්වනවා කියන්නේ ලොකු අභියෝගයක්. මේ ව්‍යාපෘතියට මුල ඉඳන්ම එක එක විදිහෙන් උදවු උපකාර වුණු මගේ දුටු, නොදුටු යාලු මිත්‍රයෝ, නෑදෑයෝ සහ  පවුලේ උදවිය නොහිටියා නම් මේ පොත් හීනය තාම හීනයක්මයි. ඉතින් ඒ හැමදෙනාටම ස්තූතියි කියලා නම්  මදි.

ඉතින් 18 වෙනිදාට ලංකාවේ ඉන්නවානම්, ඒ වෙලාවට පොඩි විවේකයක් ලැබෙනවානම් 'සහස් පියවර' කෙටි කතා පොත එළිදක්වන උත්සවයට ඇවිත්, මගේ සතුට බෙදාගන්නයි මේ ආරාධනය.