July 30, 2025

පර්සි සහ පොත්

මා පොත් කියවීම ගැන
පර්සිගේ මනාපයක් නැත
ඌ මගේ පොත මත හිස තබා
කෙඳිරිගායි, දෑස් කරකවයි, කිවිසුම් අරියි

‘හිරු නැඟී ඇත, සුළඟේ සැර අඩුයි
මේ බාදිය වෙලාවයි
අසල්වැසි බල්ලන් එළිමහනේ සෙල්ලම් කරමිනි’

‘ඒත් පර්සි,’ මම කියමි
‘අදහස්! භාෂාවේ අලංකාරය!
දාර්ශනික අදහස්,
විනෝදය ගෙනෙන දේ,
සිතේ ශක්තිමත් බව සහ
එඩිතරකම උපද්දවන
සුන්දර කතන්දර …’

‘පොත්?’ පර්සි විමසයි.
‘වතාවක් මම එකක් කෑවා,
ඒ හොඳටම ඇති.
දැන් යමු’

Translation of the poem 'Percy and Books' by Mary Oliver
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Digital art




10 comments:

  1. ඒක පටන් ගන්නකොටම මට හිතුන Mary Oliver ගේ තමයි කියල. //වතාවක් මම එකක් කෑවා// HA HA

    ReplyDelete
    Replies
    1. පර්සි- වතාවක් මම එකක් කෑවා, මහා කඩදාසි රහයි! 😕

      Delete
  2. මේක නියමයි.👌

    ReplyDelete
    Replies
    1. Thank you බස්සා! කවිය පරිවර්තනය කරන්න නම් විනාඩියයි ගියේ, මට ඕන විදිහට බල්ලෙක් අඳින්න නම් සෑහෙන්න වෙලාවක් ගියා :D

      Delete
  3. අපිට ඉන්නව ඇඳට පැනල පොත් උඩ නිදාගන්න එක්කෙනෙක්

    ReplyDelete
    Replies
    1. එයා කියන්නේ 'ඔය කඩදාසි මිටි දිහා බලාගෙන ඉන්නවා වගේද නින්ද!' කියලා :D

      Delete
  4. පර්සි කියන්නේ එළුවෙක් කියල හිතුවේ

    ReplyDelete
    Replies
    1. ඔය බලු- එළු වර්ගයේ කට්ටිය 'පාවිච්චි' කරපු පොත් අපිට නිතරම ලැබෙනවා ලයිබ්‍රියට return කරලා තියෙනවා!

      Delete
  5. පිස්සු පූසෙක්නෙ මේ පර්සියා 😍.

    'He' is adorable with puppy eyes.

    ReplyDelete
    Replies
    1. බල්ලෙක් ආශ්‍රය නොකරපු කෙනෙකුට මෙහෙම ලියන්න බැහැ නේද?

      මම සෑහෙන්න නැටුවා බල්ලා ගේ පෙනුම මේ විදිහට ගන්න :D still not totally satisfied though

      Delete