July 30, 2025

පර්සි සහ පොත්

මා පොත් කියවීම ගැන
පර්සිගේ මනාපයක් නැත
ඌ මගේ පොත මත හිස තබා
කෙඳිරිගායි, දෑස් කරකවයි, කිවිසුම් අරියි

‘හිරු නැඟී ඇත, සුළඟේ සැර අඩුයි
මේ බාදිය වෙලාවයි
අසල්වැසි බල්ලන් එළිමහනේ සෙල්ලම් කරමිනි’

‘ඒත් පර්සි,’ මම කියමි
‘අදහස්! භාෂාවේ අලංකාරය!
දාර්ශනික අදහස්,
විනෝදය ගෙනෙන දේ,
සිතේ ශක්තිමත් බව සහ
එඩිතරකම උපද්දවන
සුන්දර කතන්දර …’

‘පොත්?’ පර්සි විමසයි.
‘වතාවක් මම එකක් කෑවා,
ඒ හොඳටම ඇති.
දැන් යමු’

Translation of the poem 'Percy and Books' by Mary Oliver
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Digital art




4 comments:

  1. ඒක පටන් ගන්නකොටම මට හිතුන Mary Oliver ගේ තමයි කියල. //වතාවක් මම එකක් කෑවා// HA HA

    ReplyDelete
    Replies
    1. පර්සි- වතාවක් මම එකක් කෑවා, මහා කඩදාසි රහයි! 😕

      Delete
  2. මේක නියමයි.👌

    ReplyDelete
    Replies
    1. Thank you බස්සා! කවිය පරිවර්තනය කරන්න නම් විනාඩියයි ගියේ, මට ඕන විදිහට බල්ලෙක් අඳින්න නම් සෑහෙන්න වෙලාවක් ගියා :D

      Delete