'Memories warm you up from the inside. But they also tear you apart.'- Murakami

July 06, 2024

කැළලිකාරයෝ - ලියනගේ අමරකීර්ති



කැළලිකාරයෝ (2023) - ලියනගේ අමරකීර්ති 
විදර්ශන ප්‍රකාශනයකි 


මේ ලොව හැම කෙනෙක්ම කැළලි සහිත වූවෝ වෙති. මෙයින් ඇතැම් කැළලි ඇසට පෙනෙන ඒවා වන අතර බොහෝ ඒවා එසේ පෙනෙන්නේ නැත. මෙසේ පෙනෙන නොපෙනෙන කැළලි රැසක් සහිත මිනිසුන්ගේ කතාවයි - කැළලිකාරයෝ.

මෙහි කතානායිකාව වන දීපිකා සම්ප්‍රදායට රාමු නොවූ ස්ත්‍රී චරිතකි. ඈ යෞවන වයසේ සිටම තමන්ගේ සිතැඟි මනා සේ හඳුනා, ඒවාට තම ජීවිතය හසුරුවන්නට ඉඩ දෙන්නී ය. පෙම්වතුන් වුව රැකියාව, ධනය, බලය ආදී සම්ප්‍රදායික මිනුම් දඬු වලින් මනින්නේ නැති නිසා ඇය ම ඇගේ ජීවන මඟ අනාවැකි ලැබ තිබුණු මාර්ගයෙන් වෙනස් කරගනී. පසු කාලීනව, කැළලිම සිතුවමට නඟන දරුවා ඉන් මුදවා පාඩම් වැඩ වෙත තල්ලු නොකිරීමටත්, දෛවය විසින් චක්‍රාකාර ගමනකින් පසු යළි සම්මුඛ කළ පැරණි පෙම්වතා වෙත යළි සමීප නොවීමට ත් ඇගේ මේ වෙනස් ගති හේතු වේ. එනිසාම දයාවංශ, සමින්ද, විහඟ සහ ආදිත්‍ය යන පිරිමි චරිත සමඟ ගැටෙමින් එහෙත් නොඇලෙමින් ඇය දිවි මඟ තරණය කරන්නී ය.

මෑත යුගයේ ලංකාවේ සිදුවුණු ජාතිවාදී සංසිද්ධි නිසා ද, ඊට පෙර යුගයේ යුද්ධය නිසා ද රටවැසියන් තුළ ඇතිවූ කැළලි මෙන්ම යෞවනයේ හැඟීම් හරියාකාරව තේරුම් නොගත් වැඩිහිටියන් ඒ තරුණ ජීවිත වල සදාකාලික ව ඉතිරි කළ කැළලි ද - කැළලිකාරයෝ නවකතාව අපට ගෙන හැර පායි.

කැළලිකාරයෝ නවකතාව එක හුස්මට කියවා අවසන් කිරීමට සිත් දෙන මායා බලය සහිත පොතකි.

//දෛවය කරන්නේ නොදන්නා වෙනත් ලෝකයකින් මිනිසුන් ගෙනත් අප හමුවේ තැබීම නොව, අප දන්නා කියන මිනිසුන්ම අලුත් ආකාරයකින් පෙනෙන දෘෂ්ටිකෝණ අප සඳහා විවර කිරීම. හදිසියේ වැටුණු එළියක් වන එවන් කෝණයකින් මනුෂ්‍යයෙක් දැක්කම අපිට ඔවුන් පෙනෙන්නේ ඇහැට විතරක්ම නෙමෙයි, හදවතට // 
-75 පිටුව

6 comments:

  1. කියවලාම බලමු ඉතින්

    ReplyDelete
    Replies
    1. කියවලා කියන්නකෝ කොහොමද දැනුණේ කියලා

      Delete
  2. Replies
    1. කුමුදු- හැබැයි අටවක පුත්තු වර්ගයේ ප්‍රබල නවකතාවක් නම් නෙමෙයි හොඳේ

      Delete
  3. අන්තිමට තියෙන quote එක හරිම powerful නේද.

    ReplyDelete
    Replies
    1. Lotus- ඔව් ඒක මටත් තදින්ම හිතට දැනුණා.

      Delete