July 15, 2024

නිහඬ ව පෙම් කරමි



ඔබට නිහඬ ව පෙම් කිරීමට මම තෝරාගනිමි 
ඒ, නිහඬ බව තුළ පිළිකෙව් කිරීමක් නොමැති බැවිනි

ඔබට තනිකම තුළ පෙම් කිරීමට මම තෝරාගනිමි
ඒ, තනිකමේදී මා හැර වෙන කිසිවෙකුට ඔබ අයිති නොවන බැවිනි

ඔබව දුර සිට අගය කිරීමට මම තෝරාගනිමි
ඒ, අප අතර ඇති දුර, වේදනාවෙන් මා මුවාකරන බැවිණි

සුළඟ මත මම ඔබට හාදු එවමි
ඒ, මගේ දෙතොලට වඩා සුළඟ මෘදු බැවිනි

සිහින තුළ මම ඔබව වැළඳ ගනිමි
ඒ, මගේ සිහිනවල ඔබ සදාකාලික බැවිනි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem ‘I choose to love you in silence’ by Rumi

Jalāl al-Dīn Muḥammad Rūmī 13 වන ශතවර්ෂයේ ජීවත් වූ පර්සියානු කවියෙකු සහ දාර්ශනිකයෙකි. මේ වෙද්දී ඔහුගේ කවි භාෂා විශාල ප්‍රමාණයකට පරිවර්තනය වී ඇත. ඔහුගේ මරණයෙන් පසු ශතවර්ෂ ගණනාවකට ගෙවී ඇතත්, අදටත් ඔහුගේ නිර්මාණ ලොව පුරාම ප්‍රසිද්ධ ය.

ලන්ඩන් කවි ජූලි 2024

Digital painting  

23 comments:

  1. Replies
    1. ස්තූතියි වර්ෂා!

      Delete
  2. හරිම ලස්සනයි මලී.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද!

      Delete
  3. මම නං කැමතිම මේවට. කතන්දර වලට කැමතිම නෑ.
    ඇත්තමයි. බොරු නං පාරෙ යන එකෙකුට........

    ඩෝං...........%^$%*@#$+

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? මට මතකයි කතන්දරයක් දැම්ම වෙලාවක බස්සා ඇවිත් කියලා තිබ්බා එව්වා නම් පේන්න බැහැ, කවි තමයි ආසම කියලා :D

      Delete
  4. අනේ,
    මම නම් ආසම කතන්දර වලට
    කවි මගේ හදවත බර කරනවා
    ඒයි බස්සා .....!
    කතන්දර වලට ආසා වෙනු.....!

    ReplyDelete
    Replies
    1. මෙන්න බස්සා- ඇවිත් උත්තර දෙන්න :D

      මෙහෙමයි කුමුදු මගේ ප්ලෑන් එක, එක දවසක් කවි දාලා ඔයාලගේ හිත බර කරනවා, ඊළඟ දවසේ ඉන්දියන් කතාවක් පරිවර්තනය කරලා හිත සැහැල්ලු කරවනවා.. ඇන්ඩ් සෝ ඔන්.. :D :D

      Delete
    2. Thanks..................with love

      Delete
    3. I think it was a bit of 'satire' from බස්සා.

      Delete
    4. මෙන්න නෝනේ පරිවර්තනය කරනවානම් සත්‍යජිත් රායි ගේ ඔක්කොම කෙටිකථා ටික
      Bhuto මුල්ම එකට හොඳයි
      chrome-extension://efaidnbmnnnibpcajpcglclefindmkaj/https://dn790006.ca.archive.org/0/items/the-school-for-good-and-evil-books/The%20Collected%20Short%20Stories%20by%20Ray%2C%20Satyajit.pdf

      Delete
    5. Thank you Kumudu! අනේ මට ඒ වෙබ්සයිට් එක ඊමේල් කරන්න, මේක ඇරෙන්නේ නැහැනේ. නැත්නම් පොත කියන්නකෝ, internet archive එකේ හොයාගන්න පුළුවන් වෙයි.

      Delete
    6. Lotus හරි! මෙහෙමනේ කුමුදු, බස්සා ආසම කතා වලට. බ්ලොග් එකේ කවි දැම්මාම වැටක් ගහගන්නත් බැරිව, නොදැක්කා වගේ ඉගිලිලා යන්නත් බැරිව බස්සා ඇණහිටිනවා. ඔය හිතේ අමාරුවට තමයි ඔය උඩ කමෙන්ට් එක දාලා තියෙන්නේ. :D

      Delete
    7. ඒක තමයි
      මට පස්සේ වැටහුනා
      බස්සා තරහ වුනාද මන්දා

      Delete
    8. The Collected Short Stories by Ray, Satyajit.pdf download

      Delete
    9. මොකට තරහා වෙන්නද? මම ඇත්තටම කවි වලට වඩා ඉන්දියන් කෙටිකතා වලට තමයි කැමති. ම ඒ කතා හරහා, හිත මතකයේ ඈතට ගමන් කරනවා, ඒකයි.

      කුමුදු,ලෝටස් සහ මලී හැමෝටම ස්තූතියි.

      Delete
  5. සෑහෙන්න දාර්ශනිකයි ඒ කවිය.

    ඒ ඔක්කොම ඇත්ත තමයි .. but it still hurts, isn't it.

    ReplyDelete
  6. When you say.,

    සිහින තුළ මම ඔබව වැළඳ ගනිමි
    ඒ, මගේ සිහිනවල ඔබ සදාකාලික බැවිනි//
    I felt it ❤

    ReplyDelete
    Replies
    1. When Rumi said it, I felt it too! :)

      Delete
  7. පංකාදුයි ,
    මාත් නෙරුඩා මහත්තයගේ කවියක් හරවන ගමන් ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. නෙරුඩා ගේ කවි සුවිශේෂියි! අපි එන්නම් කියවන්න.

      Delete