'You don’t get to choose if you get hurt in this world, but you do have some say in who hurts you. I like my choices.'-John Green

October 29, 2023

Anandi Gopal- Movie Review

 


Anandi Gopal (2019)

Director: Sameer Vidwans
Writer: Karan Shrikant Sharma
Stars: Bhagyashree MilindLalit PrabhakarSonia Albizuri

ආනන්දී ගෝපාල් කියන්නේ ඉන්දියාවෙන් බිහි වූ පලවෙනි බටහිර වෛද්‍ය විද්‍යා වෛද්‍යවරිය. 1865 දී උපන් ඇය ඉතාම ලාබාල වයසේදී ඇයගේ වයසට වඩා විසි වසරක් තරම් වයසින් වැඩි වැන්දඹු තරුණයෙක් සමඟ විවාහ කරනු ලබනවා. ගෝපාල් රාඕ ජෝෂි නම් ඔහුගේ රැකියාව තැපැල් කන්තෝරුවක ලිපිකාර තනතුරක්. නමුත් පොත්පත් කියවීමත් අධ්‍යාපනය ලැබීමත් ගැන ඉමහත් උනන්දුවක් දක්වන ඔහු තම ලාබාල බිරිඳ ට අධ්‍යාපනය ලබාදෙන්න වෙහෙසෙනවා. මේ යුගයේ ඉන්දියාවේ සමාජ පසුබිම ඔහුගේ මේ අරමුණට එරෙහිව බලවත් ව නැගී සිටියත් ගෝපාල් මින් පසු බාන්නේ නැහැ. 

සැමියාගේ තදබල උනන්දුවත් සහයෝගයත් නිසා ආනන්දී අධ්‍යාපනය ලැබීමටත්, ඉන් නොනැවතී වෛද්‍ය විද්‍යාව හැදෑරීමටත් යොමුවෙනවා. විවිධ බාධක මැද ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියාවේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හැදෑරීමට වාසනාව ලබන  ඇය 1886 දී නැවත ඉන්දියාවට පැමිණ එහි ප්‍රධාන රෝහලක කාන්තා වාට්ටුව භාර වෛද්‍යවරිය ලෙස පත්වීමක් ලබනවා. 

විදේශයක අධ්‍යාපනය ලැබීමටත්, බටහිර වෛද්‍ය අධ්‍යාපනය ලැබීමටත් වරම් ලද පළමු ඉන්දියානු කාන්තාව ලෙස ඉතිහාසයට එක්වෙන ආනන්දී ගෝපාල් ගැන සැකසුණු මේ චරිතාපදාන චිත්‍රපටිය අගය කළ යුතුයි. අතීත භාරතයේ ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තිබුණු විවිධ වැට කඩොලු ගැනත් තනි මිනිසෙකුගේ අධිෂ්ඨානයෙන් ඒ බාධක බිඳ ජයගැනීමට කාන්තාවකට හැකි වූ අයුරුත් මනාව ඉන් පෙන්නුම් කෙරෙනවා. 

7 comments:

  1. බලල නං නෑ. අපිත් බලන්නෙ ඉතිං හොඳට මාකටිං කරපුවා නෙ. හොඳ බයෝපික් තියේ බලපු නැති. වෙලාවක් නැති එකට වඩා අපි හොයන්නෙ බැලුව අමතක කළා ටයිප් නෙ.
    හැටි වෙන්නැති නේ.

    දවසක් හම්බුණොත් බලමු ඉතිං නේහ්

    ReplyDelete
  2. නොදත් විස්තරයක් මෙය.
    වටිනවා.
    ස්තූතිය මලී.
    ජයවේවා

    ReplyDelete
  3. බොහෝම ස්තුතියි ඒ විස්තරයට, ජය!

    ReplyDelete
  4. දැනගෙන හිටියේ නෑ තමයි ඒ ගැන
    දැන් ඉඳන් හොයන්න පටන් ගන්නවා
    Thanks මලී

    ReplyDelete
  5. ස්තූතියි හැමෝටම. බලන්න හම්බ උනොත් කොහොමද දැනුණේ කියලා කියන්නකෝ. අග හරිය ටිකක් දුක බවත් කියන්න ඕන.

    ReplyDelete