March 30, 2023

'පාවේ'- කාංචනා අනුරාධි

මම කාංචනා අනුරාධි ගේ සින්දු අහන්න ගත්තේ බොහොම මෑතක. ඇය ලොකු ප්‍රතිභාවක් වගේම දිගු ගමනක් තියෙන ගායිකාවක්. මම ටිකක් පරණ තාලේ නිසා high pitch සහ වේග රිද්ම සින්දු වලට වැඩි කැමැත්තක් නැහැ. ඒත් කාංචනා ගේ මේ අලුත් සින්දුවට නම් මගේ හිත ගියා. 

සුපුරුදු විදිහට සින්දුවක වචන තමයි මාව ඒකට ඇද බැඳ ගන්නවාද කියලා තීරණය කරන්නේ. මේ සින්දුවේ ගායනය වගේම පද රචනයත් කාංචනා අනුරාධි ගේ බව දැක්කාම මට පුදුම හිතුණා. ඒ කියන්නේ ඈ පද රචනයටත් දක්ෂයි. මේ ගීතේ සංගීතය සහ හඬ මුසුව තිලිණ බොරලැස්ස. ඒ සංගීතය හරහාත් අපට නැවුම් අත්දැකීමක් දෙන්න තිලිණ සමත් වෙලා තියෙනවා. 



Melody and Lyrics by Kanchana Anuradhi
Music composed, produced and arranged by Thilina Boralessa


සින්දුවේ මගේ හිත නැවතුණේ මේ කොටසේ

"සකිසඳේ ප්‍රේමේ 
නුඹයි මා ප්‍රාණේ 
පැටලිලා සුළඟේ.... 
එන්නෙපා ආයේ..."

හොඳ යාළුකමක් නැති කරගන්න හොඳම ක්‍රමය ඒ යාළුකම ආදරයක් බවට පෙරලෙන්න ඉඩ අරින එක කියන කියමන ඒක අහද්දී මට මතක් වුණා. 

5 comments:

  1. හ්ම්......ම්හු!😒

    ReplyDelete
    Replies
    1. මොකද බස්සා? නොට් අ ෆෑන් ඔෆ් කාංචනා ද?

      Delete
    2. ඔව්, ඒ වගේ එකක් තමයි. මගේ සංගීත රසවින්ඳනයේ අනුපිලිවෙල වෙනස් නිසා වෙන්නත් ඇති. සංගීතය, වීඩියෝවෙ දර්ශණ, අන්තිමට වචන.

      Delete
  2. Jacqueline FerreraMarch 30, 2023

    Good post aunty

    ReplyDelete