March 28, 2023

කඳු මුදුනක



 
Translation of the poem 'Afternoon On A Hill' by Edna St. Vincent Millay

මේ විසල් අහසක් යට
වඩා සතුටුම මම වෙමි
සියගණන් මල් පිරිමැද
එකක් වත් නොනෙලා යමි

වළාකුළු හා කඳුහෙල
නිහඬ දෑසින් නරඹමි
සුළඟ හා රඟදෙන්නට
ඉල්පෙන පතන දැකගමි

දුර ඈත නගරයේ එළි
දිස් වෙද්දී නික්මී යමි
මගේ දේ මේ යැයි දැන
කඳු මඬල අතහැර යමි

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Digital painting

2 comments:

  1. නදී වාසලමුදලිMarch 29, 2023

    'නොනෙලා' , 'ඉල්පෙන පතන' කියන වචන දෙක ලස්සන මදි වගේ හිතෙනවා මුල් කවිය එක්ක බලද්දී. වෙන වචන දෙකක් තිබුනා නම් හොදයි කියාත් සිතෙනවා.

    ReplyDelete
  2. මේක ලස්සනයි, මලී.

    "මගේ දේ මේ යැයි දැන-කඳු මඬල අතහැර යමි" මෙතන ලොකු තේරුමක් තියෙනවා නේද. Letting go with wisdom වගේ එකක්ද.

    මට ඉතිං ලෝකෙ තියෙන හැමදේම ඔලුවට එන නිසා මට මතක් වෙන්නෙම Some birds can't fly ෆිල්ම් එක. ඒකෙ ලෙඩ වෙලා ඉන්න මිනිපිරිය සීයා ඇවිල්ලා බලෙන්ම වගේ එක්ක යනවා සීයගෙ ගෙදරට, mountains වල ඉන්න අයට ලෙඩ හැදෙන්නෙ නෑ පිරිසිදු වාතාශ්‍රය තියෙනවා එහෙම කියලා. මට ඒකමයි මතක් වෙන්නෙ.

    ReplyDelete