ජෝන් මේ ලන්ඩන් නගරයේ කෙන්සින්ටන් නගර සභාවේ සේවකයෙක්. ඒත් එයාගේ රැකියාව සාමාන්‍යයෙන් දකින්න ලැබෙන රස්සාවක් නෙමෙයි. ඒ ප්‍රදේශයේ කාත් කවුරුවත් නොමැතිව මිය යන අයගේ පවුලේ ඥාතීන් හොයලා එයාලට මරණය ගැන දැනුම්දෙන එකයි ඔහුගේ රැකියාව. මේ කාර්යයේම දිගුවක් හැටියට ජෝන් ඒ මරණ වෙනුවෙන් අවමංගල්‍ය උත්සවත් ලැස්ති කරනවා. බොහෝ වෙලාවට ඒ අවමංගල උත්සව වල ඉන්න එකම අමුත්තා එයා විතරයි.
මේ චිත්‍රපටියේ ජෝන් තම රැකියාව අභිබවා ගිය යුතුකම් කරන්න කැපවෙන හැටි විස්තරාත්මකව පෙන්නනවා. ජෝන් එහෙම කරන්නේ ඒ කාත් කවුරුවත් නැතිව මැරුණු අය 'තමන්ගේ' උදවිය හැටියට එයා සලකන නිසායි. තනියම ජීවත්වෙන ජෝන් ගතකරන්නේ ඉතාමත්ම සරල, තරමක පාලු ජීවිතයක්. ඒ නිසාදෝ කොහෙද එයා මේ කටයුතු වෙනුවෙන් උපරිමයෙන් කැපවෙනවා.
ඒත් එක මරණයක් වෙනුවෙන් කලින්ටත් වඩා වෙහෙසිලා තොරතුරු හොයන්න ජෝන් ට සිද්ධ වෙනවා. මේ ගමනේදී ඔහු අත්දකින විශේෂ සිදුවීම් තමයි මේ චිත්‍රපටියට පාදක වෙන්නේ. Still Life කියන නම මීට හොඳින්ම ගැලපෙන්නේ ඒකෙ බොහෝ රූප රාමු නිසල වස්තු යොදාගෙන කළ චිත්‍රවලට සමාන නිසා. ඒ වගේම වචන සෙල්ලමක් එක්ක ඒ නම නිශ්චල ජීවිතයක් කියන තේරුමත් දෙනවා. ජෝන් අලුත් දේ අත්හදා බලන්නේ නැති කෙනෙක්. එහෙම දේවල් කරන්න වුණත් සිදු කරන්නේ ඉතාම ප්‍රවේසමෙන්. ඒ නිසා ඔහුත් නිශ්චල ජීවිතයක්. එක්තරා හමුවීමකදී ඒ ජීවිතය තරමක් චංචල වෙන්න සැරසුනත් ආයෙත් බොහොම ඉක්මණින් නිශ්චල වෙනවා. එහෙමයි ජීවිතේ හැටි.
බොහොම හැඟුම්බර අවසානයක් සහිත මේ චිත්‍රපටිය කලාතුරකින් දකින්න ලැබෙන තේමාවක් සහිත එකක්. ඊට හිමිවුන සම්මාන ගැන විස්තර තිබුණේ මෙහෙමයි.
Still Life was presented at the 70th Venice Film Festival , where it won the award for Best Director in the category "Orizzonti". At the Reykjavik International Film Festival, Still Life received the top award (Golden Puffin) as well as the FIPRESCI Award. It also received the Black Pearl award (the highest award) at the Abu Dhabi Film Festival for "its humanity, empathy and grace in treating grief, solitude and death"; for his performance, Eddie Marsan won the Best British Actor award at the 2014 Edinburgh International Film Festival
Directed by Uberto Pasolini
Written by Uberto Pasolini
Produced by Felix Vossen, Christopher Simon, Uberto Pasolini, Ceri Hughes
Starring Eddie Marsan
කාත් කවුරුත් නැතිව මැරෙන අයට කොහෙද හිතවතුන් මරණය බාර දෙන්න.
ReplyDeleteජෝන් කරේ හොර රස්සාවක්.
ජෝන් මලේ කාත් කවුරුත් නැතිව.
අජිත් කීර්තිපාල- කාත් කවුරුවත් නැති අයගේ හිතවතුන් හොයන්න ගිහින්, එයාලාගේ funerals පිළිවෙලට කරන්න ගිහින් නේ අන්තිමට ජෝන් ගේ රස්සාවත් නැතිවෙන්නේ වියදම් වැඩියි කියලා :D
Deleteකාත් කවුරුවත් නැතිව මැරෙන එකේ ලොකු අවුලක් මට නම් පේන්නේ නැහැ. කොහොමත් තනියම යන්න වෙන ගමනක්නේ. අනික මැරුණට පස්සේ මොකක් මොකද?
මලී, මේ චිත්‍රපටියෙ අධ්‍යක්ෂක මචන් ෆිල්ම් එක කරපු Uberto Pasoliniනෙ.
ReplyDeleteබලමු ෆිල්ම් එක බලන්න. සමහරවෙලාවට ඕනවට වඩා දුක හිතෙන ෆිල්ම්ස් බලන්න බෑ කියලා හිතෙනවා, අපිත් ස්පොන්ජ් වගේ අනිත් අයගෙ දුක උරා ගන්න ගිහින් compassion fatigue වගේ එනවා.
Lotus-
DeleteUberto Pasolini මචං ෆිල්ම් එක හදපු කෙනා බව මගේ මතකේ තිබුණේ නැහැ. thank you ඒ ඔත්තුවට. පොඩි 'අපේ' ෆීලින්ග් එකක් දැනෙනවා දැන් මිනිහා ගැන :)
//compassion fatigue// මම හිතුවා මේක මට විතරක් තියෙන දෙයක් කියලා. මම බලන්න පටන් අරන් ඉවර නොකරපු චිත්‍රපටි ගාන විස්වාස කරන්න බැරි තරම්. ඒ ඔය හේතුව නිසායි. පුතා හිනාවෙනවා අම්මා බලන ගානට වැඩියි බලන්න අරන් අත ඇරපු ගාන කියලා :)
මේක ටිකක් නම් දුකයි තමයි අන්තිම හරියේදී. ඒත් අර මුල ඉඳන්ම අඬාගෙන බලන ජාතියේ එකක් නෙමෙයි. කලබල නැතිව හෙමින් යන කතාවක්. බැලුවොත් කියන්නකෝ මොකද හිතුණේ කියලා.
මලීගෙ රෙකමන්ඩේෂන් මෙතෙක් වැරදිලා නෑ. ස්තූතියි.
ReplyDeleteඅපි බොහෝ දෙනෙකුට, ජීවිතයේ කවදාහරි තනි වෙන්න වෙනවා. ඒක එහෙම නොවෙන්නෙ නං, කලින්ම බකට් එකට පයින් ගහන්න ඕනෙ. මම හිතන්නෙ නෑ , වැඩි දෙනෙක් ඒකට කැමති වෙයි කියලා. මේ වගේ කතන්දර අපට ඒ ධර්මතාවය නැවත වටහලා දෙනවා කියලයි මට හිතෙන්නෙ. සරල ජීවිතයත්, සුළු දෙයින් සතුටු වීමත්, මූලික ආර්ථික නිදහසත් තියනවා නං මේක එච්චරම නරක නැති වෙයි.
https://www.youtube.com/watch?v=-VAiMIkNsvk
බස්සා - //අපි බොහෝ දෙනෙකුට, ජීවිතයේ කවදාහරි තනි වෙන්න වෙනවා// මේක දැනගෙන ජීවත් වෙන එක තමයි මං හිතන්නේ මෙතන රහස. //සරල ජීවිතයත්, සුළු දෙයින් සතුටු වීමත්, මූලික ආර්ථික නිදහසත් // මේ ටිකට අරකත් එකතු උනාම දරාගන්න බැරි වෙන එකක් නැහැ.
Deleteමේකත් බලලා කියන්නකෝ ඇල්ලුවද කියලා. අනිත් ඔත්තුවට thank you. බලන ලිස්ට් එකට දාගන්න ඕන.
බලනවද නැද්ද කියලා තවම කල්පනා කරන මම😪
ReplyDeleteනවීන් -ඔන්න ඔහේ බලමු :D
Delete