March 06, 2023

මගේ පළමු දේව දූතිය




අවමඟුල් දා
අපව එකා බැගින් ඈ වෙත ඔසවමින්
‘නංගී ට හාද්දක් දී සමුදෙන්න...
ඈ දැන් දේව දූතියක් ’
තාත්තා කීවේය

සුදු පැහැති කැටයම් පෙට්ටියක
සති දහයක් වයසැති, සුදුමැලි නංගී
වැතිර සිටියේ නිදා සිටි අයුරිනි
අත්තටු හෝ රිදී තරුවක් නොමැතිව
නිහඬව, නිසොල්මන් ව
මගේමයි කිව හැකි දේව දූතියක්ව සිටින්නේ
මා නැලවූ, හිනැස්සූ ඈ ම බව
අදහන්නටත් නොහැකි විය

කාලය ගතවෙද්දී
මට බොහෝ දේ පැහැදිලි විය
යුද්ධයට ගිය ඥාති සොයුරන් වෙනුවෙන්
අප ඈ වෙත යාඥා කළෙමු
බෝම්බ හා සටන් නවතන ලෙස
අප ඈ වෙත යාඥා කළෙමු

ඈ මේ හැම දෙයින් ම බේරුණා
අම්මා නිතර කීවාය

පරිවර්තනය -හෙල්මලී ගුණතිලක

1935 දී ඕස්ට්‍රේලියාවේ උපන් Katherine Gallagher, දශක හතරකටත් වඩා කාලයක් තිස්සේ ලන්ඩන්හි වෙසෙන්නීය. වැඩිහිටියන්ට මෙන්ම ළමුන්ටද කවි ලියන ඇය පොත් රැසක් ලියා ඇත. ඇගේ කවි ප්‍රංශ, ජර්මන්, ඉතාලි, රුමේනියානු භාෂාවලට පරිවර්තනය කර තිබීම විශේෂත්වයකි.

Translation of the poem 'My First Angel' by Katherine Gallagher, from the book 'Fish-Rings on Water' (1989)

ලන්ඩන් කවි - මාර්තු 2023

2 comments:

  1. "අත්තටු හෝ රිදී තරුවක් නොමැතිව නිහඬව, නිසොල්මන් ව" මේ ටික කියවද්දි දුක හිතෙනවා නේද.

    චිත්‍රය ඇන්දෙ මලීද. Did you include 'imaginary wings'.

    ReplyDelete
    Replies
    1. Lotus - ඔව් දුක හිතෙනවා නේද? ඇයි //ඈ මේ හැම දෙයින් ම බේරුණා, අම්මා නිතර කීවාය// කොටස. එයා බේරුණා අපි දුක් විඳින්න ඉතුරු වුණා.

      චිත්‍රෙ ඇන්දේ මලී නෙමෙයි :) චූටි බබෙක් angel කෙනෙක් හැටියට අඳින්න ගිහින් ඒ අදහසේ ලස්සන ගන්න බැරිවෙයි කියලා මට හිතුණා. ඒ නිසා ඒ වගේ පින්තූරයක් හොයලා මට ඕන විදිහට පොඩ්ඩක් එඩිට් කළා.

      Delete