'There is nothing like loneliness to bring you to your knees'- Thomas H. Cook, Places in the Dark

November 09, 2022

සපුෂ්පික වීම



Translation of the poem 'Flowering' by Linda Buckmaster

ගල් කුළු දෙකක් අතර
කුඩා, සුවපහසු ඉඩක් තෝරාගෙන
එය ඔබේම කරගන්න

සුළඟින්, වර්ෂාවෙන්
හුණුගල් අතර රැඳුණු
පුරාණ අතීත මතකයන්ගෙන්
මෙතැන ජීවයක් උපද්දන්න

මී මැස්සන්
මිහිරි මී පැණි වෙනුවෙන්
ඔබව යොදාගනු ඇත
ගල් කුළ
ඔබේ ස්පර්ශයෙන්
මුදු වනු ඇත 
මිහිදුමෙන් තෙතමනය උරා
ඔබ රඳවා ගනු ඇත
ඔබේ පැවැත්ම
පස නිමවනු ඇත

කුඩා මෘදු මුල් සඳහා
ගල් කුළු අතර ඉඩක්, විවරයක්
සපුෂ්පික වීමක්

මේ ජීවිතයේ
අපට හිමි,
අපට අයිති මෙපමණකි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

දිනමිණ වසත් සුළඟ - 09.11.2022
Sketch- pencil on paper

3 comments: