පොරෝනා යටට වී උණුසුම් ව
රෑ පුරාම නිදා සිටි පර්සි,
මා අවදි වන්නට සූදානම් නැති වේලාවකදී
මා ඇහැරවයි
ඌ ක්‍රියාශීලී වීමට නොඉවසිල්ලෙනි
මුලින්ම ඇවිදින්නට යාම, ඉන්ක්බිති පාතරාසය
කුස්සියේ කවුන්ටරය උඩට නැගීම
තහනම් බව දැන දැනම
ඌ එහි හිඳ සිටී
“ඔයා කොයිතරම් අපූරුද” මම කියමි
“ඔයාට මාව උවමනා වුණු වෙලාවට ඇහැරවපු එක
කොයිතරම් නුවණක්කාර ද!”
මේ ගැන බැනුමක් අසන්නට වේ යැයි
සිතමින් සිටි පර්සි ගේ දෑස
ගැඹුරින් දිලිසෙන්නට වේ
තවත් අගය කිරීම් ලබන්නට
ඌ සෝපාවට පනී
කෙඳිරිගාමින් දඟලයි
තමන්ට උවමනා දෙයක් කළ පසු
ඊට කම් නැති බව ඌට අසන්නට ලැබී ඇත
මම පර්සි ව අතගා සුරතල් කරමි
මේ ‘කමක් නැති බව’ ඌ ව උමතු කර ඇත
ඉනික්බිති අපි ඇවිදින්නට ගොස්
පාතරාසය ගනිමු
ඌ සතුටිනි
මේ පර්සි ගැන කවියකි
මඳක් කල්පනා කළහොත්
මේ කවිය පර්සි ගැන පමණක් නොවේ
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
translation of the poem 'Percy Wakes Me' by Mary Oliver
Digital art
Oooo my dear Percy again...............
ReplyDeleteLove you Percy
Kumudu- I know you love Percy :D
Delete“There’s no point asking dogs about their dreams because sleeping dogs lie.” – Michael McGirr
ReplyDelete:D :D
Deleteමේ කවිය කියවද්දි මුලින්ම හිතෙන්නේ පර්සි සුරතල් බල්ලාගේ උදෑසන වැඩ ටිකක් ගැන ලියපු සරල කවියක් කියලා. උදේ පාන්දරම අයිතිකාරයාව ඇහැරවලා ඇවිදින්න යන්න හදන එක, තහනම් කියලා දැන දැනම කුස්සියේ කවුන්ටරය උඩට නැගලා ඉන්න එක, බැනුම් අහන්න වෙනුවට “ඔයා කොයිතරම් අපූරුද” කියලා අගය කිරීමක් ලැබෙන එක—මේ හැමදේම හරිම සරලව, ලස්සනට කියලා තියෙනවා.
ReplyDeleteහැබැයි අවසානයේ “මේ කවිය පර්සි ගැන පමණක් නොවේ” කියන තැනට ආවම තමයි කවියේ ගැඹුර තේරෙන්නේ. අපි හැමෝටම තමන්ට ඕන දේවල් තියෙනවා, ඒ වෙනුවෙන් සීමා අත්හදා බලනවා, ඒකට කෙනෙක්ගෙන් පිළිගැනීමක් ලැබුණාම තවත් නිදහස් වෙනවා. ඒ නිසා පර්සිගේ පුංචි උදෑසන කතාව ඇතුළෙන් ඇත්තටම කියවෙන්නේ ආදරය, පිළිගැනීම, නිදහස සහ සතුට ගැන මිනිස් කතාවක්.
මයියා - ඔව් මේ කිවිඳියගේ කවි බැලූ බැල්මට සරල බවක් පෙන්නුවාට ඒවායේ ගැඹුරු අදහස් තියෙනවා. පරිසරය ඇසුරෙන් ඈ ජීවිතය ගැන ලස්සනට කියනවා
Delete++++++++++++++++++👌
ReplyDeleteThanks Bassa
Deleteබල්ලන් යනු ආදරයයි...
ReplyDeleteඅනිවාර්යයෙන්ම!
Deleteපර්සි ගේ පින්තුරය සෑබවින්ම අපුරුයි
ReplyDeleteThank you Harindra! පාට කීපයකින් ඇන්ද දඩි බිඩි චිත්රයක්!
Delete