September 21, 2022

සයුරෙන් ජනිත දිය බිඳු

ජීවිතය
කන්දක් නගින, බෑවුමක් බසින
තරණයක් නොවේ
කඳු මුදුනට ළඟා වූ පසු
එළඹෙන්නේ පසුබෑමත්, මියයෑමත් නොවේ

අප
සයුරෙන් ජනිත
දිය බිඳු වැනිය
මුදු වැස්සක් ලෙසින්
පොළොවෙහි විසිර
දියපාරක් වී, දොළක් වී,
අවසානයේ සවිමත් ගැඹුරැති නදියක් ලෙසින්
ස්පර්ශිත හැම දේම පෝෂණය කර
අපි නැවත සයුරු නිවහන වෙත ඇදෙමු

වියපත් වීම ගැන කියා ඇති
අලුත් මිත්‍යාවන් පිළිනොගන්න
ඔබ පසුබාමින් නොවේ
ඔබ පලක් නැති කමින් මැකී යන්නේද නොවේ
ඔබ නුවණ ඇත්තෙකි
ඔබ නදියක ගැඹුරුම, පොහොසත්ම තැනයි

ඉඳහිට ගං ඉවුරක හිඳ
ගං දිය දෙස අවධානයෙන් බලා සිටින්න
එය ඔබට ජීවිතය ගැන කියාදෙනු ඇත

පරිවර්තනය හෙල්මලී ගුණතිලක
Translation of the poem "We Are a River" by Lao Tzu

දිනමිණ 21. 09.2022 - වසත් සුළඟ
http://epaper.dinamina.lk/Home/ShareImage?Pictureid=ec1f2f41

Sketch- watercolour on paper
 

8 comments:

  1. The excellent thing is the art. What a nice one....

    ReplyDelete
    Replies
    1. Thank you Kumudu, I love painting, my latest pastime :)

      Delete
    2. ඇත්තටම ඒ චිත්‍රෙ ලස්ස්නයි මාර විදියට😍

      Delete
    3. ස්තූතියි නවීන්!

      Delete
  2. ජීවිතේ ගැන හොඳ ලස්සන අදහසක්🤓😇

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නවීන්, දිනමිණ පත්තරේ ආයෙත් කවි පිටුව යන එකත් ලොකුම සතුටක්.

      Delete
  3. "ඔබ නදියක ගැඹුරුම, පොහොසත්ම තැනයි" මේක තමයි වැදගත්ම දේ නේද. සමහරවිට අපිට අමතක වෙන්නෙත් ඒකමයි. තමන්ට ලැබිලා තියෙන ඉතාම පොඩි දේටත් කෘතවේදී වෙන්න කියන්නෙත් ඒකයි මන් හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. Lotus - ඔව්, //ජීවිතය කන්දක් නගින, බෑවුමක් බසින තරණයක් නොවේ// මේකත් හොඳ කතාවක් නේද? අපිට දකින්න අහන්න ලැබෙන්නෙම ඒකෙ විරුද්ධ පැත්ත නේ.

      Delete