September 16, 2022

තනිකම

හඳුනමි හොඳින් තනිකම
හඳුනමි පැය ගණන්, දින ගණන් තිස්සේ ඇසෙන
නිහැඬියාවේ හඬ

හඳුනමි දැනෙන පුදුමය
දින ගණන් පුරාවට
වරක් වත් කටහඬ භාවිත නොකළ බව
හැඟුණු විට

තනිකමක ආගමනය
තර්ජනයක් නොවේ මට
එක්ව යුධ බිමේ සටන් කළ
අගල් වල දිවි බේරාගත්
පැරණි මිතුරන් ය අප දෙදෙන
අපට යළි වරක් එය ම කළ හැක

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem 'Loneliness' by Tyler Knott Gregson


sketch- ink on paper





3 comments:

  1. තනිකමත් පුදුමාකාරයි🤯
    විටෙක් හදවත් දවාලයි😢
    බාහිරින් පිලිතුරු සොයයි🤕
    ඇත්ත හමුවන තෙක් දුවයි🤡 🏃‍♂

    ReplyDelete