September 01, 2022

නින්ද

තට්ටු කර මා උරයට
යහන වෙත මා
රැගෙන යා යුතුම බව
කියන්නීය, නින්ද

කියවා නිමා කර
පොතේ මේ පරිච්ජේදයත්
ඈ සමග පැමිණෙන බව
එවිට ඈට රිසි දේ ලැබෙන බව
කියන්නෙමි ඇයට මම

නොඉවසුම් ය ඇය
කරදර කරමින් මට
මගේ අවධානය ඉල්ලමිනි
මගේ පොත් ගැන
ඉරිසියාවෙන් විය යුතුය ඇය

මගේ ඔසු තේ බඳුනට
මත් බෙහෙතක් මුසු කර
නින්ද මා නතුකර ගනී

පාන්දර තුනට අවදි වෙමි
ඈ යළිත් මා තනිකර ගොසිනි
මා කියවමින් උන් පොත
විසිකර දමා ඇත බිම
විදුලි පහන නිවා දමන්නටවත්
ඈ මහන්සිවී නැති හැටි!

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක


Translation of the poem ‘Sleep’ by Ed Werstein


ලන්ඩන් කවි - සැප්තැම්බර් 2022 කලාපය https://londonkavi.com/#9599

Ed Werstein ඇමෙරිකාවේ විස්කොන්සින් ප්‍රදේශයේ වෙසෙන කවියෙකි. සාහිත්‍යයට සම්බන්ධ නැති විවිධ රැකියාවල යෙදී සිටි ඔහු කාව්‍යකරණයට යොමු වී ඇත්තේ හැට වෙනි වියේදී ය.

photo - Pixabay




6 comments:

  1. වෙනස් විදිහක කවියක්. නින්ද හා 'මම' එකිනෙකාගෙන් වෙන් කරලා පෙන්නන (disown කරන) විදිහ ලස්සනයි. "ඔහු කාව්‍යකරණයට යොමු වී ඇත්තේ හැට වෙනි වියේදී ය". එහෙනම් මම වගේ කවි ලියන්න බැරි අයටත් චාන්ස් එකක් තියෙයි වගේ... කවදා හරි ලියන්න පුලුවන් වෙයි කියලා.

    කියවද්දි තවත් දෙයක් මතක් වුනා. හොඳට නිදාගන්න ඕනෙ නම් නිදාගන්න ඇඳට ගියාම අපි එදා දවස ඇතුලත කරපු හොඳ හෝ ධනාත්මක දෙයක් ගැන විතරක් හිතන්න කියන එක (ප්‍රශ්න ගැන හිතන්නෙ නැතුව).

    ReplyDelete
    Replies
    1. Lotus- ඔව් නින්දට වෙනම personification එකක් දීලා තියෙන විදිහ නියමයි නේද? මට නම් නින්ද එක්ක තියෙන්නේ love-hate relationship එකක්. ලොකු වැඩක්, ගමනක්, ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් නින්ද පළාතේ එන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍ය දවසට උනත් නින්දට එන්න නම් නීති ගොඩයි, පොඩි එළියක් වත් පේන්න බැහැ, පොඩ්ඩක් වත් හීතල වෙන්න බැහැ, පුරුදු නැති තැන්වල නින්ද යන්නේ නැහැ වගේ දේවල්. මළ කෝලම් ඉතින්. තරහා කරගන්න බැරි නිසා ඉවසන් ඉන්නවා. :D

      //එහෙනම් මම වගේ කවි ලියන්න බැරි අයටත් චාන්ස් එකක් තියෙයි වගේ// There is still hope! :)

      Delete
  2. කාලයක් තිබුනා වැටෙනකොටම නින්ද යන.
    දැන් නම් නිදා ගන්න ටිකක් try කරන්න වෙලා
    කවිය අපූරුයි
    හරිම සරලයි

    ReplyDelete
    Replies
    1. වයස යද්දී නින්ද luxury එකක් වෙනවා නේද?

      මටත් මේ කවියට ආසා හිතුණා, වෙනස් අදහසක් නිසා

      Delete