September 09, 2022

Saudade

තිබී අහිමිවූ දෙයට මෙන්ම
කිසිදා නොතිබූ දෙයටද
ඇති වෙන ලාලස සාංකාවට
Saudade යනුවෙන් කියන බව
දැනගන්න ලැබුණි මට
එහෙත් ඒ දෙකම එකක් නොවේද?

රියෝහි කෝපි හලකදී
මගේ වීදුරුවේ මැස්සන් රොක් වී ඇත
වේටර් ගේ කමිසය
දහදියෙන් තෙත් වී පෙනේ
කුඩා නාන ඇඳුම් හෝ
දිග කොට කලිසම් ඇඳි දරුවන්
සෙල්ලම් බඩු හා තුවා
වෙරළ වෙත ඇදගෙන දුවමිනි
ඔබ උන්නා නම්
මේ හැමට කෙතරම් කැමති වනු ඇතිද!

අප කතා කරමින්
ඇත්තටම නම්
මම කතාකරද්දී
ඔබ දෙන පිළිතුර මා මවා ගනිමින්
ග්‍රීෂ්මය අපගේ දෘෂ්ඨිපථය බොඳ කරමින්

යළි වතාවක් ශෝකය එහි කුරිරුම වෙසිනි
මට ඉතිරිව ඇත්තේ
ඔබ ගැන සිතින් මවා ගත් දේ පමණි.

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
 
Translation of the poem 'Saudade' by John Freeman [1880-1929]




2 comments: