මට ජපන් anime කාටූන් බලන්න පුරුදු කළේ පුතා. එයා ඉස්සර ඒවා සැහෙන්න බලනවා විතරක් නෙමෙයි දිගට හරහට ඒවායේ heroes ලා ඇන්දාත් එක්ක. එයා නම් ඒ කාලේ බැලුවේ action වැඩි ඒවා. පුතාගෙන් පුරුදු උනාට පස්සේ මම බැලුවේ fantasy වැඩි ඒවා. ඒ අතරින් My Neighbor Totoro, Spirited Away, Howl's Moving Castle වගේ ඒවා විශේෂයි, හැබැයි මගේ ප්‍රියතම කතාව නම් Arietty. ඒක කොයිතරම් වාරයක් බලලා ඇතිද කියලා මටම මතක නැහැ, බලන හැම වාරයක්ම ඒ කතාව හරි නැවුම්.
දැන් පුතාට anime බලන්න වෙලාවක් නැහැ, ඒ වුණාට අම්මා නම් තාම බලනවා!
අද ඇන්දේ Totoro, Chibi Totoro & Soot Sprites
Mixed media painting
මම ජපන් anime බලල තියෙන්න 1 යි. ඒ spirited away. ඒ බැලුවෙත් එක ගැන ගොඩක් views තිබුන නිසා, ඇත්තටම ඒක අමුතුයි. cartoon බව අමතක වෙනවා, ඒකට කැමතිද නැද්ද කියල කියන්නත් බැහැ වගේ. ටිකක් .....නෑ හොඳටම creepy. පුදුමයි ඒක children's cartoon එකක් වීම.
ReplyDeleteකුමුදු - Arietty, කිකීස් ඩිලිවරි සර්විස් බලන්න මම කියනවට. ටොටෝරෝ උනත්.
Deleteහැබැයි සමහර ඇනිමේ වල පොඩි දරුණු වයිබ් එකක් තියෙනවා තමයි
අපේ ගෙදර පුසිට කිකී කියල නම දාල තියෙන්නේ කිකීස් ඩිලිවරි සර්විස් ඇනිමේෆිල්ම් එක නිසා . ඒක බලන්න ලස්සනයි . . මං ළඟ ෆිල්ම්ස් 50 ට වැඩිය තියෙනවා . අපේ පොඩි එවුන් හැදුනේ ඒවා බල බල .
ReplyDeleteඇත්තටම ඒක වෙනම ඇබ්බැහියක් නේද?
Deleteගෙදර කිකී කතාවේ ජිජී වගේ තනි කළු ද? ජිජී නම් මහා පණ්ඩිතයි :)
ඔව් ටිකක් . ඒ වගෙත් තමා . මේ ඉන්නේ එයා . https://kolambagamaya.blogspot.com/2020/03/blog-post_28.html
Deleteඅනේ tuxedo පූසෙක්! එයාලා මරු :D
Deleteහෙන ඉන්ටලිජන්ට් . එයාගේ භාෂාව හොඳට තේරෙනවා . එලියට යන්න ඕනේ වෙලාව . කන වෙලාව . ප්‍රා ජේ ගේ සහ ඉවාන් පව්ලුෂ ගේ හොඳ යාලුවා
Deleteකිකීස් ඩිලිවරි සර්විස්, Arietty වගේම whisper of the heart එහෙමත් නැවත බලලා රසවිඳින්න ඇහැකි ඇනිමේ.
ReplyDeleteඔව් බස්සා, ඒ කතා වල වටපිටාවේ ලස්සන වෙනම විඳින්න පුළුවන්.
DeleteAnime කම්මැලි හිතෙන්නෙ අති බහුතරය ඇස් ලොකු එකම ස්ටයිල් එකේ ආර්ට් නිසා. ඒත් හොඳ කතා තියනව
ReplyDeletePra- I think they are a bit obsessed with big eyes :D
Deleteඇත්තටම ඒ මිනිස් රූප වල පොඩි generic ගතියක් තියනවා තමයි. කතා නිසා ඒවා නොසලකන්න වෙනවා .