July 02, 2025

'ප්‍රේමයේ දහමේ හැටි'

සමහර සින්දු මට මුණගැහෙන්නේ ඒවා එළි දක්වලා අවුරුද්දක් හමාරක් ගියාම, සමහර වෙලාවට ඊටත් වැඩියි. එහෙම පස්සේ, අහම්බෙන් මුණ ගැහෙන එකෙත් විශේෂ බවක් තියෙනවා, එතකොට ඒක discovery එකක් වගේ දැනෙනවා. මේ එහෙම සින්දුවක්. 

සඳ දිය ගලා අතුරන හැටි 


Artist | Nipuna Randula
Lyrics | Neluka S Fernando
Melody & Music Director | Kapila Aparakka

(සින්දු + visual වලට මගේ වැඩි මනාපයක් නැති නිසායි සින්දුව link එකක් හැටියට දාන්නේ)



4 comments:

  1. //සින්දු + visual වලට මගේ වැඩි මනාපයක් නැති නිසා....//
    හෙහ්, හෙහ් සමහර විෂුවල් දැක්කාම සසර කළකිරෙනවා. 🤣
    ඒත් ඒ අතර හොඳ විෂුවල් ප්‍රොඩක්ෂන් තියෙන බවත් දැකලා තියනවා. සිංදුව ඇහැව්වා👌

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ බස්සා, සමහර විෂුවල් සින්දුවට කිසිම අදාළ කමක් නෑ, කවුරු හරි කෙල්ලෙක් දාලා ලෝ බජට් ප්‍රඩක්ෂන්ස්.
      හැබැයි මෑත කාලේ නම් හොඳ විෂුවල් කීපයක්ම තිබුණා තමයි

      Delete
  2. සිංදුව අහලා තිබුනෙ නෑ මලී; දැන් ඇහුවා. හරි ලස්සණ කටහඬක් තියෙන ගායකයෙක්!

    කලින් පෝස්ට් එකක මලී කියලා තිබුණා වගේ, මේ විදිහට අහද්දි වචනවලට හොඳට ෆෝකස් කරන්න පුලුවන්. මම කැමතිම කොටස “අහස පොළවට ලං නොවී ආදරේ දෙනවා.. ලොව ඇති“.

    හැබැයි මම හිතුවෙ සිංදුවට තව ටිකක් dynamics එකතු වුණා නම් හොඳයි කියලා.
    ("දුවේ නුඹ මගේ ප්‍රාණයයි" සිංදුවට හුරු බවකුත් දැනුනා මට නම්).

    ReplyDelete
    Replies
    1. Lotus- මේ ගායකයාගේ කටහඬ ටිකක් දිවුල්ගනේ ගේ කටහඬ ලඟින් යන ගතියක් තියෙනවා නේද?
      මේකේ වචන නම් යුනික් නැහැ තමයි. 'සඳ දිය' එහෙම තියෙන සින්දු ඕන තරම් නේ. හැබැයි පොඩි ආකර්ෂණයකුත් නැත්තේ නැහැ නේද? මමත් Lotus කීව කොටසට කැමතියි. ඒ වගේම මේකටත්
      //හිමි නොවන තැන් වල රැදී මේ ප්‍රේමයක් විඳවන හැටී..//
      රිදෙන දේවල් accept කිරීමක් සින්දුව පුරාම තියෙනවා නේද?

      Delete