April 22, 2024

අකමැතිම

පෙනේ නම් ඔබට මා දැන්
ඔබ කැමතිම රතු ගවුම ඇඳ
ඇවිද යන හැටි තවමත්
මල් ඉහුනු තණ බිම මැද
පාවහන් රහිතව,
ඔබ අකමැතිම විදිහට

පෙනේ නම් ඔබට මා දැන්
තවම සක්මනට යනහැටි
අප ගිය අතුරු මං වල
නවතිමින් ඉඳහිට
දොඩන්නට නාඳුනන කුක්කෙකුට,
ඔබ අකමැතිම විදිහට

පෙනේ නම් ඔබට මා දැන්
වැහි බීරමක් එනවිට
නොඉඳ උණුහුම් වී
ඔබ දුන් නිල් පොරෝනය මැද
තෙමෙන්නට යන හැටි
ඔබ අකමැතිම විදිහට

~හෙල්මලී

Digital painting

(මේක මම බොහොම ඉස්සර ලීව කවියක්. හදිසියේ ආයෙත් හම්බවෙලා recycle කරලා ගත්තා. පරණම ෆෑන්ස් ලාට මතක තිබ්බොත් කියලායි ඒ disclaimer එක. චිත්‍රය අලුත්!)




10 comments:

  1. කලින් කියෙව්වද කියලා මතක නෑ. මලී ගොඩක් ඉස්සර දාපු එකක් වෙන්න ඇති.

    ඇයි කියලා දන්නෙ නෑ -Voice Kids SL finalsවල කෝච් නදිනි එයාගෙ ටීම් එකේ බබෙක් එක්ක 'පියමන්කාර සිතැත්තී' සිංදුව කිව්වා. මම ඒක කලින් අහලා තිබ්බෙ නෑ. මම ඒක අහලා වශී වෙලා, දැන් මේ කවිය කියවලා හිතෙන්නෙම ඒ සිංදුවෙයි, මේ කවියෙයි යම් parallel ගතියක් තියෙනවා වගේ. (මම හිටපු ගමන් side tracked නිසා වැඩිය ගනන් ගන්න එපා).

    ReplyDelete
    Replies
    1. Lotus ගේ side track නිසා මම අලුත් සින්දු ඉගෙනගන්නවා! thank you ඒ ගැන කිව්වාට. ඔරිජිනල් සින්දුවට වඩා වොයිස් වර්ෂන් එක ලස්සනයි.
      මේ කවියේත් නිකම් 'පියමන්කාර සිතැත්තී' කෙනෙක් ඉන්න නිසා වෙන්නැති ඒක මතක්වුණේ :)

      Delete
  2. සැබෑ ලෝකයෙ නම් ඔහු අකමැතිම දේ කරන්නට ඔහු කැමතිම රතු ගවුමෙන් සැරසී ඔහු දුන් පොරෝනයත් යොදා ගන්නට තරම් දරුනු හිතක් ඔබට නම් කොහෙත්ම පහල වෙන්න ඉඩක් නැති බවයි මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. "You'll never know' කියලයි මම මේකට උත්තර දෙන්න ගියේ.
      ඒත් කල්පනා කරලා බැලුවාම 'ඔබ හරි' කියලා හිතුණා :D

      Delete
  3. මට තේරුම් ගන්න බැරි මේක කලෙක ලගින්ම හිටපු එක්කෙනාගෙන් කරන පලිගැනීමක්ද...එහෙමත් නැත්තං කලින් දාලා තිබ්බ සීමාවන් බිදගෙන තමන්ගේ නිදහස වෙනිවෙන් කරන ලස්සන විදීමක්ද කියලා... හූ නොව්ස්??

    ReplyDelete
    Replies
    1. පොඩි harmless rebellion එකක් මගේ හිතේ :)

      Delete
  4. පෙනේ නම් ඔබට අප
    දිග කමෙන්ටුවක් කොටනා හැටි
    ඔබ කැමතිම විදිහට
    හූම්. සහ අලි වැටවල්
    ඔබ අකමැතිම විදිහට

    ReplyDelete
    Replies
    1. ඒක නම් අමූලික ඇත්ත බස්සා! :D

      Delete
  5. අමුතු විදියට අවධානය යොමු කරගන්න කරන දේවල් වගේ.

    ReplyDelete