April 01, 2024

අනිද්‍රාව

මගේ සිරුර මට මිතුරු ව සිටි
කාලයක් මට මතක ය

නින්ද,
හොඳ බල්ලෙකු ලෙසින්
හඬ ගැසූ සැණින් ආ හැටි මතක ය

ඒ වෙද්දී
අනාගතය වෙත ඇරුණු දොර
වැසෙන්නට පටන්ගෙන තිබුණේ නැත

සීතල ඇඳ රෙදි මැද
උඩුකුරුව වැතිර සිටීම
පෙර පුහුණුවක් ලෙස දැනුණේ නැත

දැන්
මඳ ආලෝකයක් ඈතින් මතුවේ
එය පෙරදිග ඇඳුනු පැල්ලමක් මෙනි

නින්ද,
කාර්යබහුල දොස්තර කෙනෙකු සේ
අකමැත්තෙන් මෙන්
මට තම වේලාවෙන් බිඳක් වෙන්කරයි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem ‘Insomnia’ by Linda Pastan
1932දී උපන් Linda Pastan යුදෙව් පසුබිමක් සහිත ඇමෙරිකානු කිවිඳියකි. මාතෘත්වය, පවුලක් තුළ පැවැත්ම, අහිමිවීම්, වයස්ගතවීම්, මරණය වැනි දේ මාතෘකා කරගත් කවි ලින්ඩාගේ කවි අතර සුලබ ය. මේ වෙද්දී කවි පොත් පහලවක් පමණ පළ කර ඇති Linda Pastan, ඇගේ කාව්‍යකරණය වෙනුවෙන් විවිධ සම්මාන රාශියක් දිනාගෙන තිබේ.

ලන්ඩන් කවි අප්‍රේල් 2024 කලාපය
https://londonkavi.com/#22405

Digital Painting




9 comments:

  1. "නින්ද, කාර්යබහුල දොස්තර කෙනෙකු සේ අකමැත්තෙන් මෙන් මට තම වේලාවෙන් බිඳක් වෙන්කරයි" A beautiful analogy.

    'අනිද්‍රාව' කියන වචනෙ ඇත්තටම තියෙනවද, නැත්නම් මලී හදාගත්තද. මලී සාමාන්‍යයෙන් යොදා ගන්න වචන එක්ක ඒ වචනය හොඳට ගැලපෙනවා.

    ReplyDelete
    Replies
    1. Lotus- අනිද්‍රාව ඇත්තටම තියෙන බව මම හොයාගත්තේ මධුර dictionary එකෙන් :)
      ඒකට තනි වචනයක් නොතිබුණා නම් මේකේ ලස්සනත් නැතිවෙනවා නේද?

      //and sleep, reluctant as a busy doctor, gives me a little of its time// reminds one of most specialist doctors in Sri Lanka!

      Delete
  2. අලුත් අදහසක්!

    ReplyDelete
    Replies
    1. ඔව්,මේ කිවිඳිය එදිනෙදා දේවල් දිහා අලුත් විදිහට බලලා නිර්මාණ කරනවා.

      Delete
  3. මේ කවිය කියවනකොට මගේ හිතට විස්තර කරන්න බැරි සියුම් කනගාටුවක් දැනෙනවා.අපට නින්ද අහිමි උනොත් මොන තරම් අසීරුතාවයකට පත්වෙන්න හැකිද කියල හිතනකොට අපැහැදිලි සියුම් බියකුත් දැනෙනව. මම හිතන්නෙ නිදි මරන්නාට රාත්‍රිය දිගය කියන්නෙ ඒක වෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. සරත්, ඔව් නින්ද වගේ දේවල් අපි කොයිතරම් taken for grantedද කියලා තේරෙන්නේ ඒවා අහිමි වුණාම

      Delete