April 11, 2024

Rumi ගේ කවි

 


මේක පසු සටහනක් ම නෙමෙයි, acknowledgement එකක්. Rumi ගේ quote එකෙන් උපන්න සිතිවිල්ලක්. ඉස්සර එක කාලයක් මම කිසිම දෙයක් ලියන්න, පරිවර්තනය කරන්න බැරිව, කොටින්ම කියනවා නම් කිසිම නිර්මාණයක් නොකර writer's block එකකට අහුවෙලා සෑහෙන්න කාලයක් හිටියා. 

ඒ කාලේ Rumi ගේ කවි, සටහන් හොයන්න, ඒවා කියවන්න මට මඟ කිව්වා මගේ හොඳ යාලුවෙක්. එයා 'කොහොම හරි ආයෙත් ලියන්න ගන්න' කියලා මාව තල්ලු නොකර ආයෙත් ලියන එකට මටත් නොදැනී මට මඟ පෙන්නුවා. ඒ කාලේ මම Rumi ගේ නිර්මාණ දාස් ගාණක් කියවන්න ඇති. ඒ වචන බොහොම සරල, සුන්දර වගේම නැණවත් ඒවා බවත් ඒවා කියවීමම සුවපත් වීමක් කියලා ආපස්සට බලද්දී තේරෙනවා. 

සමහරුන්ට අපි වචනයෙන් ස්තූතියි කියලා නැති බව මතක් වෙන්නේ බොහොම කාලයක් ගියාට පස්සේ. හැබැයි මම එක දවසක් ස්තූති කරන්න හදද්දී එයා කිව්වා මම පස්සේ කාලෙක 'දේදුනු' කතාව ලීව දවසේ ඒ ණය ගෙවලා ඉවර කළා කියලා. 😄 
ඉතින් මේ ස්තූතිය ඒ යාළුවාට. ඒ වගේම Rumi ට. 

-digital painting

10 comments:

  1. දේදුනු සහ සුළු ප්‍රාතිහාර්‍ය දෙපාර්තමේන්තුව තමයි ඔබේ ඉහලම පැන්ටසි නිර්මාණ. දෙකම ලමා කතා පොත් දෙකක් විදිහට කරන්නත් සුදුසුයි, සිබිල් නෝන වගේ හැම පිටුවෙන පිංතූර ඇන්දොත්. දැන් AI ආර්ට් තියන නිසා ඒකෙන් සපෝට් එකක් ගන්නත් ඇහැකි වෙයි. මගේ විකාර බකුසු අදහසක් පමණයි.👌🙏💐🏃😏

    ReplyDelete
    Replies
    1. thank you බස්සා!
      ෆැන්ටසි ආරයෙන් ලියන්න මම බොහොම කැමතියි. හැබැයි ඒක හැම වෙලේම සිංහල කෙටිකතාවලට ගැලපෙන්නේ නැති බව මම දන්නවා. ඔයාලා වගේ ඒවා එන්ජෝයි කරන ෆෑන්ස් ලා වගේම ඒවාට පොඩ්ඩක් වත් ආසා නැති කට්ටිය ඉන්න බවත් මම දන්නවා. බස්සා මගේ 'පුංචි යකා' කතාව කියවලා තියෙනවද මන්දා. (සහස් පියවර පොතේ ඒක තියෙන්නේ) ඒකත් ටිකක් ෆැන්ටසි වගේ. පොත කියවපු පාඨකයෙක් මට කෙලින්ම කිව්වා අනිත් ඔක්කොම හොඳයි ඒක නම් හොඳටම අප්සෙට් කියලා :D හැබැයි එහෙමයි කියලා මගේ ෆැන්ටසි ලිවීමේ ආසාව නැති වුනෙත් නැහැ. මම හිතන්නේ මම ලියන ටයිප් ෆැන්ටසි ගැලපෙන්නේ ළමා කතාවලට. ඒත් බස්සා කීව කතා දෙක තනිකර ළමා කතා කියන්නත් බැහැනේ.
      ඇත්තටම නම් මම ඒ ෆැන්ටසි වර්ගයේ ළමා කතා සෙට් එකක් ලියමින් ඉන්නේ. චිත්‍රත් අඳිමින්! තනිකර ආතල් based නිසා වැඩේ වෙන්නේ බොහොම හිමින්. ඒ කියන්නේ චිත්‍රයක් අඳින්න හිතෙන්න ඕන, ඒකට කතාවක් ලියන්න හිතෙන්න ඕන ආදී වශයෙන්. හදිසියක් නැති නිසා හෙමින් හෙමින් ලියාගෙන ඇඳගෙන යනවා. පාට පින්තූර එක්ක අපි වගේ අප්‍රකට ලේඛකයෝ ලීව කතන්දර පොතක් පබ්ලිෂ් කරන්න කැමති පබ්ලිෂර් කෙනෙක් කවදා හරි මතු වුනොත් එහෙමයි. නැත්නම් ඒත් එහෙමයි :)

      Delete
    2. ඇත්ත, තනිකරම ලමා කතාම කියල කියන්නත් බෑ. ඒත් මේවා වල විශේෂත්වය ලමයින්ටත්, වැඩිහිටියන්ටත් වෙනස්ම ආකාරයකට රසවිඳින්න හැකි කතා වීම බව කියල මට හිතෙනවා. 👌🙏💐
      //තනිකර ආතල් based....//
      ආන්න ජංසං. ඒක තමයි වටිනම කොටස. ඒ නිසාම තමයි මෙහෙම වටිනා, අපූරු කතා ලියවෙන්නෙ.
      නැතුව පබ්ලිෂර්ලාගේ බියුරොක්‍රසි, ආර්ථික උගුල් වගේ දේවල් බැලුවාම ලමා විතරක් නෙමෙයි සමස්ථ සාහිත්‍යයම වැලළිලා මෙලහකටත්.

      Delete
  2. Rumi is an amazing poet! Great to see his poems being translated into Sinhala! Nice work, as always!

    ReplyDelete
    Replies
    1. Thank you Varsha! I feel that some are too delicate to be translated. But I will try to translate some more.

      Delete
  3. Nice translation, is it a personal experience ? ha ha

    ReplyDelete
  4. රුමි ගොඩක් ආදරේ කරන කවියෙක්. කෙටි කවි පරිවර්තනයට මුල්ම හේතුව උනේ රුමිගේ කවි. අපූරු පරිවර්තනයක් අක්කි.පොත් දෙක හොයා ගන්න ඕනි ඔයාගේ.

    ReplyDelete
    Replies
    1. රූමි ගේ කවි වලට මාත් බොහොම කැමති වුණත් වැඩිය පරිවර්තනය කරලා නැහැ. තව ටිකක් කරන්න බලන්න ඕන.
      මගේ පොත් සරසවියේ තියෙන්න ඕන :)

      Delete