April 16, 2024

The Boy, the Mole, the Fox and the Horse


මම සාමාන්‍යයෙන් motivational/උපදේශාත්මක වර්ගයේ පොත් කියවන්නේම නැහැ. ඒවායේ උපදෙස් මට සෙට් වෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒත් Charlie Mackesy ගේ The Boy, the Mole, the Fox and the Horse පොත ට නම් මට බොහොම ආසා හිතුණා. මේක සරල තීන්ත රේඛා චිත්‍ර වැඩිපුර තියෙන, වචන අඩුවෙන් තියෙන පොතක්. මේ චිත්‍රත් අදහසුත් දෙකම කතුවරයාගේ. මේ පොතේ වාක්‍යයෙන් දෙකෙන් හිතට වදින දේවල් හරි ලස්සනට කියලා තියෙනවා. ඇත්තටම නම් පොත දකින්න කලින් මේ quotes සමාජ මාධ්‍ය වල සැරිසරනවා මම දැකලා, ඒවායේ තිබුණු පොඩි හෘදයංගම ගතියක් නිසා ඒවාට ආසා හිතිලා තිබුණා. මම මේ පොත පොත් සාප්පුවකදී දැක්කේ මම වැඩකරන පුස්තකාලයට පොත් ගන්න ගිය ගමනකදී. ඉතින් ඒක අපේ පොත් එකතුවට එකතු කර ගන්න දෙසැරයක් හිතන්න නම් වුවමනා වුණේ නැහැ.





ලොකු පණ්ඩිත කතා නැතිව, පොඩි humour ගතියකුත් එක්ක තියෙන මේ පොතේ අන්තර්ගතය කියවන්න නම් යන්නේ විනාඩි දහයක් විතර. ඒත් ආයෙත් ආයෙත් කියවලා බලන්න පුළුවන් නැවුම් ගතියක් ඒ හැම පිටුවෙම තියෙනවා.

 


Charlie Mackesy ඉතාම දක්ෂ චිත්‍ර සහ මූර්ති ශිල්පියෙක්. ඔහුගේ නිර්මාණ විශාල ප්‍රමාණයක් මේ වෙද්දී ජනගත වෙලා තියෙනවා. ඒත් ඔහු කලින් පොතක් ලියලා නම් තිබිලා නැහැ. Charlie Mackesy ගේ මේ තීන්ත රේඛා චිත්‍ර සමාජ මාධ්‍ය වල දැකලා පොත් ප්‍රකාශකයෙක් ඔහුගෙන් අහලා තියෙනවා මේවා එකතු කරලා පොතක් කරමුද කියලා. 2019දී The Boy, the Mole, the Fox and the Horse පොත එළිදැක්වුණේ එහෙම. නොහිතූ විදිහට ජනප්‍රිය වුණු මේ පොත Sunday Times Bestsellers List top ten අතරේ එක දිගට සති සීයකට වඩා තිබුණා ලු. මේ පොතට Charlie Mackesyට සම්මාන රැසක් ලැබිලා තියෙනවා. ඉන්පස්සේ මේ පොත ඇසුරෙන් Charlie Mackesy සහ Matthew Freud එකතුවෙලා හැදුව කෙටි චිත්‍රපටියට 2023දී ඔස්කා සම්මානයක් ලැබිලා තියෙනවා.







"Sometimes I think you believe in me more than I do" said the boy
"You'll catch up" said the horse

සමහරවෙලාවට එහෙම අපි ගැන විශ්වාස කරන කෙනෙක් හිටියොත් ජීවිතේ බොහොම දුර යන්න පුළුවන් කියන එක ඇත්ත තමයි.

The Boy, the Mole, the Fox and the Horse | Charlie Mackesy
Penguin Random House UK (2019)

7 comments:

  1. ඕ ...ඒකනම් ගන්නම ඕන
    අපිට එද්දී තව කල් යයි නේ
    කමක් නැහැ බලාපොරොත්තුවෙන් ඉමු

    ReplyDelete
    Replies
    1. කුමුදු - ඉන්ටනෙට් එකේ තියෙනවා මේකේ මුළු පොතම වගේ. ටිකක් මහන්සි උනොත් හොයාගන්න පුළුවන් වේවි.
      යාලුවෙක් කියලා තිබ්බා ගිය පාර බුක්ෆෙයා එක පීරලා හොයාගත්තා කියලා.

      Delete
  2. "මම සාමාන්‍යයෙන් motivational/උපදේශාත්මක වර්ගයේ පොත් කියවන්නේම නැහැ. ඒවායේ උපදෙස් මට සෙට් වෙන්නේ නැති ගතියක් තියෙනවා". ඒ මොකද ඒ? මලී නිතරම කවි කතා එක්ක ඉන්න නිසා වෙන්න ඇති. මගෙ නම් ෆේවරිට් දෙයක්.

    පෝස්ට් එක කියවලා මම Charlie Mackesyගෙ quotes ටිකක් සර්ච් කරලා බැලුවා එතකොට දැක්ක එකක් තමයි- "If at first you don't succeed, have some cake". How sweet!!

    ReplyDelete
    Replies
    1. Lotus- මම quotes වලට නම් හරි කැමතියි, inspirational, motivational ඕන එකක්. ඔය මම පරිවර්තනය කරන්නෙත් ඒවානේ. ඒත් සමහර පොත් තියෙන්නේ අනේ දවස් හතෙන් දියුණු වෙන හැටි, මාස තුනෙන් අධ්‍යාත්මික සුවය වගේ ඒවා. අන්න ඒවා මට සෙට් වෙන්නේ නැත්තේ. එහෙම උපදෙස් generalise කරන්න බැහැ කියලයි මට හිතෙන්නෙම. :) මේකත් එහෙම එකක් කියලා මම මුලින් හිතාගෙන හිටියේ. බලද්දී එහෙම නැහැ, හරි ලස්සනයි. මගේ හිත වැඩියම ගියේ ඒකේ ඉරෙන් දෙකෙන් ඇඳලා තියෙන චිත්‍ර වලටද මන්දා.

      //"If at first you don't succeed, have some cake"// ඔව්, ඔව් ඕකේ mole තනිකර කේක් පිස්සෙක්. :D ඒකයි මම කිව්වේ humor ත් සහිතයි කියලා.

      Delete