March 21, 2023

The Father (2020) - Movie Review


වියපත් වෙද්දී සිරුරේත් මනසේත් ඇතිවන වෙනස්කම් අපේ පාලනයෙන් තොරයි. සිරුර දුර්වල වෙද්දී ඒ බව පැහැදිලිව පෙනෙන නිසා ඒ හා ගනුදෙනු කරන්න ලේසියි. ඒත් මනස දුර්වල වෙද්දී? 

The Father කියන්නේ දුර්වල වෙමින් යන මනසක් ඇති ඇන්තනි නම් වයෝවෘද්ධ පුද්ගලයෙක් ගැන නිර්මාණය වුනු චිත්‍රපටියක්. Dementia කියන රෝගය ගැන අපි අහලා තිබුණත් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන ඇන්තනි ගේ විශ්ෂ්ඨ රඟපෑම හරහා අපටත් එය අත්විඳින්නට මේ චිත්‍රපටයෙන් අවස්ථාව ලබා දෙනවා.

වයස්ගත වෙද්දී මුරණ්ඩු ගති පෙන්වන ඇන්තනි තමන්ගේ එදිනෙදා කටයුතු වලට දියණියගේ සහාය ප්‍රතික්ෂේප කරනවා. ඒත් dementia රෝගය නිසා ක්‍රම ක්‍රමයෙන් කම්පාව, වේදනාව, පැටලිලි සහගත බව, කෝපය වැනි ආවේග ඔහුගේ ජීවිතය ආක්‍රමණය කරන්නේ නරඹන අපවත් වියවුලට පත් කරමින්. නිරන්තරයෙන්ම සැබෑවත් මායාවත් ආතර තැනක දෝලනය වීම කෙතරම් වෙහෙසකාරීද යන බව මේ චිත්‍රපටය අපට පසක් කර දෙන අතර dementia රෝගීන් පිළිබඳව අප තුළ අලුත්  සහකම්පනයක් ඇති කරවනවා. සමස්තයක් හැටියට ගත් කල මෙය විශිෂ්ඨ චිත්‍රපටියක් හැටියට නම් කළ හැකියි.

The Father චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපාන්නේ Anthony Hopkins සහ Olivia Colman. මේ චිත්‍රපටිය නිර්දේශ වූ/ ලබාගත් සම්මාන ගැන විස්තර පහතින්. 

At the 93rd Academy Awards, Hopkins won Best Actor and Zeller and Hampton won Best Adapted Screenplay; the film received six nominations in total, including Best Picture and Best Supporting Actress (Colman). At the 78th Golden Globe Awards, the film received four nominations, including Best Motion Picture – Drama, and it received six nominations at the 74th British Academy Film Awards, winning Best Actor (Hopkins) and Best Adapted Screenplay. In addition, Hopkins and Colman were nominated for Outstanding Leading Actor and Outstanding Supporting Actress respectively at the 27th Screen Actors Guild Awards.


Directed by Florian Zeller

Screenplay by Florian Zeller, Christopher Hampton

Based on Le Père by Florian Zeller


5 comments:

  1. රුමෂාMarch 21, 2023

    අපේ ආතා ඉන්නකොට කියනවා

    නාකිත් තරිකිට තෙයි
    කාටත් ඔය ටික වෙයි

    කියලා.

    ReplyDelete
  2. මේකත් අර Hope Gap ජාතියෙ "සියඹලා" මූවි එකක්. දැක්කාම කටට කෙල උනනවා. කෑවාම "ඇයි හත්වලාමෙ මේක කෑවෙ"කියල හිතෙනවා. එතකොට යතාර්ථය අපිට කෝචෝක් කරනවා.🤔😰

    ReplyDelete
    Replies
    1. බස්සා- ඉඳහිට සියඹලා කන එකෙත් පොඩි ගතියක් තියෙනවා :D
      අපිව උඩ ඉඳන් පහළට ගෙනත් තියන්නේ ඒවා තමයි

      Delete
  3. සෝබර සුමුදු ගීයකි මේ ෆිල්ම් එක
    හීල්ලෙනව ජීවිතයේ අරුම දැක!

    ReplyDelete