February 03, 2023

'මලකැයි කියා'


මං සින්දුවලට කැමති වෙන්නේ කිරලා මැනලා, තේරුම් ව්‍යාකරණ බලලා කියන එක මං ගැන දන්නා අය හොඳට දන්නවා. ඒකට exceptions නැහැමයි කියලා මම හිතාගෙන හිටියේ. නැහැ කිව්වට නැත්තේමත් නැහැ කියලා හිතෙන වර්ගයේ සින්දුවක් හදිස්සියේ අහන්න ලැබුණා. මට අලුත් වුණාට මේ සින්දුව අවුරුදු දහයක් විතර පරණයි! ඒ තමයි කසුන් කල්හාර ගයන මලකැයි කියා සින්දුව.

මේක අහද්දී මුලින්ම වශී වුණේ කසුන්ගේ කටහඬට. කසුන්ගේ ගායනයට කොහොමත් මගේ තදබල කැමැත්තක් තියෙනවා. එයාගේ 'මීදුම් දුමාරයේ' සින්දුව එහෙම මගේ කැමති ලයිස්තුවේ උඩ හරියෙන්ම තියෙනවා. මේකේ තනුවත් සිත් ඇද ගන්නා සුළුයි. ඒත් සින්දුව අහද්දීමත් වචන නිසා තාලේ පොඩ්ඩක් එහා මෙහාද කියලාත් හිතුණා. වැඩි හොඳට පස්සේ සින්දුවේ වචන ටික search කරලා බැලුවා.

මේ සින්දුවේ පද රචනය චරිත් විජේතුංගගේ. චරිත් හදිසියේවත් කවදා හරි මේ සටහන කියෙව්වොත් no offence හොඳේ, මට නම් දැනෙන්නේ මේකේ random වචන ටිකක් එකතු කරලා වගේ. අනික ඔසු මලක් කියන එකෙන් අදහස් කළේ මොකද්ද කියන එක මට නොතේරෙන්නේ මගේ නොතේරුම් කමටද මන්දා. ඉතින් කොහොම හරි අන්තිමට සිංදුවල තේරුම් බල බල කැමති වෙමින් හිටිය මම ශබ්ද රසය විතරක් බලලා මේකට කැමති වුණා. (මැද තියෙන අර ඔපෙරා ටයිප් කෑලි ටිකත් නොතිබ්බත් හොඳයි ඉතින්)

ඔහොම කල්පනා කරමින් ඉන්දැද්දී තමයි සින්දුවේ visual එක දැක්කේ. හම්මේ ඉතින් උද්දික ප්‍රේමරත්නනේ ඒකෙ ඉන්නේ. ඒ නිසා තුනෙන් දෙකක බලය දීලා සින්දුවට කැමති වෙන්න හිත හදාගත්තා.




3 comments:

  1. සිංදුවලට කැමති/අකමැතිවීම සෑහෙන පෞද්ගලික දෙයක් කියල තමයි හිතෙන්නෙ. ඔබ මේ සිංදුවෙ දුටු සුන්දරත්වය මට දකින්න බැරි වුනා. :(

    ආර්ට් පුරවපු , කැනපි විහිදුණු දරුණු පපු ලෑලි
    මාත් දකිනවා. මේ සොසයිටියෙ හුඟක් වැඩ කෑලි
    https://www.youtube.com/watch?v=mnWIeyJQGUg

    ReplyDelete
  2. අදමයි ඇහුවෙ, ටොමියා කීවා වගේ මටත් එච්චරම සෙට් වුණේ නෑ හැබැයි

    ReplyDelete
  3. ටොමියා, නවීන් මං හිතන්නේ මම කසුන් ගේ කටහඬ නිසා biased ද කොහෙද :D

    ටොමියා සංජීව් ගේ සින්දු ගැනත් මම කලින් පෝස්ට් එකක් ලිව්වා. අමු උනාට ඒවා රහ සින්දු!
    https://hotchocolatedays.blogspot.com/2022/10/blog-post_18.html

    ReplyDelete