February 22, 2023

ඔබ සිනාසුණා පමණයි!



සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවක ලිව්වා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනාසුණා පමණයි
*


ඉතින් ඔබ දුර ගොස්
කල්පයක් ගත වී මුත්
ඒ තරුව සොයමින්
චක්‍රාවාට පීරමි
ඉබාගාතේ ඇවිදිමි

සිනාවෙන් මත් වී
දෑස අඩවන් කර
නොකී සහසක් දේ
සොය සොයා ලතවෙමි
හඬා නම මුමුනමි

බොහෝ දුර ඈතක
තරුවක්ව නැවතුණු ඔබ
සිනාසෙනවා පමණයි
මතක පිටු පෙරලමි
කවි එකින් එක ගිනිලමි


*චරිතා ප්‍රියදර්ශනී පීරිස් ගයන ගීයකින් කොටසක්

painted with watercolours and ink

4 comments:

  1. යූ බටේ ලිංක් එහෙකුත් අමුණන්ට තිව්නෙ. ලාස්සන සිංදුව 🎶!

    ReplyDelete
  2. සිංදුව හොයාගෙන ඇහුවා. මලීගෙ poetic 'extension' එක ලස්සනයි. සින්දුවක කොටසකට මේ වගේ කවි ලියන එකත් ශෝක් වැඩක්.


    "කවි එකින් එක ගිනිලමි" හපොයි! මේක තමයි අප්සෙට්.

    ReplyDelete
  3. නමියා, Lotus- ඒ සින්දුව දන්නේ නැති අය නැතිව ඇති කියලානේ මම හිතාගෙන හිටියේ. බලමුකෝ ඒකෙත් හැටි! පහතින් postscript එකක් දාන එකත් තේරුමක් නැති වැඩක් කියලායි මට හිතුනේ. ඔයගොල්ලෝ කොහොම හරි හොයාගෙන ඇහුවා නම් එච්චරයි :) මේ චිත්‍රය ඇන්දාම මට ඒ සින්දුව මතක් වුණා, එහෙමයි කවිය ආවේ.

    Lotus - //"කවි එකින් එක ගිනිලමි" හපොයි! මේක තමයි අප්සෙට්.// considering my poetic output from the past I guess it could be said that that's kind of already done! :)

    ReplyDelete
  4. චිත්‍රෙ ලස්සනයි...🤘💛

    ReplyDelete