February 19, 2023

තවත් ඉරිදාවකට යාඥාවක්




Translation of the poem 'Prayer for Another Sunday' by Sharron Crowson

වෙනස්වනසුළු හැමදේටම
ස්තූතිවන්ත වන්න
විවිධ ඍතු, සතුටින් පිරි ප්‍රභාතයන්
අඩ සඳ, රත් පැහැති හිරු

වෙනස්වනසුළු හැමදේටම
ස්තූතිවන්ත වන්න
නිහඬබව, ඇදී යන වලාකුළු
බහින්බස් වන කුරුල්ලන්, සුදු අයිරිස් මල්

වෙනස්වනසුළු හැමදේටම
ස්තූතිවන්ත වන්න
මුහුදු තීරයේ සුළං හඬ
කැපූ තණකොළ, දඟකාර ලේනුන්

වෙනස්වනසුළු හැමදේටම
ස්තූතිවන්ත වන්න
නිති ගැහෙන හදවත්
ප්‍රශ්න නඟන මනස

අප සතුව ඇත්තේ
වෙනස්වනසුළු දේ පමණි
ඒ, අපට අවශ්‍ය හැම දෙයයි
අප සැදුම්ලත් හැම දෙයයි

වෙනස්වනසුළු හැමදේටම
ස්තූතිවන්ත වන්න

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Sketch- Watercolours and ink


3 comments:

  1. නෝනා මම මේ බ්ලොග් එක කියවලා දාන කොමෙන්ට් අයිං කරනවා, ඇයි කියලා කියන්නෙත් නැති නිසා ආයේ මේකේ කොමෙන්ට් දාන්නේ නැහැ

    ReplyDelete