October 26, 2022

ඒ කුඩා සත්ත්වයා



Translation of the poem 'That Little Beast' by Mary Oliver
කවිය නම්
ඒ කුඩා සොඳුරු සත්ත්වයා
හිතුවක්කාරයෙකි

ඌ ඇපල් ප්‍රිය කළ යුතුයැයි
මා පතන වෙලාවට
ඌ ඉල්ලන්නේම රතු මස්

ඉවුරු තෙර නිස්කලංකව
ඇවිදයනු මට රිසිවිට
ඌ කැමති
ඇඳුම් උනා පනින්නයි දියඹට

සරලම වචන ගෙන
වැදගත්ම දෙයක්
කියනු මට රිසි විට
ඌ පටන්ගනී කෑ ගසන්නට
මුළු ශබ්ද කෝෂයත්
එහි සියලු රූපකත්

ස්තූති කථාවක් කර
සියල්ල පෙළගස්වා
නිමකරනු මට රිසිවිට
ඌ හිනැහෙමින්
තම බූල් පා හතරින්
කාමරය වටා නටමින්
චෝදනා කරයි මා සාහසික බවට

ඒත්,
මුවග රැඳී සිනාවෙන්
මා නුඹ ගැන සිතන විට නම්
ඌ නිහඬව වාඩිවී
කොට්ට අත නිකට යට තබාගෙන
සවන්දෙයි නිසලව

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 
දිනමිණ වසත් සුළඟ 26.10.2022 

චිත්‍රය -කවිය පරිවර්තනය කළ ගමන්ම ළඟ තිබුණු Post it කොලයක ඇන්ද මගේ හිතේ මැවුණු 'කවිය නම් සත්ත්වයා' යි 🙂

8 comments:

  1. Oooooo ......මට පුංචි යකා මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. කුමුදු- පුංචි යකා කතාව ඉපදුනෙත් මෙහෙම තමයි. අපේ බෝඩිමේ හිටියා යක්කුන්ට බය කෙල්ලෙක්. එයාට මම මේ වගේ හුරතල් පුංචි යක්කු ඇඳලා දුන්නා ඒ දවස්වල බය නැති වෙන්න :D

      Delete
  2. 'සත්ත්වයා'ගෙ ඛේට ග්‍රන්ථී ඒ වෙලාවට නොකඩවා ක්‍රියාත්මක් වෙමින්!!!

    අපේ සිතේ සාමාන්‍ය ස්වරූපය හොඳින් පෙන්වන කවියක්. 'මුවග රැඳී සිනාවෙන් නුඹ ගැන සිතන විට' අපි well grounded ඒ කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. Lotus - //'සත්ත්වයා'ගෙ ඛේට ග්‍රන්ථී ඒ වෙලාවට නොකඩවා ක්‍රියාත්මක් වෙමින්// ඒකත් මට අඳින්න තිබ්බා නේද? :D
      ඒ අන්තිම කෑල්ලට තමයි මට ආසා හිතුනෙත්!

      Delete
  3. Replies
    1. වැට under construction ද Pra Jay? :)

      Delete
  4. රූපෙ ඉන්න සතා මරු🤗😁👌

    ReplyDelete